Author pov....❄කන්ෆියුස් වෙලා හිටිය ඇලෙක්ස් පියවි සිහියට ආවේ මැක්ස් එයාගේ යාලුවෝ එක්ක කෑ ගහගෙන මුහුද දිහාට යද්දියි...පර්ඩිටා වගේ නෙමෙයි එයා ගොඩක් දේවල් දැනන් හිටියා අර්ද ෆීනික්ස් කෙනෙක් වතුරට පනින එක හොද නැහැ කියලා...
එක පිම්මට එයා දිව්වේ හොටෙල් එකට..වාසනාවට වගේ පෝන් එකට කොට කොට ආපු චෙල්සි දඩෝං ගාලා ඇලෙක්ස්ගේ ඇගේ හැප්පුනා...
"ඒයි මෝඩ උලමා...කොහෙ බලන්ද යන්නේ ඌරෝ..."
"කෝ ඔහෙගෙ ෆෝන් එක රිලවියේ...පර්සිට කෝල් එකක් ගනින්කො"
තමන්ගේ අයියා ලොකු කලබලේකින් කියලා තේරුම්ගත්ත චෙල්සි හතර ගාතෙන් බිම ඉදගෙනම Mine Wings With Lion කියලා සේව් කරපු නම්බරේට කෝල් එකක් අරන් ඇලෙක්ස්ට දුන්නා...
📞 "කියන්න බේබී...ඇයි හදිස්සියේ..."
📞 "චෙල්සි නෙමේ බූරුවෝ මේ මං.."
ඇලෙක්ස් කතා කරද්දි එයාගේ කටහඩ වෙව්ලුවා...ඔව්...එයා බයවෙලා..
📞 "අහ්...මස්සිනා...මොකෝ බං වෙව්ලන්නේ...අසනීපෙන්ද..."
📞 " උ...උබෙ නංගි.."
📞 "මොකද උනේ..."
📞 "වෙරලෙදි මගෙ ඇගේ හැප්පුනා බං...අපේ මාර්ක් එකට ගෑවුනා...ගෙදර ගිහින් බලහන්කෝ...ඒකි වතුරට පැන්නා...
📞 " මො..මොකක්...ෆීනික්ස් ආත්මේ එක්ක.."
📞 " ඔව් යකෝ..."
📞 "ඉදහන්...මම දැන්ම යනවා..."
පර්සි ෆෝන් එක තිබ්බහම තමා ඇලෙක්ස් මේ ලෝකෙට ආවේ...එයා දැක්කේ තාම බිම ඉදන් ඉන්න චෙල්සියි ඇලෙක්ස්ව කන්න වගේ බලන් ඉන්න කෙල්ලො ටිකකුයි...
"ඒයි මෝඩි එනවා යන්න..."
තමන් කෙල්ලො ගොඩක් මැද කමිසෙකුත් නැතුව ඉන්න නිසා ලැජ්ජා හිතුන ඇලෙක්ස් චෙල්සිවත් ඇදන් එතනින් ගියා...වාසනාවට එයාගෙ ටැටූ එක කව්රුත් දැක්කේ නෑ....
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
වතුරට පැන්න ගමන් පර්ඩිටාට දැනුනේ එයාව පිච්චෙනවා වගේ...රත් වෙච්ච යකඩෙකින් පිටේ චිත්රයක් අදිනවා වගෙයි එයාට දැනුනේ...ඒ වේදනාවටම මුහුදේ ලුනු වතුර වදිද්දි එයාගේ හොද සිහිය එයාගෙන් ටික ටික ඈතට ගියා...
ඒ එක්කම අහසින් පාත්වෙච්ච සතෙක් පර්ඩිටාව කකුල් වලින් උස්සගත්තා...ඌ කෙලින්ම පියාබගෙන ගියේ නැනී ඉන්න පරන ගේ දිහාට....
ඒ සිංහයෙක්...විශාල තටු තියන සිංහයෙක්...
ස්කොට්ගේ සහ එමීනාගේ මුල්ම දරුවා..
පර්ඩිටාගේ අයියා...
පර්සි අයිවන්...
නැත්තම් පර්ඩිටාගේ යාලුවා රොන්...
පර්ඩිටාගේ ආරක්ශකයා...
රෑට පර්ඩිටාගේ තාත්තාව හම්බෙන්න එන අමුත්තා...
චෙල්සිගේ ආදරවන්තයා..
ඇලෙක්ස්ගෙ මස්සිනා / හොදම යාලුවා...පර්සි ගේ ගාවට එද්දිම අර්ද වශයෙන් පරිවර්තනය උනා...ඒ කියන්නෙ තටු තියන මනුස්සයෙක් විදිහට...එයා පර්ඩිටාව ඇතුලට අරන් එද්දිම ස්කොට් සහ නැනී ඉස්සරහට දුවන් ආවා...
"පර්සි...එයාට කොහොමද..."
නැනී ඇහුවේ වෙව්ලමින්.." ෆීනික්ස් අවදි වෙන්න යන්නේ..මකරා ලග නෑ...මෙයා වතුරෙ හිටියේ..."
පර්සිත් හිටියෙ බයෙන්.."එයාව එයාගේ කාමරෙන් තියන්න...එයාව උනුසුම් කරන්න තියා අපේ බලයන්ගෙන් එයාගේ කෙස් ගහක් හොල්ලන්නවත් අපිට බෑ....මකරා නැතුව එයාට ඉන්න අමාරුයි..."
"තාත්තේ මම ඇලෙක්ස්ව එක්ක එන්නද..."
"එපා....එයාලා විසින්මයි එයාලා අදුරගන්න ඕන..."
"පර්සි...ස්කොට්...මම දන්නවා ක්රමයක්...ඒත්...ඒත්...ඒක හරි ගියොත් හොදයි..."
"මොකක්ද නැනී..."
"මකරාව ෆීනික්ස් ගාවට ගේන්න...ෆීනික්ස්ට නම් මේ වේදනාව එන්න මකරා දිහා බලන්නවත් බෑ...මකරාගේ පෙනීම නැති කරන්නම් මම...තාවකාලිකව..."
නැනී කිව්වේ පර්ඩිටාව බේරගන්න තියන එකම ක්රමය..
පර්සි මේ ගැන ඇලෙක්ස්ට කිව්වම ඇලෙක්ස් කිසි පැකිලීමක් නැතුව එකග උනා
YOU ARE READING
Perdita
Short Story"ඔයාගේ නම මොකක්ද??" "පර්ඩිටා..." "ලස්සන නමක්..." "දන්නද...ඒකේ තේරුම අතරමංවුනු කියන එකයි.." ජීවිතයේ අතරමං වුනු අවුරුදු දා හතක පුන්චි කෙල්ලෙක්...