chapter 19

582 104 14
                                    

Love of destiny

"හරි පපා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම් මම බනී එක්ක ඇවිත් යන්න එන්නම්..." යැයි පවසා ඇමතුම විසන්ධි කල යිබෝ ශාන් අසලට ගොස් ,

"ඇයි දැන් මේ මගෙ බනී මූණ එල්ලන් ඉන්නෙ හ්ම්ම්"ලෙසින් පැවසුවේ ශාන්ගේ හිස අත ගාන ගමන්‍ ය.

ඉතින් ශාන් යිබෝව තදින් වැලදගෙන ඔහුගේ පපුවේ මුහුණ ගසාගෙන ,

"අනේ මට බයයි බෝ බෝ එයාල ඔයාව මගෙන් උදුර ගනීද"

"මේ බලන්න බනී මගෙ දිහා ,කෝ ඉතින්"යිබෝ මේ පවසන්නේ තමාව වැලදගෙන තමන්ගේ පපුවේ මූණ හොවාගෙන සිටින ශාන්ටයි.

ඉතින් ශාන් හිස ඔසවා යිබෝ දෙස බැලුවේය ,ඒ මුහුණනම් තියෙන්නේ බියෙන් වගේම වේදනාවෙන් බව වැටහුන යිබෝ ,

"මගෙ බනීට මාව විශ්වාසයි නේද හ්ම්ම්"

ඉතින් යිබෝ දෙස බලා සිටි ශාන් ඔව් යැයි කියන්න හිස සැලුවේය .ඉතින් සැනසුම් සුසුමක් හෙලූ යිබෝ ,

"එහෙනම් එච්චරයි කිසිම කෙනෙක්ට මේ යිබෝව මගෙ බනීගෙන් වෙන් කරන්න බෑ තේරුනාද,ඒම කරන්නනම් මේ යිබෝගේ අන්තිම හුස්ම ටික යවන්න වෙනව,අනික බනී දැන් ගෙදර හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ ඒක නිසා කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ,පපා උනත් කීවනෙ එයා මේ ප්‍රශ්නෙ බලා ගන්නව කියල ඒක නිසා අපි හෙට උදේ ෆ්ලයිට් එකක් බුක් කරල හුනාන් ගිහින් එමු හොදද ,මගෙ බනී දුකින් ඉන්නෙ නෑ නේද කියන්න මට "එවරනම් ශාන් නෑ යැයි කියා හිස සැලුවේ සුන්දර සිනහවකුත් සමගයි .

ඉතින් ඒ සිනහව දෙස බලා සිටි යිබෝ ශාන්ගේ දෙතොලට බරවී ඒ රත් පැහැ සිහින් දෙතොල් සීරුවට සිප ගන්නට පටන් ගත්තේය ....

⏳⏳⏳⌛⏳

"බනී කෝ ඉතින් අද උදේ ඉදන් එයාපෝට් එකට එනකලුත් ඔයා මූණ එල්ලගෙනනෙ ,මම කීවනෙ බය වෙන්න එපා කියල කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කෝ ඉතින් හිනා වෙලා ඉන්න"යිබෝ මේ පවසන්නේ උදෑසන හුනාන් යන්න ලෑස්ති වන මොහොතේ සිට ගුවන්‍ යානයට ගොඩවෙලත් තාමත් මූණ එල්ලන් සිටි ශාන් දෙස බලාගෙනයි .

දැන් යිබෝ සහ ශාන් සිටින්නේ උදෑසන අටට හුනාන් බලා පිටත් වීමට නියමිත ගුවන් යානයේ අසුන් ගෙනයි.පෙරදා රාත්‍රියේ යිබෝ උදෑසන 8ට හුනාන් බලා පිටත් වෙන ගුවන් යානය සදහා ටිකට් දෙකක් බුක් කලේ අද හුනාන් යාමට අවැසි නිසයි.නමුත් පෙරදින වන්ග් දුරකතන ඇමතුම ගෙන යැංසි සහ හෙලේනාද අද යිබෝලගේ බංගලාවට එනවායැයි පැවසූ නිසා ශාන්නම් මේ හුනාන් යන්නේ එතරම් කැමැත්තකින්නම් නොවේ.

love of destiny (Yizhan )/completeTempat cerita menjadi hidup. Temukan sekarang