💞 prologue 💞

571 86 12
                                    

" හබී ගියා වගේ ඔම්මත් මාව දාලා යනවද... "

                  අවුරුදු අටක් වයසැති පුංචි කුකී තමන්ගේ මවගේ ඇගේ දැවටෙමින් ඉකි ගගා අහද්දි ජන්හිට වාවගන්න බැරි වුනා... තමන්ගේ දරුවව පුංචි වයසෙන්ම කසාද බන්දලා දීලා ඒ දරුවගෙන් ඈත් වෙලා යන එක එයාට දරාගන්න බැරි වුනා... ඒ නිසාම තමන්ගේ සැමියගෙ උරහිසට වාරු වෙලා අඩද්දි එතනට ආව යුන්හි

" ජන්හියා... අඩන්න එපා... අපේ කුකීව මං රාජකුමාරයෙක් වගෙ බලාගන්නම්... දැන් එයා අපේ ගෙදර පුතෙක්... බය වෙන්න එපා... " යුන්හි එහෙම කියලා කුකීව වඩාගෙන කුකීගේ ඔම්මටයි අප්පටයි සමුදුන්නා... යුන්හිගේ තුරුලට වෙලා ඉකි ගගා හිටපු කුකී යුන්හිගේ තුරුලෙම නින්දට වැටෙද්දි යුන්හි කුකීව අරගෙන ගිහින් කාමරෙන් තිබ්බා...

.

.

.

.

.

.

.

.

.

.

.

" ටේටේ කුකීව දාලා යන්න එපා... කුකීවත් අරගෙන යන්නකෝ... " තමන්ගේ නැනී ඇදුම් පැක් කරලා දෙනකන් ඇද උඩට වෙලා ඉදගෙන හිටපු අවුරුදු දහයක් වයසැති ටේහියුන් ලගට ආව කුකී ටේගේ අතින් අල්ලන් එහෙම කියද්දි

" අහකට වෙනවා කැත හාවා... මං ඔයාට කැමති නෑ... මං ලගට එන්න එපා... " කුකීව තල්ලු කරලා බිම වට්ටපු ටේ එහෙම කියද්දි කුකී ඇස් වල කදුලු පුරවන් ටේ දිහා බලන් හිටියේ ඒ පුංචි හිත වේදනාවෙන් පිරෙද්දි

" ඒත් ඔම්මා කිව්වනේ ටේටේ කුකීගේ හබී කියලා... තව හබී කුකීට ගොඩක් ආදරෙයි කියලත් කිව්වා... කුකී බබා කැත නෑ... ඒත් ටේටේ කුකී බබාට කැත හාවා කියලා කිව්වා... " බිම වැටුන තැන ඉදන් කුකී ඉකි ගගා කියනකොට ටේගේ නැනී කුකීව උස්සලා ටේගේ ඇද උඩින් තිබ්බේ ටේගේ බෑග් එක පැක් කරලා ඉවර වුන හින්දා... ටේගේ නැනී ටේව අරගෙන යන්න හදනකොට කුකීත් ඒ පස්සෙන්ම හිමින් හිමින් ආවා... 

                        ටේගේ ඔම්මයි අප්පයි එක්ක කුකීයි ටේයි කාර් එකේ එයාපෝට් එකට ආවේ ටේව ඇරලවන්න... ටේගේ අප්පා ටේව ඉගෙන ගන්න ඇමරිකා යවන්නේ ටේගේ අප්පගේ විශ්වාසවන්තම බොඩිගාර්ඩ් එක්ක... ටේගේ හියොංනුත් ඉන්නේ ඒ හින්දා ටේගේ අප්පා ඒ තීරනේ ගත්තේ ටේකුක් දෙන්නා ඒකෙන් වෙන් වෙනවා කියලා හිතන්නේ නැතුව...

                 එයාපෝට් එකට ආවට පස්සේ ටේගේ ඔම්මයි අප්පයි ටේකුක් දෙන්නයි ටේගේ බොඩිගාර්ඩුයි එයාපෝට් එක ඇතුලට ගියා... ෆ්ලයිට් එකට තව වෙලා තියෙන හින්දා යුන්හි එයාගෙ පුංචි පුතාව ටිකක් හුරතල් කලා...

                   වෙලාව ටිකෙන් ටික ගතවෙලා ටේලා යන වෙලාව ලං වෙද්දි ටේගේ බොඩිගාර්ඩ් ටේව අරගෙන යන්න හදද්දි යුන්හිගේ තුරුලෙන් බිමට බැහැපු කුකී ටේගේ අතින් අල්ල ගත්තා...

" ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන් කුකී අහද්දි

" මට ඔයාව අමතක වුනොත් මං එහේ ඉන්න ඔයාට වඩා ලස්සන ගර්ල් කෙනෙක්ව මැරි කරනවා... " මූනත් බෙරි කරන් අඩන කුකී දිහා බලන් ටේ එහෙම කියලා ආපහු හැරිලා යන්න ගියේ එයාගේ ෆ්ලයිට් එකට පරක්කු වෙලා තිබුන හින්දා...
.

.

.

.

.

.

.

.

" එපා... ටේටේ... එපා... අනේ..කුකීව දාලා යන්න එපා ටේටේ... " තද නින්දේ හිටපු කුකී ගැස්සිලා ඇහැරුනේ දැකපු හීනෙ නිසා...


















පීචස් පැටව්...

කතාව කෝම වෙයිද දන්නෑ...

මං උත්සහා කරනවා මගේ ඔලුවේ තියෙන ප්ලොට් එක ඒ විදියටම දෙන්න...

ඒනම් ඇරේන්ජ්ඩ් මැරේජ් කතාවත් එක්කත් එකතු වෙන්න...

වෝට් කමෙන්ට් කරන ඔයාලා හැමෝටම කුමාවෝ

ෆස්ට් චැප් එකෙන් හම්බෙමු

සාරංහේ 😘

✍️ aaro

💞  Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)Donde viven las historias. Descúbrelo ahora