💞 chapter 2 💞

488 85 28
                                    

" ඔම්මා හබී මට කැමති නෑ නේද... " කුකී එයාගේ බෝල ඇස් වල කදුලු පුරවගෙන එහෙම ඇහුවා...

" එයා අකමැති නෑ මැනික... හබී ගොඩ කාලෙකට පස්සෙනේ ආවේ... අපි එයාට ටික කාලයක් දෙමු හරිද... " යුන්හි කුකීගේ ඔලුව අතගාලා කුකීව එයාට තුරුලු කරගත්තා...

පුංචි කාලේ ඉදලම එයාගේ හබී එයාව බලන්න එනකන් කුකී බලාගෙන හිටියා... එයා ආසාවෙන් හිටියේ එයාගෙ හබී ආවම හබී ලගට වෙලා හුරතල් වෙන්න... ඒත් එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ හබී එයාට පොඩි කාලේ විදියටම කැත හාවා කියලා තල්ලු කරලා දායී කියලා...

යුන්හිගේ තුරුලෙ ඉදන්ම කල්පනා කර කර ආව කුකීගේ ඇස් කදුලු වලින් බොඳ වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ... එයා හිතුවේ කවුරුත් එයාට ආදරේ කරන්නේ නෑ කියලා... කදුලු වලට නිදහසේ ගලාගෙන යන්න දෙන ගමන් කුකී තව ටිකක් ටේගේ ඔම්මට තුරුලු වුනේ ඒ තුටුලෙන් දැනෙන උණුසුම හින්දා...

කිම් මැන්ශන් එකෙන් වහන නතර කලාට පස්සේ හැමෝම බැහැලා ගියත් යුන්හිලා හිටපු වහනේ නතර කලාට කවුරුත් වහනෙන් එලියට බැස්සේ නෑ... ඒ කුකී යුන්හිගේ තුරුලට වෙලා හොඳ නින්දක හිටපු හින්දා...

" මං එයාව ගන්නද යුන්හි... " ටේගේ අප්පා අහද්දි ටේගේ ඔම්මා හරිම ආදරෙන් කුකීගේ ඔලුවට හාදුවක් දීලා ඔලුව වැනුවේ කුකීව ගන්න කියලා කියන ගමන්...

" පව් අසරණයා... ටේ මොන වගේ දෙයක් කරයිද දන්නෑ... " යුන්හි කියද්දි ටේගේ අප්පා හැමදේම හරියයි කියන්න වගේ බැල්මක් දාලා කුකීව එයාගේ අත්වලට අරගෙන ගේ ඇතුලට ගියත් කුකීව කාමරේට අරගෙන යන්න බැරි වුනේ ඉස්සරහට ඇවිත් හිටගත්ත කෙනා හින්දා... ටේවත් තුරුල් කරගෙන එයා කුකී දිහා බලන් හිටියේ හරිය අප්පිරියාවෙන් වගේ... ඒත් ඇයි...

" ඇයි මේ හිඟන කොල්ලව උස්සගෙන යන්නේ... උගේ කකුල් නැත්ද... " ටේගේ හැල්මොනි නම්හියුන්ගේ අතේ හිටපු කුකීව බිමට වැට්ටුවා...

" ආව්... " වැටුන පාරට පස්සත් අත ගගා ඉන්නේ කොහෙද කියලා කුකී හතර වටේටම ඇස් කරකව කරකව බැලුවා... හැබැයි මේ හුරතලේ දිහා කෙනෙක් බලන් හිටියේ ඇස්පිල්ලන් ගහන්නෙවත් නැතුව...

💞  Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)Where stories live. Discover now