(Chapter 11)

15 3 0
                                    

(ඔව්... ඔව්... ඒ jk ගේ සෝ බබා තමයි... කලින් කිව්වේ නැත්තේ ටිකක් මෙව්වා එකක් තියෙන්න එපැයි....)




Jk ගිහින් ටේ ව එයාගේ පැත්තට හරව ගෙන හිතෙ තිබුණු තරහට එක්කම ටේ ගේ කම්බුලට හොද පාරක් ගැහුවා...



එ පාර කොච්චර තදින් වැදුනද කියනව නම් ටේ බිම වැටුනා... බිම වැටුණු ටේ ගේ ඇග උඩ නැගලා ටේ ගේ කොලර් එකෙන් අල්ලගත්ත jk ට තව තවත් තරහ වැඩි වුණා...



එත් ටේ jk ගේ බඩට ගැහුව නිසා jk බඩත් අල්ලගෙන බිම වාඩි වුණා...



"අහ්හ්හ්....."



ටේ ට jk ගේ කම්බුල් පාර රිදුනේ නැති වුනාට jk ට නම් ටේ බඩට ගහපු එක සෑහෙන්න වේදනා දැනෙන්න ගත්තා...




"තොට මොකක්ද වෙලා තියෙන්නේ jk... ආ..."


ටේ නැගිටින ගමන් ඇහුව...


"යා.... ම.... මගේ සෝ...සෝ බ.... බබා..."



"ඉතිං එකී හින්ද මොකටද මට ගහන්නේ..."

Jk අමාරුවෙන් බඩ අල්ලාගෙන කියද්දී ටේ කිසිම ගානක් නැතුව එයාගේ ඇදුම පිහදාන ගමන් කිව්වා..



"හු#තෝ... තෝ... ම... මගේ නංගි...ව අ... අරන් ආ.... ආ... ආවද බල්.... බල්ලෝ...."



Jk ආයිත් අමාරුවෙන් කිව්වා...


"තොට අමු කැවිලද ආ.... මන් මොකෙක්වත් ගෙනාවේ නෑ..."


ටේ කිව්වේ බඩත් අල්ලාගෙන බිම ඉදගෙන ඉන්න jk ට අත දෙන ගමන්...



Jk අත දෙන්න හැදුවත් එයාට මතක් උනේ සොන්ජි ව... එහෙම්මම එයාගේ පැත්තට දික් කරගෙන ඉන්න ටේ ගේ අතට ගහපු jk බොහොම අමාරුවෙන් එතනින් නැගිට්ට...නැගිටලා එතනින් යන්න ගියා...



"යා...jk... කියපන් දැන් ඇයි මට ගැහුවේ කියලා..."



එත් එක්කම ඇස් වලින් කදුළු ගලන්න පටන් ගත්ත jk ටේ ගේ පැත්තට හැරුන...



"තෝ දන්නවාද...අ... අර... උබ ගෙනල්ල තියෙන.... කෙ... කෙල්ල කව්ද කියලා.... ආ..."


"ම්වෝ...උබ දන්නේ කොහොමද කෙල්ලෙක් ව මන් ගෙනාව කියලා.... "



Jk තරහින් කියද්දී ටේ ඇහුවේ පුදුමෙන් වගේ...



🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now