chap 13

46 13 4
                                    

Hoseok pov

නිවාඩුවත් හිතපු නැති තරම් ඉක්මනට ගියා.උන වැඩකට කියලා උනේ මං taehyung ගේ ගෙදර ඉදපු එක තමා.

කලින් වගේම වැඩ ටික ආපහු පටන් ගත්තා. Exam එකක් තිබ්බේ නැති නිසා මට taehyung ආපහු උගන්නන්න උනේ නෑ . අනික මේ දවස් වල එයාට basketball practice නිසා එයාට කොහොමත් අමතර වෙලාවක ඉගෙන ගන්න වෙලාවක් තිබ්බේ නෑ. එකේන් උනේ මටයි taehyung ටයි එකට ඉන්න තිබ්බ කාලෙ අඩු වෙච්ච එක .

එකම class එකේ ඉදියට අපි වාඩි වෙච්ච තැන් වෙනස් කරපු නිසා මට class එකෙත් එයත් එක්ක හරියට කතා කරන්න උනේ නෑ.

I miss him.....

'ඒ hoseok මොකද කරන්නෙ මෙතන තනියම?' Jimin මං ඔහේ කල්පනා කරන එක දැකල ඇහුවා.

'මං මේ හිතු-' මට වාක්‍යෙ ඉවර කරන්න හම්බ උනේ නෑ එක පාරටම ළමයෙක් ඇවිත්

'Jennie Kim Jennie ආපහු ඇවිත්!!'කියලා මුලු පන්තියටම ඇහෙන්න කිව්වා

එයාගෙ වෙලාව හොදයි මොකද ඒක free period එකක් නිසා.

'Jennie එයා ඇවිත්ද? දැන් තමා හොද හොද ඒවා වෙන්නේ.' Jimin එහෙම කියද්දි....

'Jennie ? කව්ද jennie කියන්නේ?' මං ඇහුවා.

'ආ හරිනේ ඔයා අලුතින්නේ ආවේ. Jennie කියන්නෙ Kim Taehyung ගේ girlfriend '

**************************************

Taehyung pov

'Taehyung ' jungkook මට බෝලේ පාස් කරා.

මේ දවස් වල මට basketball නිසා හුගක් හිර වෙලා ඉදියේ. Exam කිසි දෙයක් නැති උනාට මෙ term එක පොඩ්ඩක් හිර වෙන term එකක් කියල මට පටන් ගද්දිම තේරුනා.

Hoseok එයත් එක්ක මට හරියට කතා කරන්න බැරි උනා. උදේට දැක්කම hi කියලා හිනා වෙනෝ මිසක් එතනින් එහාට අපිට කතා කරන්න බැරි උනා.

ඉක්මනට මේ matches ටික ඉවර උනා නම් හරි.

'Taehyung අද game එක වෙලාවෙදි ඔයා මේ ලොකේ නෙවේ ඉදියේ. මොකක්ද අවුල? ' jungkook මට වතුර බෝතලේ පාස් කරන ගමන් ඇහුවා.

'නෑ මං මේ හිතුවේ අපිට මේ match එකක් නිසා අපිටම කියලා වෙලාවක් නැති එක ගැන.'

'අනේ පලයන් බං යන්න.උබ කවද්ද උබටම කියලා වෙලාවක් වෙන කරේ කියන්න.අනික ඔයාට මේක අලුත් දෙයක් නෙවෙයිනේ කොහොමත් හැම අවුරුද්දෙම මේ කාලෙට අපිට වැඩ වැඩී නේ.මොකො මෙ අවුරුද්දෙ විතරක්?' Jungkook මහ පල් හිනාවක් දලා කිව්වා.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Him Where stories live. Discover now