Love of destiny
ඉරිදා දිනයටත් හිරු උදාවිය.ඉතින් ශාන් අද උදෑසන අවදි වුනේ හිතට දැනෙන අලුත් හැගුමක් රාශියක් සමගයි.ඒ ඉතින් තමන් අද තම පෙම්වතා සමග එකට ඒක්වී නිවාඩු දිනයක් ගත කරන පලමු දිනය නිසයි .ඉතින් ශාන් සුපුරුදු පරිදි වොශ් රූම් එකට ගොස්, ඉක්මනින් සූදානම් වී කිචන් එකට ගියේ යිබෝ අවදි වීමට පෙර උදෑසන ආහාරය සැකසීමටයි .
උදෑසන හතට පමන අවදි වූ යිබෝත් පහල මහලයට එනවිට සුපුරුදු පරිදි ශාන්ගේ කෑම සුවද දැනුනි,
මේ බනිය නිවාඩු දවසෙත් උදේ ඇහැරගෙන මොනවා කරන්වද මන්ද යැයි සිතමින් යිබෝත් කිචන් එකට ගියේ ශාන්ව සොයාගෙනයි .ඉතින් කෑම පිලියෙල කරමින් සිටි ශාන් දුටුවේ තමාව හොයාගෙන කිචන් එකට එන තම ආදරනීය පෙම්වතයි,
සුන්දර සිනහවක් සමග යිබෝ දෙස බැලූ ශාන් ,
"ගුඩ් මෝනිං මගෙ බෝ බෝ,ඉන්න මම අපි දෙන්නට කන්න බ්‍රෙක්ෆස්ට් රෙඩි කලා"යැයි පවසමින් යිබෝ අසලට ගියේය .ඉතින් මේ ශාන්ගේ සුන්දර සිනහව සමග යිබෝගේනම් සිත ආදරයෙන් පිරී ඉතිරී යන්නේය.
කෙල්ලක් ඉදිරියේ වත් හෙල්ලුනේ නැති තමන්ගේ සිත මේ හුරතල් කොල්ල ඉස්සරහ දියවී යනඑක පුදුමයක් නොවේයැයි තමා අසලට පැමිනි ශාන් දෙස බලමින් යිබෝ සිතුවේය.මේ සුන්දර හිනාවේ අයිතිකාරයා දැන් තමා නොවේදැයි සිතන විටනම් යිබෝගේ සිතට පුංචි ආඩම්බරයක් දැනුනි.
ඉතින් තමන් අසලට පැමිනි ශාන්ව වැලදගත් යිබෝ ,
"ගුඩ්මෝනිං මගෙ බනී පන"යැයි පවසමින් ශාන්ගේ නලලට ආදරනීය සිපුමක් තැබුවේය .
උදෑසන ආහාරයත් රැගෙන අවසානයේ දැන් මේ දෙදෙනා ආලින්දයේ ඇති සෝෆාවේ අසුන්ගෙන සැරසෙන්නේ චිත්‍රපටයක් නැරබීමටයි.ඉතින් ශාන්ගේ කැමැත්ත මත දෙදෙනාම jurassic world movie එක බලන්න පටන්ගත්තේය .
දැන් ශාන්නම් සිටින්නේ සෝෆාවේ එරමිණියා ගොතාගෙන වාඩිවී අයිස්ක්‍රීම් කප් එකකට වග කියන ගමන් සිහියක් නැතුව ෆිල්ම් එක බලන ගමනුයි.යිබෝනම් දැන් මේ සෑහෙන වෙලාවක ඉදන් බලා සිටින්නේ කටවටේ අයිස්ක්‍රීමුත් ගාගෙන කනගමන් සිහියක් නැතිව ෆිල්ම් එක බලන තමන්ගේ හුරතල් හා පැටියා දෙසයි.යිබෝ තමා දෙස බලා සිටිනවාද කියාවත් ශාන්ටනම් සිහියක් නැත ඒ තරම් ඔහු චිත්‍රපටයට සමවැදී ඇත.
YOU ARE READING
love of destiny (Yizhan )/complete
Fanfiction❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණම...