chapter 9

731 145 9
                                    

Love of destiny

"බෝ බෝටනම් ආදරේ කරන්න කෙනෙක් ඇති නේද "යැයි  ශාන් පැවසුවේ ගැහෙන හදවතින් යුතුවයි.මේ ප්‍රශ්නයේදී තමා මෙතරම් කලබල ඇයිදැයි ශාන්ට සිතුනි .

නමුත් යිබෝගේ පිලිතුර සමග ශාන්ගේ මුහුණ අදුරු වී ගියේ ඔහුගේ හදවත වේදනාවෙන් පිරී යද්දීය .

"මටනම් මගෙ පනටත් වඩා ආදරේ කරන්න කෙනෙක් දැන් ඉන්නව බනී.එයා එක්ක ඉන්නකොට මම මාරම සතුටින් ඉන්නෙ,මම ඇමරිකාවත් දාල චීනෙට දුවන් ආවෙ එයා නිසා තමයි.මම ඉක්මනටන එයාව මගෙ ලගට ගන්න ඕනි බනී"

යිබෝ දැන් මෙසේ පවසන්නේ බනීගේ මූණ දෙස බලාගෙනයි.නමුත් ශාන් මූණ බිමට නැබුරු කරගෙන සිටින්නේ යිබෝගේ මේ වදන් වලින්  ඔහුගේ හදවතට පිහියකින් අනින්නා වාගේ වේදනාවක් දැනෙන නිසයි.

යිබෝ මේ කියන පනටත් වඩා ආදරේ කරන කෙනා තමන් බව ශාන් දන්නේ නැත.ඔහු සිතන්නේ යිබෝට ආදරේ කරන්න ලස්සන ගැහැනු ලමයෙක් ඇතැයි කියාය.ඉතින් ශාන්ගේ දෙනෙත් වලට කදුලු පිරුනි නමුත් මෙය යිබෝ දුටුවේ නැත.

පැයක පමන කාලයක් යිබෝගේ කාමරය අස් කරන්න උදව් කරපු ශාන් කිචන් එකට ගියේ පරවුනු මලක් ලෙසිනි.

ශාන් දුකින් සිටින බවක් යිබෝට තේරුනේ නැතත්.යිබෝ ආදරේ කරන්න කෙනක් සිටිනවා යැයි පැවසූ මොහොතේ සිට ශාන් තමන්ගෙ දෑස් මග හරින බවක් යිබෝට වැටහුනි.නමුත් යිබෝට එය වැඩිය ගානක් ගියේ නැත.කාමරය අස් කර අවසන් කල ශාන් කිසිදු කතාවක් නැතුව යිබෝගේ කාමරයෙන් ගියේ මැලවුණු මුහුනකින් යුතුවයි.නමුත් යිබෝ සිතුවේ ශාන්ට මහන්සි නිසා එසේ සිටිනවා කියායි😓😓

"මොකද සුදු බබා මූණ එල්ලන් ඉන්නෙ"

මූනත් අදුරු කරන් කිචන් එකට පැමිනි ශාන්ගෙන් මේරි විමසුවේය.

"මොකුත් නෑ මමා ටිකක් මහන්සි ඒකයි මේ"

දැන් ඉතින් ශාන්ට කෑ ගසා හඩන්නට තරම් දුකක් හදවතට දැනී ඇත. දැන් ඔහුට අවැසි වී ඇත්තේ තනිවම සිටීමටයි.යිබෝ සර්ට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියන එක තමන්ට මේ තරම් වේදනා ගෙනෙන්නේ ඇයිදැයි ශාන් කල්පනා කරයි😓😓

love of destiny (Yizhan )/completeWhere stories live. Discover now