Taehyung pov
'හරි ඔයාට උගන්නන්න ගන්න ඕන මොන subject එකෙන්ද?' Hoseok කන්නාඩි දෙක දාගන්න ගමන් කිව්වා. එයා කන්නාඩිත් දානවද?
'Tae... මොනාද කල්පනා කරන්නේ? ' මං හිත හිත ඉන්නවා දැකලා hoseok ඇහුවා.'ආ නෑ.ඒක නෙවෙයි අපි මුලින්ම maths වලින් ' මං වැඩ්ඩා වගේ කිව්වා.
'එහෙනම් අපි මුලින්ම එහෙනම් paper එකක් කරමු. ' මෙන්න එකපාරටම hoseok මට paper එකක් දික් කරා.
මලා.හරිනේ taehyung ඕකනෙ කරගන්න ඕන උනේ. මට maths paper එකක් තියා චක්කරේ වත් හරියට බෑ කියල hoseok දැන ගත්තොත් වස ලැජ්ජාව.ඕන දෙයක් වෙච්චාව කියලා මං paper එක අතට ගත්තා .පලවෙනි එකෙන්ම මං කා ගත්තා.පුලුවන් විදියට කරලා මං paper එක දුන්නා.
'Mm tae මං හිතන්නේ ඔයාට මට මුල ඉදන්ම උගන්න වෙයි වගේ.' Hoseok එයාගෙ පුටුව මගේ ලගට ගන්න ගමන් කිව්වා.
'කෝ මෙතන බලන්න.ඔයා මෙතන හදලා තියෙන ක්‍රමේ වැරදි...' hoseok මගෙ paper එකට එබෙන ගමන් කියවන්න ගත්තා. මං ගැන වැරදියට හිතන්න එපා ඒත් එයාගෙ කොන්ඩේ ඒක මාරම සුවදයි. Strawberry සුවදක් ආවේ. එයාගෙ කොන්ඩේ සිනිදු පාටයි.මට හිතුනෙම ඒක අල්ලන්නමයි.බැරිම තැන මං මගෙ අත එයාගෙ කොන්ඩේ උඩින් තිබ්බා.hosek ට ඒක තේරුනේ නැති පාටයි .එයා තාමත් මගේ paper එක check කරනවා. මං ඒකෙන් ප්‍රයෝජනය අරන් මගේ ඇගිලි එයාගෙ කොන්ඩේ ඇතුලෙන් යැව්වා.එයාගෙ කොන්ඩේ මං හිතුවා වගේම සිනිදුයි. එක පාරටම hoseok මං දිහා පුදුම වෙලා බැලුවා. මං ඒක ගනන් ගන්නේ නැතුව එයාගෙ ඔලුව අත ගෑවා. එයා නිකන් බලු පැටියෙක් වගේ මං දිහා ඇස් දෙක ලොකු කරන් බලන් ඉදියා.'Tae ඔයා මොනාද කරන්නේ?' Hoseok ඇහුවා.
එතකොටයි මං පියවි සිහියට ආවේ.
YOU ARE READING
Him
Fanfictionhoseok නැගිටින්න train එකට යන්න පරක්කු වේවි... woow මේකේද ඒ high school එක.... මේ තියෙන්නෙ ඔයාගේ room එක (මොකක් මටම කියලා කාමරයක් ! මට ගෙදරදිවත් මටම කියලා කාමරයක් තිබ්බේ නෑ) ඇයි ඒ ළමයි කෑගහන්නේ ? ආ ඒ Kim Taehyung මෙහේ වැඩ්ඩා තමා ඉතින්.කෙල්ලෝ විතරක...