Author pov....
චෙල්සි සහ පර්ඩිටා මුහුදු වෙරල ලගින් වෙන් වෙලා යද්දි එතන සිද්ද උන හැම දෙයක්ම කැමරා කාචයක සටහන් උනා...ඒ වගේම ඒ දේවල් නරකම කෙනෙක් අතට ගියා...
"එමීනා ශැරන් මැකාති ඔයා කොයි තරම් ට්රයි කරත් ඔයාගේ ආදරනීය හස්බන්ඩ් ස්කොට් මැකාතිට ඔයාගේ දුවව ආරක්ශා කරන්න බැරි වෙයි වගේ...ඔයා තමා අන්තිම පුරුක පුන්චි එමීනා...අම්මාගේ ගති ගුන ඔක්කොම තියනවා වගෙයි..."
කාමරය පුරා සිගරට් සුවද ගලන් යද්දි ඒ මනුස්සයා සිගරට් සුවද විදින බවකුයි පෙනුනේ...
"සර්....කෙල්ලව උස්සන්නද..."
"කෙල්ලව දැනම උස්සන්න එපා...අපි ඉවසන්න ඕන...එයා මකරෙක්ගේ ස්පර්ශය එක්ක සමනල් ආත්මයෙන් ෆීන්ක්ස් ආත්මයට හුවමාරු වෙනකල්..."
"ඒත් සර් මකර වංශිකයෙක්???"
"දූපතේම ඉන්න ඕන...."
කලු කබායක් ඇදන් හිටිය ඒ මනුස්සයා කුරිරු හිනාවක් එක්කම එතනින් ගියා.
Perdita pov...
රයිට්..අද නම් මම පට්ට සාර්තකයි...අද මට පුලුවන් උනා තාත්තාට හොරෙන් කාමරේට රිංග ගන්න....මේ දවස් වල් හිතා ගන්න බැරි තරම් මම තාත්තාට ලන් වෙලා..පලවෙනි දවසෙ මම ඒ තරම් නපුරු උනේ කොහොමද මන්දා...දැන් නම් මට තාත්තා නැතුව ඉන්නම බෑ...මම කොට්ටෙ තදින් බදා ගද්දිම පහලින් කටහඩක් ඇහුනා...
"ඔයා අද පරක්කුයි...."
ඒ තාත්තා..
"සොරී..."
ඒ අමුත්තා...
"පරක්කු වෙන්න හේතූ..."
"මගෙගෑල්ලමයගෙප්රශ්නයක්..."
"හහ්...හා...මොකද කොල්ලෝ කෙල්ලෙක් වගේ ඇබරෙන්නේ....මම ඔයිට වඩා හොදට මගේ නැන්දම්මා ගාවටත් ගියා..."
"ලොරීන් ආච්චි වස නෑනේ..."
"මමනෙ දන්නෙ එයාගෙ වස...එමීනාව දෙන්න එයා කැමති උනේම නෑ.."
"අයියෝ මැකා...ඔයා මට ඕක මොන තරම් කියලා තියනවද...."
"මැකා??? වැඩිහිටියන්ට නම්බු දීලා කතා කරන්න කොල්ලෝ..."
"හරි සුදූ....මගේ කෙල්ලගෙ තත්වෙ කොහොමද.."
"ඔයාගේ???"
"ඔව්...."
"කෙල්ල නම් හොදින්...රෑට රෑට එලියට යනවා..ඇහැ ගහන් ඉන්න..."
"හරි....එහෙනම් මම යන්නම්...තාත්තේ..."
"පරිස්සම් වෙන්න .."
ආගන්තුකයා ඇදලා තාත්තේ කියද්දි තාත්තාගෙ කටහඩේ තිබ්බේ ලොකු ආදරයක් ..මේ අත්බූත අමුත්තා කවුරු උනත් එයා මගේ ජීවිතේටත් ගොඩක් වැදගත් කෙනෙක් කියලා මට තේරුනා...මගේ ආරක්ශාව බාර දෙන්න තරම් තාත්තා කාවද විශ්වාස කරන්නේ...
මම බෙඩ් ශිට් එක නහය ගාවටම පොරවගෙන තදින් ඇස් පියා ගත්තේ කාමරේ දොර ඇරෙන සද්දෙට....අඩි සද්දෙන් කියන්න පුලුවන්...ඒ තාත්තා...
එයා ඇද ගාවින් වාඩි වෙලා මගේ කැරලි කෙස් එයාගේ ඇගිලි වල පටල ගත්තා..."ඔයාගෙන් මම ආයෙත් සමාව ඉල්ලනවා චූටී....ඔයාට හොරෙන් ඔයා ගැන බලන්න කෙනෙක් දැම්මට...ඔයාගේ ඉරණම ඔයාටම ලියාගන්න නුදුන්නට...ඒත් ඔයාගෙ අම්මාට මම පොරොන්දු උනා මැනික...ඔයාව ඒ යක්සයින්ට අල්ල ගන්න දෙන්නෙ නෑ කියලා...මකර වංශිකයො හම්බුනාම ඔක්කොම හරි යාවී..."
නිරාදරනය වෙලා තිබ්බ මගේ කම්මුලකට තාත්තාගේ කදුලු බෝලයක් වැටුනා...එයා අඩනවා...මම එයාව සනසන්න ඕන කියලා නැගින්න යද්දිම මගේ නලලෙන් හාදුවක් තියපු තාත්තා එතනින් නැගිටලා ගියා...
මට තේරුනා මටත් හොරෙන් මගේ වටේ රහස් ගොඩක් තියනවා කියලා...මටත් හොරෙන් මම කතාවක චරිතයක් වෙලා...දවසින් දවස වෙන දේවල් නිසා මම මානසිකව වැටෙන්න තිබ්බ අවස්තාව නැති උනේ නැනී තාත්තා සහ චෙල්සි නිසා...
පර්ඩිටා වටේ තියන රහස් කවදා එලිවෙයිද මන්දා නේහ්
YOU ARE READING
Perdita
Short Story"ඔයාගේ නම මොකක්ද??" "පර්ඩිටා..." "ලස්සන නමක්..." "දන්නද...ඒකේ තේරුම අතරමංවුනු කියන එකයි.." ජීවිතයේ අතරමං වුනු අවුරුදු දා හතක පුන්චි කෙල්ලෙක්...