ස්පර්ශය

86 21 10
                                    


අත් දිග කලු පාට ශර්ට් එකයි මූන වැහෙන්න කැප් එකයි දාන් මම හිමීට එලියට බැස්සා...ශර්ට් එකේ සලකුන තියන තැන එලියට නිරාවරනය වෙලා තිබ්බත් මම ගනන් ගත්තේ නෑ...සමහර විට ඒක ටැටූ එකක් කියලා කට්ටිය හිතයි...

ඇස් මට්ටමටම කැප් එක දාගෙනම මම හිමීට ගියේ මම ආසම තැනට...වෙනදා මම යන ගලට වඩා වෙනස් තැනක්...රොන් තමා මට මේ තැන පෙන්නුවේ...තනියම පැක්ට්‍රිස් කරන්න පුලුවන් හැන්ගුන තැනක් නිසයි මම මෙතෙන්ට ආස...මේක ගුහාවක්...

ගුහාවට යන්න කලින් මම ඒ ඉස්සරහ තිබ්බ ගල උඩින් ඉද ගෙන මුහුද දිහා බලන් හිටියා...
මන් වටේ තියන ඔක්කොම රහස් දන්න එකම කෙනා සමහරවිට මුහුද වෙන්න ඇති...නැනීගේ රහස...නැනී ආදරේ කරපු කෙනාගේ රහස..
මේ ඔක්කොම..

මට තියන ලොකුම සැනසීම හැමදාම රෑට චෙල්සිව හම්බෙන එක...සමහරවිට..මට පුලුවන් වෙයි දවල්ටත් එයාව හම්බෙන්න..කැප් එක දාන් ගියාම කාටවත් මාව අදුරගන්නත් බෑනේ...

ගුහාවට යන එක හිතින් අත ඇරලා මම ටොලම්ගේ හෝටලේ පැත්තට හිමීට අඩිය තිබ්බා...මැක්සුත් එහෙ ඇති...ඒත් ඒ මෝඩයට මම බය නෑනේ...

හෝටලේ පේන මානේ ගලක් ගාව මම හැන්ගුනේ ඉස්සරහ ඉන්න කොල්ලෙක් නිසා...කොට කලිසමකින් විතරයි එයාගේ ඇග වැහිලා තිබ්බේ...නිරාවරනය උන එයාගේ පපුවේ තිබ්බේ මකරෙක්ගේ ටැටූ එකක්..
ඒක ටැටූ එකක්මද???

එයාගේ මූන බලන්න මට උවමනාවක් තිබ්බා...මම ඒකට ට්‍රයි කරත් මට බැරි උනා...එයා හිටියේ අහක බලාගෙන..

"අන්න ලිට්ල් විච්..."




Author pov  ❄


මැක්ස්ගේ සහචරයෙක්ගේ හඩ ඇහුන ගමන් පර්ඩිටා කලබල උනා...එයාට උතුර දකුන දෙක මාරු උනා මේ හදිස්සියේ උන දේ නිසා...ඒ නිසා එයා ආපහු හැරෙනවා වෙනුවට ලොකු පිම්මක් අරන් ගල උඩින් පැන්නා...

"හැමදාම හැන්ගෙන්න බෑ ඔයාට..."

මැක්ස් කෑ ගහද්දි පර්ඩිටා දිව්වා...කැප් එක ඇස් මට්ටමටම තියන නිසා එයාට හරියට පාර පෙනුනේ නැහැ...

බ්‍රේක් නැතුව ගිය පාර එයාව කෙලින්ම හැප්පුනෙ අර බෝයිගේ පපුවේ...පර්ඩිටාගේ පිට ඒ කොල්ලගේ පපුවේ ස්පර්ශ උන ක්ශනිකයෙන් ඒ තරුන සවිමත් පපුවේ තිබ්බ මකර සලකුන පර්ඩියාගේ නිරාවරනය උන පිටේ තිබ්බ සමනල් සලකුනේ ස්පර්ශ වෙලා ගින්දර වගේ එලියක් ඇවිත් එකපාර අතුරුදහන් උනා...

ඔව්...
මකරා තමන්ගේ සහකාරියගේ ඇග ඇතුලේ හිටිය ෆීනික්ස්ව අවදි කෙරෙව්වා...

ඒ වෙලාවේ කොල ඇස් සහ නිල් ඇස් එකිනෙකට සමීපව මුන ගැහුනා...මොහොතකද දෙන්නට දෙන්නගේ හදගැස්ම දැනුනා...

"ස්...සොරි මිස්ටර්..."

මේ ඔක්කොම උනේ ක්ශනිකයෙන්...හිතන්නවත් කාලයක් නැහැ.....තප්පරයකටත් අඩු කාලෙකින් උන මේ සිදුවීම් දාමය ඉවර කරන්න පර්ටිඩා ඒ කෙනාගෙන් සමාව ඉල්ලලා ඉක්මනට මුහුදට පැන්නේ අහින්සක කොල්ලාව කම්ෆියුස් කරලා...

ඔව්...ඒ කොල්ලා බය වෙන්න ඇති...පුදුම වෙන්නත් ඇති..තමන් මේ තරම් කාලයක් හෙව්ව ඒ කොල ඇස් වල හිමිකාරිය නොසිතූ වෙලාවක තමන්ගේ ස්වාමියාගෙන් අවරසර අරන් ෆීනික්ස් ආත්මය අවදි කරන් එකපාර ගිය එකට...

හංගන්න දෙයක් නෑනේ දැන්...ඇලෙක්ස් තමයි ඒ දුර්ලභ අභිමානවත් අවසන් මකරා...මීට සුලු මොහොතකට කලින් එයාගේ සහකාරිය නැත්තම් පර්ඩිටා අර්ද වශයෙන් අවදි වුන ෆීනික්ස් ආත්මයකුත් අරන් එතනින් ගියා...

🙂👍 සාමාන්‍යෙන් ෆීනික්ස් අවදි වෙද්දි මකරා ලග ඉන්නම ඕන ෆීනික්ස්ට ඒ වේදනාව දරා ගන්න උදව් කරන්න...දෙන්නා අදුරගත්තට පස්සෙනෙ ස්පර්ශ කරන්නේ...මේ ගොං කෙල්ල විහින්ම වැඩේ කරගත්තට අසරන ඕතරී පලි නැහැ...

ෆීනික්ස්ගේ ප්‍රදාන බලය උනුසුම...🙂 අවදි වෙමින් ඉන්න ෆීනික්ස් ආත්මය ගොඩක් උනුසුම් එහෙව් ෆීනික්ස් ආත්මයක් දරාගෙන අර මහ මුහුදට පැන්න පර්ඩිටාට තමන්ගේ ෆීනික්ස් ඇගෙන් එලියට එන්නත් කලින් මුහුදේදි මැරෙන්න වෙයිද???

මකරාට තමන්ගේ ෆීනික්ස් එනකල් තව ආත්මයක් ඉන්න වෙයිද...







Next prt - සලකුනේ වේදනාව...

🙂ෆීනික්ස්ට හොද නැති ඔක්කොම කරලා අහිම්සක පර්ඩිටාට මක් වෙයිද

PerditaWhere stories live. Discover now