" එහෙම ඔයාව වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නෑ කිම් ටේහියුන්... " සාරා එහෙම හිතාගෙනම කිම් මැන්ශන් එකෙන් එලියට ගියා...
.
.
.
.
.
.
.
.
.
ටේ ජන්ග්කුක්ව එයාගේ කාමරේට ගෙන්නල්ලා ඇදෙන් ඇලකලා... ඊට පස්සේ ජන්කුක්ගේ ලගින්ම ඉදගෙන ටේ ජන්ග්කුක්ගේ අත එයාගේ අත් අතරට අරගෙන හිමීට ගැටගහලා තිබ්බ ලේන්සුව ගැලෙව්වා...
යුන්හි ඇවිත් ෆස්ටේඩ් බොක්ස් එක ටේගේ අතට දීලා කාමරෙන් එලියට යද්දි ටේ ජන්කුක්ගේ තුවාලේ හොදින් පරික්ෂා කලා... ඊට පස්සේ තුවාලෙ පිරිසිදු කරලා හරිම පරිස්සමට තුවාලෙට බෙහෙත් දාද්දි ජන්ග්කුක් නම් බලන් හිටියේ එයාගේ හබී දිහා...
බ්රව්න් පාටට හුරු කැරලි කොන්ඩේ මූනට වැටිලා... දිග ඇස් පිහාටු ඒ දිගැටි ඇස්... හීනි තොල් ඒ වගේම කඩවසම් පිරිමි මුහුණ දකිද්දි ජන්ග්කුක්ට ගොඩක් ආඩම්බර හිතුනා...
ජන්ග්කුක් ටේ දිහාම බලාගෙන ඉද්දි ටේ ඒ වෙනකොටත් ජන්ග්කුක්ගේ අතට බෙහෙත් දාලා ඉදරයි... ටේ බලන් හිටියේ එයා දිහා ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව බලන් ඉන්න එයාගේ හා පැටියා දිහා බලාගෙන...
ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලන් හිටපු ටේ එකපාරටම උගුර පෑදුවා... එතකොට තමයි ජන්ග්කුක්ට මතක් වුනේ එයා මෙච්චර වෙලා ටේ දිහා බලන් හිටියා කියලා... ඒ වගේම පහල වෙච්ච දේ මතක් වුනාම ජන්කුක්ගේ ඇස් කදුලු වලින් බොද වෙලා ගියා...
ජන්ග්කුක්ගේ ඇස්වල කදුලු දැකපු ටේ ටිකක් කලබල වුනා...
" ඇයි තවම රිදෙනවද... තව කොහේ හරි වැදුනද... " ටේ ජන්ග්කුක්ගේ අත හරව හරව ඇහුවත් ජන්ග්කුක් ටේ දිහාම බලාගෙන හිටියා...
" මොකද්ද වුනේ මට කියන්න... " ටේ ආපහු අහද්දි ජන්ග්කුක් එයාගේ කම්මුල්වල බේරෙන කදුලු පිහදලා
" අ.අර්.ර. ආ.ව්.ව.. ගෑනු ලම්.ම්.ම..යා.. හ්.හ්.හබ්.බී.ග්.ගේ.. ය්.යො.ත්.ච්.චින්.ද.. " ජන්ග්කුක් ඉකි ගගාම අහද්දි මුලින් ජන්ග්කුක් කියපු දේ තෙරුනේ නැතත් පස්සේ මොකද්ද කිව්වෙ කියලා තේරුනාම ටේ හයියෙන් හිනා වෙන්න ගත්තේ ජන්ග්කුක්ව පුදුම කරලා...

YOU ARE READING
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...