°3°

216 84 4
                                    

" තමුන් මෝඩයා.. කිසි වැඩකට නැති කුණු ගොඩ..!" ළමුන් කෑගහන්න විය. පන්තියේ කොනක සිසුන් දෙදෙනෙක් තවත් ළමයෙක්ව දෙපැත්තන් අල්ලන් හිටියා. එකින් එක ළමයි විත් ඔහුගේ ඇගේ බලී අදින්න විය.

" තමුන් ජන්ග්කුක්ට දනගහන්න දුන්නේ ඇය් ආ? ජරා කොල්ලා..!"

තමන්ට එල්ල වෙන චෝදනා එක්ක ඔහුගේ දෑසින් කදුළු ගැලුවා.

" ඕක නවත්තනවලා..........!!!" පන්තියේ දොර ඇරගෙන ආපු කෙනෙක් කෑගැහුවා. ඔහුගේ කෑගැසීම ඇසි නැවතුන සිසුන් ඔහුව දැක තමන් කර කර හිටපු දේවල් නැවැත්තුවා. ජිමින්ව අල්ලන් හිටපු දෙන්නා ඔහුව අත ඇරියේ ඔහු බිම වටෙද්දීය්.

" ජන්ග්කුක්... මේ කොල්ලා නිසා ඔයාට දැනගහං ඉන්න උනා.. " තරුණියක් කීවා. ඇයව පසෙකට තල්ලු කල ජන්ග්කුක් ජිමින් අසලින් දනගහගත්තා. බිමට පාත් කරන් හිටපු ජිමින්ගේ මුණ උස්සල බලපු ඔහු මුනේ ඇදලා තිබ්බ ඉරි මැකුවා.

" ජන්ග්කුක්, ඔයා මොකද්ද ඔය කරන්නේ..? "

" ආයේ.. මේක වෙන්න බැ... තේරුනාද තමුසෙලට....?!!!" කෑගහපු ජන්ග්කුක් ජිමින්ව අතින් ඇදන් එලියට ගියේ හැමෝම පුදුමෙන් ඒ දිහා බලද්දීය්.

ජන්ග්කුක්ගේ වේගෙට යාගන්න බැරුව ජිමින් කකුල පැටලී පැටලී ගියා. අන්තිමට පාලු කොරිඩෝවට ආපු ජන්ග්කුක් ජිමින්ගේ අත් දෙක උඩට කරලා අල්ලන් ඔහුව බිත්තියට හේත්තු කලා.

" මට... යන්න දෙන්න.. ජ-න්ග්කු-ක්.."

" තමුන්ට මොකද්ද වෙලා තියෙන්නේ..? තමුන්ගේ ආත්මාරක්ෂාව ගැන හිතන්න බැරිද?!" ජන්ග්කුක් කෑගැහුවා.

" මට.. යන්න දෙන්න ජන්ග්කුක්.. Please..!" ජිමින් අඩන්න ගත්තා.

" ඇය් අඩන්නේ? ආ...? ඇය් අඩන්නේ....? අඩන්න එපා.. ජිමින්.. මට බය වෙන්න එපා....!" ජන්ග්කුක් තරමක් බිදුණු හඩින් කීවා. එය ඇසි ජිමින් ඔහු දෙස දෑස දල්වන් බලන් හිටියා..
එක අතකින් ඔහු ජිමින්ගේ කදුළු පිහ දාන්න විය.
" ජිමින් අහන්න.. මන්.. අහ්... මන්.... ඔයාට කැමතිය් ජිමින්.. මන් දන්නවා ඔයාට විශ්වාස කරන්න බැරුව ඇති මන් ඔයාට කරපුවා එක්ක. එත් මට අවස්ථාවක් දෙන්න...පුළුවන් නේද? "

බොගෝශිප්පො... 🍃🍁  | ʝιкσσк | [ Completed ]✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang