Love of destiny
🌄🌄🌄හුනාන් ප්‍රදේශයට අලුත් ඉරක් පායද්දී ශාන් අද උදෑසන අවදි වූයේ මව සමග යිබෝ සර්ගේ බංගලාවට යාමටයි.
ඉතින් ඉක්මනින් වොශ් එකක් රැගෙන නිල්පාට දිග කලිසමට කහපාට හූඩියක් ඇදගත්තු ශාන් මව සොයා කිචන් එකට ගියේ ඉක්මනින් උදෑසන ආහාරය රැගෙන බංගලාවට යාමටයි.
"අම්මෝ අදනම් අනිත් පැත්තෙන් ඉර පායලාද මන්ද මොකද සුදු බබා අද උදෙන්ම ඇහැරල.කොහෙ යන්නද මේ සුවද ගහ ගහ ලස්සනට ඇදගෙන."ඇත්තෙන්ම ඒ ඇදුමට ශාන්ගේ හුරතල් සුන්දර බව තවත් කැපී පෙනුනි.
"අනේ යන්න මමා යන්න පරක්කු වෙලා ඇහැරියත් බනිනව උදෙන්ම ඇහැරියත් එක එක දේවල් කියනව හුහ්😒😒මීට වඩා හොදා මම චූචි පූස් පැටියෙක් වෙලාවත් ඉපදුනානම් එතකොට කවුරුත් බනින්නෙ නෑනෙ මගෙ පාඩුවේ අහුවෙන දෙයක් කාලා නිදන් ඉන්න පුලුවන් 😑😑""
"ඔව් ඔව් උබට තව ඒක විතරයි අඩු මගෙන් ගුටි නොකා මේ ටෝස්ට් කරපු පාන් ටිකයි අර ජෑම් බෝතලෙයි අරන් කෑම මේසෙන් තියන්න මම කිරි දෙකක් හදන් එන්නම්."
උදෑසන ආහාරය ගන්නා අතරත් ශාන් සිටින්නේ වෙනත් ලෝකෙකයි විටෙක තනියම සිනාසෙයි.මේරි දැන් මේ සෑහෙන වෙලාවක සිට ශාන් දෙස බලා සිටී.ඒත් ඉතින් ශාන්ටනම් තම මව තමා දෙස බලා සිටිනවා කියාවත් වගක් නැත.චූටි මහත්තයා බංගලාවට ආව දවසේ සිට තම පුතුගේ හැසිරීමේ වෙනසක් ඇති බව ඇයට සිතුනි නමුත් ඇය තවම කිසිවක් කියන්නට ගියේ නැත.සියල්ල කාලයට බාර දෙන්න ඇය සිතා ගත්තේය . ඇයට ඉතින් ශාන්ගේ කුඩා වෙනසක් පවා හදුනා ගත හැක.තමන්ගේ දරුවකුගේ කුඩා වෙනසක් පවා මුලින්ම හදුනා ගන්නේ මවයි.ඒක ඉතින් ඕනිම මවකගේ ගති ලක්ශනයකි.
"මමා අද මමත් බංගලාවට යන්න එනව."
ආහාර ගන්නා අතරතුර ශාන් පැවසුවේය ."මොකද සුදු බබා එකපාරට බංගලාව මතක් උනේ.""ශාන්ගේ මව මේ ශාන්ගෙන් අසන්නේ ඔහුගේ දෙසට තීක්ෂණ බැල්මක් හෙලමිනි.
ශාන් මෙය දැක කලබල වුනත් ඒ බව නොපෙන්වා කටට ආව බොරුවක් පැවසුවේය.
"නෑ මමා ඉතින් මම දවස් දෙකක් ගියේ නෑනේ සුදු අම්මත් මම එනකම් පාලුවෙන් ඇත්තෙ එයාව ඒම බලල මමාටත් වැඩ වලට උදව් කරන්න එක්ක එන්නම්."
KAMU SEDANG MEMBACA
love of destiny (Yizhan )/complete
Fiksi Penggemar❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණම...