Taehyung pov
මළා එයා අහන්නේ අර මං ගොනා වගේ කියපු දේ ගැන නේද?
දැන් ඉතින් පල් එක වහගන්නත් එක්ක මොනවාහරි කියන්න ඕන.
Taehyung මොනාහරි හිතන්න....'ආ- ආ ඒකද මං ඒක මේ ඔයාව අර කෙල්ලගෙන් බේරගන්න කිව්වේ? ඒක ගැන එච්චර හිතන්න එපා ' මං බිම බලන් කිව්වා.
Ding dong ding ding...
Bell එකත් වැදුනා.
'එන්න අපි class එකට යමු.' මං එයත් එක්ක class එක ඇතුලට ගියා. ළමයි ඔක්කොම අපි දිහා බලලා මොනාද කොදුරනවා මං දැක්කා.හැබැයි හැමෝම බලන් ඉදියේ මං දිහා නෙවේ hoseok දිහයි බලන් ඉදියේ.
ඒ මොකද?
ආ එයා මගේ shirt එක ඇදන් ඉන්න නිසාද?මං hoseok දිහා බලන් ඉදපු අය දිහා රවලා බැලුවම එයලා බිම බලාගත්තා.මං කාවවත් දැක්කේ නෑ වගේ මගෙ තැනින් වාඩි උනා.hoseok උත් මගේ පස්සෙන්ම ගිහින් වාඩි උනා.
එතනින් පස්සෙ ඉතින් දවස ඔහේ ගෙවිලා ගියා. Classes ඉවර වෙලා මං ආපහු මගෙ room එකට ගියා.
දන්නෙත් නැතුවම රෑ වෙලා. මං කෑම කාලා ආපහු මගෙ room එකට ආවා.namjoon hyung කාත් එක්කදෝ රෑට card play කරනවා කියලා මටත් එන්න කිව්වා. අනේ මට ඕවට වෙලා නෑ කියලා මං එන්න බෑ කියලා නිදා ගන්න යද්දි මට ඇහුනා අනිත් පැත්තේ room එකෙන් හිනා වෙන සද්දේ....
මං මුලින්ම ඉවසන් ඉදියා. මං ඊට පස්සේ මගේ phone එක පැත්තකින් තියලා නිදා ගන්න try කරද්දිම ආපහු අර room එකෙන් හිනා වෙන සද්ද ඇහුනා.
Fuck නිදා ගන්න මිනිස්සුන්ට නිදා ගන්න දෙන්නෙත් නෑ.මං ආපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවා.ඊට පස්සේ නින්ද යාගෙන එද්දිම කලින්ටත් වඩා ලොකු සද්දයක් ඇහුනා.
දැන් නම් මගේ ඉවසීම පැන්නා. මං මුලින් හිතුවේ යටි ගිරියෙන් කෑහැහුවත් ඒක අනිත් rooms වලට ඇහෙන්නේ නෑ කියලා.
මං නිදි මර ගාතෙන්ම අනිත් room එකේ දොරට තට්ටු කරා. අරින පාටක් නෑ. මන් ආපහු පාරක් දොරට ගැහුවා.කලින්ට වඩා හයියෙන් මේ පාරනම් කවුරුහරි දොර අරින සද්දේ අහුනා.'තමුසෙලා මේ මහ රෑ මොනාද කරන්නෙ? අනිත් මිනිස්සු නිදාගන්නේ නැද්ද?' මං පොඩ්ඩක් හයියෙන් ඒ මනුස්සයගේ මූණ දකින්නත් කලින්ම කිව්වා.

YOU ARE READING
Him
Fanfictionhoseok නැගිටින්න train එකට යන්න පරක්කු වේවි... woow මේකේද ඒ high school එක.... මේ තියෙන්නෙ ඔයාගේ room එක (මොකක් මටම කියලා කාමරයක් ! මට ගෙදරදිවත් මටම කියලා කාමරයක් තිබ්බේ නෑ) ඇයි ඒ ළමයි කෑගහන්නේ ? ආ ඒ Kim Taehyung මෙහේ වැඩ්ඩා තමා ඉතින්.කෙල්ලෝ විතරක...