Love of destiny
අවසානයේ සවස 6.30 පමන වන විට දෙදෙනා බෙයිජිං වලට ලගාවිය.ඔවුන් අපාට්මන්ට් එකට යනවිටත් ඔවුන් පැමිනෙන තුරු සීචෙන් පෙරමග බලාසිටියේය.
"අම්මෝ මගෙ මල්ලි කොල්ල චීනෙට ආවට පස්සෙ මට උබව බලන්න එන්නත් බැරි උනානෙ තවත් ලස්සන වෙලාද මන්ද"
සීචෙන් මේසේ පවසන්නේ බොහෝ කලකට පසුව දුටුව තමන්ගේ එකකුස උපන් සොහොයුරාව වැලද ගනිමිනුයි.ඔවුන් දැන් මේ සිටින්නේ යිබෝල වෙනුවෙන් සීචෙන් මිලදී ගත්ත අපාට්මන්ට් එකේ දොර ඉදිරිපිටයි.සීචෙන් කාර්යබහුල නිසා යිබෝ චීනයට පැමිනියත් ඔහුව බැලීමට පැමිනීමට සීචෙන්ට නොහැකි විය.නමුත් යිබෝ ඇමරිකාවේ සිටින විටනම් බිස්නස් වැඩ සදහා ඇමරිකාවට යන අතරතුර සීචෙන් තම සොහොයුරාව බලන්නට යන්නේය.ඉතින් මේ ඔවුන් දෙදෙනා මුන ගැසෙන්නේ මාස හයකට පමන පසුවයි.
"අනේ පලයන් යන්න අයිය උබට මාව දැක්කම තමා සහෝදර ප්‍රේමෙ මතක් වෙලා තියෙන්නෙ,මම චීනෙට ආව කියල මාව බලනවත් ආවෙ නෑ😒"
යිබෝ මෙසේ පවසන්නේ අමනාපයකින්නම් නොවේ.මොකද සීචෙන් කාර්යබහුල පුද්ගලයෙක් බව ඔහු හොදින්ම දනී .
"හරි හරි බන් උබ දන්නවනෙ මට වෙලාවක් තිබුනනම් අනිවාර්යයෙන් උබව බලන්න එනව කියල,කමක් නෑ දැන් ඉතින් උබ මාව බලන්න ආවනෙ"
"මම ඒක දන්නව අයිය මම විහිලුවක් කලේ"
ඉතින් තවමත් මේ අයිය මලෝ කතා කරන්නේ එකිනෙකාව වැලදගෙනයි.ශාන්නම් ඉතින් මේ සහෝදර බැදීම දෙස බලා සිටියේ ඉතාමත් සෙනෙහසින් යුතුවයි.
"හරි හරි අයින් වෙයන් හැලපයා මගෙ ඇගෙන් මදැයි මාව බදන් ලව් කරා මට පොඩ්ඩක් මගෙ චූටි මල්ලිවත් හුරතල් කරන්න දීපන්"
සීචෙන් පැවසුවේ ශාන් දෙස බලා යිබෝව ඔහුගේ අත් දෙකෙන් නිදහස් කරන අතර තුරයි.
"නෑ නෑ උබ මෙයාව හුරතල් කරන්න ඕනි නෑ ඒක මම කරගන්නම්😉😉"
යිබෝ සීචෙන්ට ඇසක් ඉගිමරමින් පැවසුවේ සීචෙන් සහ තමන්ගේ බනී අතර මැදට එමිනුයි.ඉතින් යිබෝ සීචෙන්ට ඇහැක් ගහනව ශාන් නොදුටුවත් යිබෝ කීව දෙයනම් ඔහුට හොදින්ම ඇසුනි.ඉතින් යිබෝ පැවසුවේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකිව ශාන් ඇස් දෙකක් ලොකු කරගෙන යිබෝ දෙස බලා සිටී
YOU ARE READING
love of destiny (Yizhan )/complete
Fanfiction❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණම...