chapter 10

768 139 9
                                    

Love of destiny

සවස පහවන විට මේරි බංගලාවේ වැඩ නිමවී නිවසට පැමිනියේය.ඇය පැමිනෙන විට ශාන් සිටියේ කුමක් හෝ පාඩම් වැඩක නිරත වෙමිනුයි.අද දවසම ශාන් පාඩම් වැඩ වලට හිත යොමු කරන්න තීරනය කලේ එයාගෙ බෝ බෝ ගැන අමතක කරන්න ඕනි නිසයි.ඒත් ඉතින් එම උත්සහය ව්‍යර්ථය.සැරින් සැරේ යිබෝ පැවසූ දෙය සිහිවී ශාන්ගේ වේදනාව අලුත් විය.

ශාන් පාඩම් වැඩවල සිටි නිසා මේරිත් ශාන්ට කරදර කරන්නට ගියේ නැත.ඇය වොශ් එකක් රැගෙන රාත්‍රි ආහාරය පිලියෙල කරන්නට සූදානම් විය.

ශාන්නම් පාඩම් කරනවට වඩා කරන්නේ යිබෝ ගැන කල්පනා කරමින් පොත්බල බලිකුරුටු ඇදීමයි.ඉතින් රාත්‍රි හතට පමන පොත් මේසය අසල වාඩි වී සිටි ශාන්ට ඇසුනේ මිදුලේ වාහනයක් නතර කරන හඩයි.පැමිනියේ කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැත ඒ ඉතින් යිබෝය.

නමුත් ඉතින් ශාන්ට මේ මොහොතේ යිබෝ ඉදිරියට යාමට තරම් ශක්තියක් නැත.අනිවාර්යයෙන් ඔහුව දුටු ගමන්ම තමන් අගුලු ලා ඇති හැගීම් නැවතත් පිටතට පැමිනෙන බව ශාන් හොදින්ම දනී.

වාහනය නතර කරන හඩ ඇසී යූහිද සාලයට පැමිනියේ මේ රෑ නිවසට ආවේ කවුරුදැයි බැලීමටයි.

"මේ චූටි මහත්තයනේ ,මම ඒත් බැලුව මේ  රෑ කවුද ආවෙ කියල"

"මම මේ ලගකට ඇවිත් යන්න ආව චූටි අම්මා ඒ ගමන් මේ මෙහෙත් ඇවිත් යන්න හිතුන"

යිබෝ එසේ පැවසුවත් ඔහුගේ දෑස් සොයන්නේනම් ශාන්වයි.යිබෝ කෙලින්ම පැමිනියේ මේ නිවසට යැයි  එකපාර කියන්න නොහැකි නිසා ලගකට පැමිනි බව ඔහු පැවසුවේය .

යිබෝ අනිවාර්යයෙන් පැමිනෙන්න ඇත්තේ මෙහෙ බව මේරිට සිතුනත් යලිත් ඒ පිලිබද අසන්නට ගියේ නැත.නමුත් ඒ දෑස්නම් සොයන්නේ වෙන දෙයක් බව ඇයට වැටහුනි .

"චූටි මහත්තය ආව එකේ රෑට කාලම යමු. ඉන්නකො මම උයනකම් ඔයා සුදු බබා එක්ක කතාවක් දාගෙන ඉන්න එයා කාමරේ පාඩම් කරනව මම එයාට කතා කරන්නම්"

එවරනම් යිබෝගේ දෑස් සතුටින්  දිලිසෙන අයුරු මේරි දුටුවේය.ඇත්තෙන්ම යිබෝට  වුවමනා වුනේ ශාන්ව මුන ගැසීමටයි නමුත් එකවරම ඔහු පිලිබද මේරිගෙන් විමසීම සුදුසු නැතයි ඔහුට සිතුනි.

love of destiny (Yizhan )/completeTempat cerita menjadi hidup. Temukan sekarang