සම්පූර්න කතාව

44 13 1
                                    

ලෝකේ ඇරබුන මුල්ම කාලේ...
පරිණාමය පැත්තෙන් ගත්තම අපි මිත්‍යාවක්

ඒත් අපි ඇත්තටම ඉන්නවා ලෝකෙන් හැන්ගිලා ,
අපි මායාකාරයොවත් ඒලියන්ස්ලාවත් නෙමෙයි...මේ පෘතුවියෙම ජීවත් උන මිනිස්සු වගේම ජීවීන් කොට්ටාසයක්...අපේ වෙනස තමයි අවුරුදු පහලවෙන් පස්සෙ අපිට එක එක සත්තු වගේ වෙස් මාරු කරන්න පුලුවන්

මුල් අවදියෙදි අපිට කිසිම විශේශ බලයක් තිබ්බෙ නෑ...අපි මිනිස්සුන්ට දඩයම් කරන්න එහෙම උදව් කරා සත්ව රූපෙන්...ඒ කාලේ සාමාන්‍ය සත්තු හිටියෙ නෑ...හිටියෙ මිනිස්සුයි අපි වගේ එන්ඩෙක්ටර්සා ඒ කියන්නෙ වෙස් ගන්න ජීවිනුයි විතරයි

කල් යද්දි මිනිස්සු අපි එක්ක රන්ඩු කරන්න ගත්තා...එයාලා අපිව වහල්ලු වගේ වැඩට ගත්තා...අපි විරුද්ද උනාම මිනිස්සු කරේ අපිව සදාකාලික සත්තු කරපු එක...

"ඒත් තාත්තේ ඔයා කලින් කිව්වේ වෙනම දෙයක්නේ..."

"ඒ ඔයාව රට්ටන්න කියපු කතාවක්....අහන්නකෝ ඇත්තම කතාව....."

මිනිස්සු එන්න එන්නම ඒ බේත පාවිච්චි කරලා අපේ අයව සාමාන්‍ය සත්තු කරද්දි  එන්ඩෙක්ටර්ස්ලා වෙනම සංවිදානය උනා...අපි අපිට රජෙක් රැජිනයක් පත් කරගත්තා , ඒත් මිනිස්සුන්ගෙ තර්ජන අඩු උනේ නැහැ..

ඒ කාලේ අපේ රජතුමා සිංහයෙක් , රැජින මුවෙක් ඒ දෙන්නට දාව ඉපදුනා පුන්චි කෙල්ලෙක්...ඒ ඔයාගෙ අම්මා...එමීනා...

එමීනා පොඩි කාලේ සමනලයෙක් වගේ මාර්ක් එකක් තිබ්බත් මගේ අයියාගෙයි එයාගෙයි ප්‍රතම හාදුව වෙලාවේ ඒ සමනල ලකුන ෆීනික්ස් ලකුනකට මාරු උනා...මගේ අයියා මකරෙක්

මිනිස්සු අනික් අයව සාමාන්‍ය සත්තු කරත් මකරා සහ ෆීනික්ස් කියන්නෙ සාමාන්‍ය සත්තු උනත් ගොඩක් බලවත් අය...ඉතින් ටික කාලෙකට අපිට තියන තර්ජන අඩු උනා

ඒත් මිනිස්සු සංවිදානය උනා....එක පවුලක් පාරම්පරිකවම අපිව දඩයම කරගත්ත කට්ටියක් මගේ අයියව මැරුවා...මැරුවෙ කොහොමද කියන එක අදටත් රහසක්...ඒ වෙද්දී එමීනා අම්මා කෙනෙක් වෙන ලකුනු තිබ්බා

මගෙ අයියව මරපු මිනිස්සු ෆීනික්ස්ව හොයද්දි මගේ බිරිද පර්සිව මට දීල කිව්වා ෆීනික්ස්වයි එයාගෙ දරුව වයි අනාගතයේ අපේ නිදහස වෙනුවෙන් රැක ගන්න කියලා

ඉතින් මන් එතනින් බේරිලා ආවා...එමීනා එන්න එන්නම දුර්වල උනා මකරෙක්ගෙ උනුසුම නැතුව ෆීලික්ස්ට පැවැත්මක් නැහැ...
ඉතින් ඔයාව හම්බෙද්දිම ඔයාගෙ අම්මා ගියේ අනාවැකියක් ඉතුරු කරලා

දවසක ආයෙත් මකරෙක් ඒවී...
ෆීනික්ස් මකර සුසුමෙන් අවදි වේවී..
ආය අපිට නිදහස ලැබේවී

"ඔ ..ඔයා මගේ...."

"ඔයාට මන් ඔක්කොම කිව්වා චූටී...."

මට ඒක දරාගන්න අමාරුයි...මගෙ තාත්තා මගෙ බාප්පද???

"ශ්....මන් දන්නවා ඔයා හිතන දේ...ඒත් චූටි කෙල්ලේ මන් ඔයාගෙම අයියා...මේ ඔයාගෙම තාත්තා හොදද..."

පර්සි මාව්ද් තුරුල් කරන් මගෙ නලලෙ හාදුවක් තිබ්බා

අයියටයි තාත්තටයි තුරුල් වෙලා මන් ඇති වෙනකල් ඇඩුවා...
ඔව්...ඒ මගෙම අයියයි තාත්තයි

"ඒක නෙමේ කෙල්ල දැන් ෆීනික්ස් කෙනෙක් හොදේ..."

"ඒත් මට කිස් එකක් හම්බුනේ නෑ"

"පලවෙනි ස්පර්ශෙන් ෆීනික්ස් අවදි වෙන්නේ"

මන් කෙලිම්ම බැලුවෙ කන්නාඩිය දිහා

දෙයියනේ?????

PerditaWhere stories live. Discover now