chap 3

92 24 9
                                    

Taehyung pov

මොකක්
මට මොළේ අමාරුවක් වත් හැදී ගෙන එනවද?
මොකක්ද මං ඒ කිව්වේ.
මං දැක්කා ඒ වෙලාවෙ මුලු hall එකේම ළමයි මං දිහා බලන් ඉන්නවා.හරි ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ.මෙච්චර කාලෙකට කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලපු නැති මම මේකොහෙවත් ඉන්න කොල්ලේක්ට boyfriend කියද්දි පුදුම වෙන එක අහන්නත් දෙයක්ද?

**************************************

Fuck

අදත් අර විකාර මිනිහගෙ දේශනාව අහන්න යන්න එපැයි.
මම kim taehyung
මගේ තාත්තා ලොකු businessman කෙනෙක්.

මට ඇත්තටම ROYAL HIGH SCHOOL එකට එන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.මට ඕන උනේ music college එකට යන්න.මොකද මං ආස singer කෙනෙක් වෙන්න නිසා.මගේ අම්මා මාව දාලා ගියේ මට අවුරුදු 10 දී accident එකකින්. මට මතකයි එයා මං පොඩි කාලෙ මට piano එක play කරන්න කියලා දුන්නා. මං හිතන්නේ මට මේ සින්දු පිස්සුව ගැහුවේ අම්මගෙන්.

තාත්තගේ උවමනාට  මේකට ආපු නිසා මං එච්චර ඉගෙන ගන්න වැඩ වලට උනන්දු උනේ නෑ.

මට මෙච්චර කල් හරි මෙහෙ ඉදියේ මගෙ යාලුවෝ නිසා වගේම basketball නිසා.Namjoon hyung මගේ සහොදරයා වගේ. ඕං දේකට මිනිහා ඉන්නවා.ඇත්තටම එයා මට හයියක්. ඇත්තටම තාත්තයි මමයි එච්චර close නෑ.මං මගේ හැම දේම කියන්නේ namjoon hyung ට තමා. ඒ වගේම එයාගෙ රහස් ඔක්කොම වගේ මම දන්නවා. ඔයලා කාටවත් කියන්නෙ නැත්තම් මං එයාගෙ රහසක් කියන්නම්.

Author : yaa!! Taehyung namjoon ඔයා ඕක readers ලට කිව්වා කියලා දැනගත්තොත් ඔයාව මරයි.

Shhh author ඔයා කට වහන් ඉන්න මට මෙයාලව sure ඔයාලා කාටවත් කියන්න එපා නැත්තම් දන්නවනේ.... namjoon hyung ට jin කියලා කෙනෙක් ගැන crush එකක් තියෙනෝ.

හරි ආයි මගේ කතාවට.....
මං එදා ගොඩක් පරක්කු වෙලා පන්තියට ගියේ

' taehyung ඇයි ඔයා පරක්කු' සර් කාරයා ඇහුවා.
'නින්ද ගියා.' මං මිනිහව ගනන් ගන්නේ නැතුව මගේ පුටුවට යද්දි මෙන්න එතන වෙනින් කොල්ලෙක්.

හැබැයි බොරු කියන්න ඕන නෑ.එයා cute. ඒත් cute කියලා මං වාඩි වෙන තැන එයාට දෙන්න ඕන නෑනෙ.

'ඒයි නැගිටිනවා තමුසේ ඉන්නෙ මගේ තැන' මං කේන්තියෙන් කිව්වා.

හෙල්ලුනේ වත් නෑ.ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන් ඉදියා. ඔහොම බලන් ඉදියොත් කොල්ලො ඇත්තමයි මං ඔයාට කැමති වේවි.

Him Where stories live. Discover now