සාරාට ගේ ඇතුලට ඇවිත් වාඩි වෙන්නවත් කාලයක් තිබුනේ නෑ... මොකද සාරා ආව හැටියේ සාරාට ටේගෙන් හොද කම්මුල් පාරක් හම්බුනා... සාරාට හිතාගන්න බැරිඋනා ඇයි එයාට ටේ ගැහුවේ කියලා... ඒ වගේම තමයි ජැක්සන්ගේ ගෙදරට එයාට එන්න කිව්වට එහේ ටේ හිදියි කියලා සාරා හීනෙන්වත් හිතුවේ නෑ...
" මං උඹට ගැහුවේ ඇයි කියලා හිතාගන්න පුලුවද සාරා... "
ටේ ආපහු සැරයක් අතුල්පහරක් ගහලා සාරාගෙන් එහෙම අහද්දි සාරට හිතාගන්න බැරි වුනා වගේම ටේගේ ඇස් රතු වෙලා හකු තද වෙලා දත්මිටි කනගමන් සාරා දිහා කෙලින් බලන් ඉද්දී සාරා ටේගේ මේ පෙනුමට හොදටම බය වුනා...
" උඹට මාව මොකෙක් වගේද පේන්නේ සාරා ආආආආ කියපන් උඹට මාව පො&%$% වගේ පේනවද... ඒම නැත්තන් වෙන මොකෙක් හරි වගේ පේනවද... කියපන්... මං උඹට හොඳින් කිව්වා මං කසාද බැඳලා කියලා... "
" ඒත් ඔයා එයාට ආදරේ නෑනේ ටේ... "
" උඹ හිතුවද මං එනකන් අවුරුදු දහතරක්ම මග බලන් හිටපු මගේ එකාට මං ආදරේ නොකර ඉඳියි කියලා "
" ඉතින් ඔයා ඒමනේ හැසිරුනේ... "
" ඒ නිසාද උඹ උඹේ මල්ලිව මගේ එකා ළගට යැව්වේ... උගේ හිත දිනාගන්න... මං හරි නේද මිස් පාර්ක් සාරා "
" ටේ ඔයා කෝමද... "
" මං කෝමද ඒ දන්නේ නේද... ඉඳපන් පොඩ්ඩක්... මෙතනින් ඉදගනින් හැබැයි මෙතනින් හෙල්ලෙන්න බෑ තේරුනානේ... "
ටේ සාරාට තර්ජනේ කරලා එයාගේ ගාඩ්ලා දෙන්නෙක්ට කාවහරි එක්කන් එන්න කියලා කියන ගමන් සෝෆා එකේ වඩි වුනා... ජිමින් වගේම ජැක්සනුත් ටේව සන්සුන් කරන්න එයාගේ දෙපැත්තෙන් ඉදගෙන පිටට තට්ටු කර කර හිටියා...
ඒ වෙලාවෙම ටේගේ ෆෝන් එකට කෝල් එකක් ආවා... ඒත් ටේට ඒක බලන්න උවමනාවක් තිබුනේ නෑ... ඒ නිසාම ෆෝන් එක අතට ගත්ත ටේ ෆෝන් එක ඕෆ් කරලා දැම්මේ කෝල් එක ආවේ එයාගේ අප්පගෙන් කියලා දැන දැනමයි...
මොහොතකට එයාට අමතක වුනා ජන්කුක් ගැන... ඒ වගේම එයාට අමතක වුනා ජන්කුක්ට ඕනෙම වෙලාවක ඉමර්ජන්සි එකක් වෙන්න පුලුවන් කියලා...

YOU ARE READING
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...