💞 chapter 17 💞

142 27 4
                                    

වෙනදා වගේම ටේගේ තුරුලෙන් ඇහැරුන ජන්කුක් යුනිවර්සිටි යන්න ලෑස්ති වුනා... දැන් ජන්කුක්ගේ බේබී බම්ප් එකට මාස හයයි... ජන්ක්ව යුනිවසිටි එකේදි බලාගත්තේ හෝසොක්... ඒත් ටේගේ අවදානේ හැමතිස්සෙම තිබ්බේ ජන්කුක් දිහාට හැරිලා... මොකද එයා බය වුනා එයාගේ පුංචි අතපසු වීමකින් එයාගේ බබලා දෙන්නව එයාට නැති වෙයි කියලා... බබාලා දෙන්නෙක්... එක්කෙනෙක් ජන්කුක්... අනිත් කෙනා තමයි ජන්කුක්ගේ බඩේ ඉන්නේ...

" බේබී අද ලෙක්චස් ඉවර වෙන්නේ කීයටද... "

" අද කලින් ඉවර වෙනවා හබී... ඒ නිසා මං සොකී එක්ක එයාලගේ ගෙදර යන්නද... "

ජන්කුක් ටේගේ තුරුලේ හුරතල් වෙන ගමන් එහෙම අහද්දි කොහොමද ටේ බෑ කියන්නේ... පුලුවන් වුනත් ටේ බෑ කියන්නේ නෑ හේතුව ජන්කුක්ගේ මූඩ් සුවින්ග්ස් වලට අහු වුනොත් ආයේ ටේට හොස්පිට්ල් යන්න වෙන්නේ නෑ... ඒ වගේ රිස්ක් එකක් ගන්න තරම් ටේ මෝඩයෙක් නෙවෙයි...

" ඕකේ බේබී ඔයා හෝසොක්ගේ ගෙදරින් එන්න ඕනි වුනාම මට කෝල් එකක් දෙන්න මං එක්කගෙන යන්න එන්නම්... "

ජන්කුක්ගේ නලලින් පෙක් එකක් තියෙන ගමන් එහෙම කිව්ව ටේ එයාගේ චූටි පැටියා ඉන්න බේබී බම්ප් එකෙනුත් පෙක් එකක් තිබ්බා... ඊට පස්සේ ටේ ජන්කුක්ගේ මුහුණ දිහා බැලුවා...

ඒ මුහුණ වෙනදටත් වඩා පිරිලා... කම්මුල් තවත් රෝස පාට වෙලා... ඒ චෙරිපාට තොල් ඒ ගැන අහන්න එපා... ටික වෙලාවක් ජන්කුක් දිහා බලාගෙන හිටපු ටේ ඒ තොල් ටික වෙලාවක් සිපගත්තා...

සිපගැනීමෙන් පස්සේ ආපහු ඒ තොල් උඩින් පෙක් එකක් තියපු ටේ ජන්කුක්ව වඩාගෙනම පඩිපෙළ බහින්න ගත්තා...

ජන්කුක්ව යුනිවසිටි එක ළගින් බැස්සුව ටේ ජන්කුක් ඇතුලට යනකන් බලාගෙන ඉදලා හොස්පිට්ල් එකට යන්න ගියා...

යුනිවසිටි එක ඇතුලට ගිය ජන්කුක් හෝසොක්ට කෝල් එකක් ගත්තේ වෙනදා එයා ඉන්න තැන කොල්ලා පේන්න හිටපු නැති නිසා... ජන්කුක්ට පොඩ්ඩක් බය නොහිතුනාම නෙවෙයි... මොකද එයා තනියම ඉන්න බයයි එයා දැන් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඒ වගේම එයාට අනතුරක් වෙයි කියලත් ඒ හිතේ පොඩිම පොඩි බයකුත් තිබුනා...

වටේට ඇස් කරකව කරකව හෝසොක්ව හොයන ගමන් ෆෝන් එක කනේ තියාගත්ත ජන්කුක් හෝසොක් ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැතිම තැන යුංගිට කෝල් කරන්න කියලා හැදුවා...

" කුකී... "

ඈත ඉදගෙනම කෑගහගෙන ආපු හෝසොක් ජන්කුක්ගේ ලගට ඇවිත් දනිස් දෙකෙන් අල්ලගෙන හති අරින්න ගත්තා...

" මොකද සොකී මේ... මං ඔයාට කෝල් කලා... කෝ ඔයාගේ ෆෝන් එක... ආන්ස්වර් කරන්නේ නැති තැන මං යුංගි හියුන්ට ගන්න හැදුවේ... "

මූණත් දෙක කරගෙන ජන්කුක් එහෙම කියද්දි හෝසොගේ මූණ ඉක්මනට වෙනස් වුනේ දැන් ඉතින් ජන්කුක්ගෙන් බැනුම් අහන්න වෙන බව කොල්ලා මේ මාස ගානට අත්දැකීමෙන් දන්න හින්දා...

මේ අතර යුනිවසිටි එකට අලුත් ආපු කෙනෙක් මේ දෙන්නා දිහා ඈත ඉදන් බලන් ඉන්න බව මේ දෙන්නම දැනගෙන හිටියේ නෑ... ඒත් ඒ විශේෂ බැල්ම වැටිලා තිබුනේ ජන්කුක් දිහාවට කියලානම් කෝමටවත් ඒ දෙන්නට තේරුනේ නෑ...

හති ඇරලා ඉවර වෙලා කුකී ලගින් දනගහගත්ත හෝසොක් ජන්කුක්ගේ බේබී බම්ප් එකට කන තියාගත්තා... ඒත් එක්කම එයාට දැනුන චලනට නිසා බේබී බම්ප් එකට හාදුව තියපු හෝසොක් ජන්කුක්ගේ ලගින් ඉදගත්තා... ඒ දෙන්නා මේ ඉන්නේ ඒ දෙන්නා කතා කරන්න වාඩි වෙන සුපුරුදු ගහ යට බංකුවේ වාඩි වෙලා...

" කුකී ඔන්න පොඩ්ඩා ඉපදුන ගමන් මුලින්ම අතට ගන්නෙ මං හොදද... "

" බෑ මුලින්ම බබාව දෙන්නේ හබී අතට... "

ජන්කුක් දිව දික් කරලා එහෙම කියද්දි ජන්කුක්ගේ නහය මිරිකපු හෝසොක් ආපහු ජන්කුක්ගේ බේබී බම්ප් එක අතගාන්න ගත්තා...

" හරි හරි අපි ඒක ඒ වෙලාවට බලමුකෝ අපි දැන් ලෙක්චස් වලට යමුද මට නිකන් අමුත්තක් දැනෙනවා කුකී... ඔයා පරිස්සම් වෙන්න හරිද... "

හෝසොක් එහෙම කියලා ජන්කුක්ට නැගිටින්න අත දුන්නා... දෙන්න එක්කම හිමින් හිමින් ලෙක්චස් තියෙන හෝල් එකට යන අතරේ...

" එක්ස්කියුස්මී... ඔයා ජන්කුක් නේද... "


























හායී හායී ගයිස් ඔන්න මං කාලෙකින් ආවා

කවුද අන්තිනට එන්න ඇත්තේ

තවම කතාව කියවන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්නෝ

ආදරෙයි

Aaro

💞  Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)Место, где живут истории. Откройте их для себя