Perdita pov...
මම මට පුරුදු තැනින් ඉද ගත්තා...වෙරලේ මම ආසම තැන තියන ගල උඩින්...එතන මාර නිදහස්...හිමිට ඇස් පියාගෙන මම සන්සුන් උනා...
මුහුදේ රැලි ගහන හඩේ රිද්මයට මම එකතු උනා...හිමීට ඇස් ඇරලා මුහුද පැත්තට අත දික් කරා...
රැලි ගහන වතුරෙන් වතුර බෝලයක් උඩට ආවේ මටත් මං ගැන පුදුම හිතෙද්දි...වැඩේ කියන්නෙ වතුර බෝලේ මාලුවෙකුත් හිටියා...."ඒක නම් මරු..."
ආගන්තුක හඩක් ඇහිලා මාව ගැස්සුනේ වතුර බෝලේ ආයමත් මුහුදට අත ඇරෙද්දි....ඒ කොල්ලා පිටිපස්සෙ තිබ්බ ගලකට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන මම දිහා බලන් හිටියේ....දුබුරු ඇසුයි ඒ පාටම කොන්ඩෙයි....දෙපාරක් බලන්න තරම් එයා ලස්සනයි...ඒකයි ඇත්ත..මේ ටිකේම එන්නෙ ලස්සන කොල්ලොනේ....
"මම ඔයාව ගිලින්නෑ...ඔහොම බලන් ඉන්න එපා හලෝ..."
ඒ කොල්ලා ටික ටික මා ගාවට ආවා...
"ඔ...ඔයා කව්ද...මැක්ස්ගෙ කෙනෙක්ද..."
මම බය වෙලයි හිටියෙ...කොහෙන්ද පාත් උන කොල්ලෙක් ඔයා මුහුදෙ වතුර උස්සනවා දැක්කොත් ඔයාට මොනා හිතෙයිද....
"ඔව්...මම මැක්ස්ගෙ කෙනෙක්.."
"හහ්...මැක්ස්ද ඔයාව ඔත්තු බලන්න දැම්මේ..."
"මොකක්....ඔයායි මායි කියන මැක්ස් දෙන්නෙක් වෙන්න ඕන...මොකද මම කිව්වෙ බල්ලෙක් ගැන..."
"අම් ....සොරි...මම කිව්වෙ මනුස්සයෙක් ගැන...."
"හොදයි හොදයි පුන්චි කෙල්ලෙ...ඔයා මුහුදට කරපු දේ මම දැක්කා හොදේ..."
"ඒකද...ඒක...ඒක...මේ...."
"මේකද...."
ඈහ්....ඒ කොල්ලා මුහුදට අත දික් කරා විතරයි මුහුදේ වතුර ඉස්සුනා...ඒ කියන්නෙ මෙයා...
"ඔයා...."
"ඔව්...මමත් මායාකාරයෙක්..."
"වංශය...."
"ලොකුවට ඇහුවට මම දන්නවා ඔයා වංශ ගැන දන්නෙ නෑ කියලා....ඉතින්...ඔයාගෙ නම..."
"ම්ම්ම්ම්...."
නැනී මම කොල්ලෙක් එක්ක කතා කරා කියලා දැන ගත්තොත් මාව මරයි...මගේ නම මිනිස්සුන්ට කියන්න එයා තහනම් කරලයි තිබ්බේ...
"නැනී ඔයාට කිව්වේ මිනිස්සු එක්ක කතා කරන්න එපා කියලයි...මම මනුස්සයෙක් නෙමෙයි..."
ඒ කොල්ල කිව්වේ ලස්සනට හිනා වෙලා...වාහ්...එයාටත් තාත්තා වගේ හිත කියවන්න පුලුවන්නේ...මරූ...
"හිත කියවලම නමත් හොයාගන්න..."
"බෑ....ඔයා කියන්න..."
"මම...පර්ඩිටා...ඔයා...."
"මගෙ හිත කියවලා බලන්න..."
"මට හිත් කියවන්න බෑ...."
"හිත් කියවන්න ඉගන ගන්නකල් ඔයා මට රොන් කියලා කතා කරන්න..."
"ඇත්ත නම මොකක්ද..."
"ඔයාම හොයා ගන්න පුන්චි කෙල්ලේ..."
එයා මා ගාවම ගලෙන් වාඩි උනා...
"මම ඔයාට කියලා දෙන්නම් වතුර ගොඩක් එකපාර උස්සන්න..."
රොන් මගේ අත යටින් එයාගේ අත තියල මුහුද දිහාවට දික් කරා....වෙන කොල්ලෙක් නම් මම මෙලහකට අත ඇදලා අරන් ඒ කොල්ලාගෙ හොම්බ කට සමතලා කරල....ඒත් මෙයා එක්ක ඉන්න මට කිසිම අපහසුතාවයක් දැනුනෙ නෑ....
"එහෙනම් පුන්චි කෙල්ලෙ මම යන්නම්.."
කොයි තරම් වෙලාවක් මුහුදු රල එක්ක සෙල්ලම් කරාද දන්නෙ නෑ....එයා කියද්දියි මම පියවි සිහියට ආවේ..
"දැන්ම යනවද..."
"පැය හතරක් අපි එකතැන හිටියා...එහෙනම් මම යන්නම්...ඔයත් යන්න...හෙට හම්බෙමු..."
මම කියන්නත් කලින් ඒකා අතුරුදහන් උනා...හොල්මනක්ද මන්දා...එයාගේ දුබුරු පාට ඇස් මට කොහෙදිහරි දැකලා පුරුදුයි...කොහෙදිද මන්දා....
ඒ එක්කම බඩ කුරු කුරු ගෑවේ කන්න වෙලාව හරි කියන්නයි...
😌ඔම්න ප්රින්සස් ජෙසී ආවා...
කාලා බීලා නාලාත ඉම්නෙ...
කව්ත මේ රෝන්?????
YOU ARE READING
Perdita
Short Story"ඔයාගේ නම මොකක්ද??" "පර්ඩිටා..." "ලස්සන නමක්..." "දන්නද...ඒකේ තේරුම අතරමංවුනු කියන එකයි.." ජීවිතයේ අතරමං වුනු අවුරුදු දා හතක පුන්චි කෙල්ලෙක්...