" මට දැන්ම දරුවෝ ඕනේ නෑ ඔම්මා... අනික අනික අපි ළඟින් ආශ්රේ කරන්න පටන් ගත්තා විතරයි... "
" ඒත් අපේ පරම්පරාව ගෙනියන්න දරුවෙක් ඕනේ... දැන් බලන්න නම්ජූන් මැරි කලාට එයාලට තවම දරුවෝ නෑ... "
" ඒ වුනාට හැල්මොනි ජන්කුක් තවම පොඩී පොඩ්ඩක් තේරුම් ගන්න අපි අවුරුදු දාහතරක්ම වෙන් වෙලා ඉදලා එකට ඉන්න ගත්තා විතරයි... මං නම් කියන්නේ මට දැන්ම දරුවෝ එපා... ඇබෝර්ට් කරමු... "
ලිවින් රූම් එකේ ඉදගෙන මහා හයියෙන් ටේ කෑගහන සද්දෙ පහළට බැහැලා කිචන් එකට යන්න ආව ජන්කුක්ට හොදටම ඇහුණා... ඒ වගේම ඒ ඇහුනේ එයාට ඇහෙන්න හොද නැති දේවල් ටිකක්...
ආවට වඩා වේගෙන් ආපහු උඩට යන්න හදපු ජනකුක් යන්න ගියේ පඩිපෙළේ ලස්සනට තියලා තිබුන ෆොටෝ එකකුත් පෙරලගෙන...
ඒ සද්දෙ හින්දා එතනට ආව ටේගේ අප්පා දැක්කා ජන්කුක් කාමරේට යනවා... ඒ වගේම එයාට තේරුනා දැන් කතා කරපු සේරම ජන්කුක්ට ඇහුණා කියලා...
වැටිලා තිබුන ෆොටෝ එකේ වීදුරු ටික එක්කම අයින් කරලා දාපු මිස්ටර් කිම් ලිවින් රූම් එකට ඇවිත් ටේට කාමරේට යන්න කියලා කිව්වා... ටේ කාමරේට යනකන් ඉදලා සෝෆා එකෙන් වාඩිවුන මිස්ටර් කිම් එයාගේ ඔම්මගේ පැත්තට හැරුණේ ලොකු කතාවකට මුල පුරන්න වගේ...
" ඔම්මා... අපි මේ ප්රශ්නෙ එයාලා දෙන්නට විසදගන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන ඉමු... මං හිතන්නේ ටේ කියපු දේ කිසිම වැරැද්දක් නෑ... මං දන්නවා අපේ පවුලට උරුමක්කාරයෙක් ඕනේ කියලා ඒත් එහෙමයි කියලා අපිට බෑ එයාලට බල කරන්න ඉතින් මං හිතනවා ඔම්මා තේරුම් ගනී කියලා... "
" තමුන් කට වහාගන්නවා නම්හියුක්... මේක තමුන්ට අදාල දෙයක් නෙවෙයි... මං කොච්චර කාලයක් තිස්සේ බලාගෙන ඉදපු දෙයක්ද මේ හැබෑ වෙන්න යන්නේ ඒක නතර කරන්න තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ... "
" යොබෝ... කේන්ති ගන්නේ නැතුව අපි ටේගේ පැත්තෙනුත් හිතලා බලමු... "
මිස්ටර් දල්ජූන් ටේගේ හැල්මොනිව සන්සුන් කරන්න හිතාගෙන එහෙම කිව්වත් දල්ජූන්ට රවපු වොන්හි එතනින් නැගිටලා යන්න ගියේ අතේ තිබ්බ බත්සමෙන් පොළවට හයියෙන් ගහන ගමන්...
At taekook room...
" හ්..හබී... "
ටේ කාමරේට ආව ගමන් ජන්කුක් දුවගෙන ඇවිත් ටේව බදාගෙන අඬන්න ගත්තේ ටේ ජන්කුක්ව වඩාගෙන ඇදෙන් ඉදගෙන ජන්කුක්ගේ කඳුළු පිහදාන්න ගත්තා...
" බේබී මොකටද දැන් අඩන්නේ... ම්ම්ම්... "
" හ්...හ්බ්.බී... ඔ.යි.යා... ක්කැම්ම්මති නැත්ද බබෙක් හදන්න... "
" බේබී කැමතිද බබෙක් හදන්න... "
ටේව බදාගෙන හොටු හූර හූර අඩ අඩ හිටපු ජන්කුක් ටේගේ ඒ ප්රශ්නෙටනම් ඉක්මනට කෙලින් වෙලා කඳුළු පිහදගත්තා...
" මං ආසයි හබී... මට දැනෙනවා දැන් මං සම්පූර්ණයි කියලා... ඒ වගේම හැල්මොනිට දැන් හබීය වෙන කෙනෙක්ව බන්දන්නත් බෑ... "
ජන්කුක් ටේ දිහා හොරෙන් බලන ගමන් අතේ ඇගිලි පටල පටල එහෙම කියද්දි ටේ ජන්කුක්ව බදාගත්තා...
" බේබිට ප්රශ්නයක් නැත්ද... මං කිව්වේ බේබී තවම ඉගෙන ගන්නවා... ඒ වගේම අපි තවම එකට ඉන්න පටන් ගත්තා විතරයි... ඔයාට ඔයාගේ වැඩත් එක්ක බබෙක්ව බලාගන්න පුලුවන්ද... "
" ඔව් මට පුලුවන්... මං හුගක් ආසාවෙන් එයා මං ලගට එනකන් බලාගෙන හිටියේ ඉතින් හබී අපි එයාව නැති කරන්න ඕනේද... "
" බේබී කැමතිනම් අපි එයාව තියාගමුකෝ... "
" ඔය ඇත්තමද කියන්නේ... "
ටේ කැමැත්ත දෙද්දි ලොකු හිනාවකින් මුහුණ පුරවගත්ත ජන්කුක් ටේගේ බෙල්ල බදාගත්තා...
ඒත් එක්කම දොරට කන තියාගෙන හිටපු හැල්මොනි කටකොනින් හිනාවෙන ගමන් පඩිපෙළ බහින්න ගත්තේ මිස්ටර් කිම් එයාගේ ඔම්මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කල්පනා කරද්දි...
හායී පැටව්නේ...
මං ආවා...
ටේ ගැන ඔයාලට මොනාද හිතෙන්නේ...
සාරාට මොකද වුනේ...
ගිහින් එන්නම්
✍️ aaro

DU LIEST GERADE
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...