• සූජින් උදෙන්ම නැගිට්ටා ඒත් එදත් නිවාඩු දවසක් නිසා කෙල්ලට කරන්න දෙයක්වත් හිතාගන්න බෑ.. සූජින් ඒ මාලිගාවක් වගේ ලොකුවට තියෙන ගෙදර ටිකක් ඇවිදලා බලන්න හිතාගත්තෙ ඒක නිසා..ටික වෙලාවක් යනවත් එක්කම කෙල්ලට ඇහුනා කවුරු හරි ගේට් එක ඇරගෙන එන සද්දෙ. ආවෙ කවුද කියල බලන්න කෙල්ල ගියේ නෑ මොකද මේක එයාගෙ ගෙදර නෙමේනේ..
Sujin pov
මට එකපාරටම ඇහුනේ කාගෙහරි කටහඩක්..
"ඔම්මා මම ගෙදර ආවෝ.." එච්චරයි ඇහුනේ ඊලගට ඇහුනේ යොන්සෝ ආන්ටි මොනව හරි කියනව වගේ ඒත් මට මුකුත් පැහැදිලිව ඇහුනෙ නෑ..
මං හිතන්නේ ඒ ආවේ ආන්ටිගෙ පොඩි පුතා වෙන්න ඇති.. ඒත් ඒ කටහඩ මට ටිකක් අහල පුරුදුයි වගේනේ.. ශුවර් එකටම කොහෙදි හරි අහල තියෙනවා.. ඒත් හරියට මතකෙට එන්නෑනේ. සමහර විට කැෆේ එකට ආපු කෙනෙක් වෙන්න ඇති..
මම තව ටික වෙලාවක් ගාඩ්න් එකේ හිටියේ එතන සීතල හුලගට මම ගොඩක් ආස කරපු නිසා..
පැය භාගයක් විතර යද්දි මට ඇහුනා කවුරු හරි මං හිටපු පැත්තට ඇවිදගෙන එන සද්දෙ.. ඒත් එක්කම එයා හයියෙන් කතා කරනවත්..
"හරි ඔම්මා.. මං ජන්ග් ආන්ටිගේ දුවවත් එක්කගෙන එන්නම්ම්..."
ඒ අර මට හුරු කටහඩමයි.. මට තේරුනා එයා මගේ පිටිපස්සෙ ඉන්නේ කියලා. එයා ඈත ඉදලා මගේ පැත්තට ඇවිදගෙන එන අඩි සද්දේ මට හොදටම ඇහුනා..
මේ මොකද?? ආශ්... එකපාරටම මගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා.. නිකන් ඇගම හිරි වැටිල යනවා වගේ.. සමහර විට සීතල නිසා වෙන්න ඇති..
" Excuse me කෙල්ලේ.. ඔම්මා ඔයාටත් එන්න කිව්වා breakfast එක ගන්න.."
එයා මගේ ගාවටම ඇවිත් මට එහෙම කිව්වම මම එයා ඉන්න පැත්තට හැරුනේ..
ඈඈඈඈ!!!!!?????
මෙයා??
මෙයා මොනවද මෙතන කරන්නේ??
එයා මුලින් හිනා වෙලා හිටියත් මම හැරුනම මගේ මූන දැක්කම ඒ හිනාව එයාගෙ මූනෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගියා..
YOU ARE READING
Dark Romance |18+|| KTH✅
Fanfictionඒක ආදරක්ද?? නැත්තම් රාගයක් විතරද?? මට එයා ගාවින් දැනෙන්නෙ මොකද්ද?? මොකක් උනත් මං දන්නෙ මෙච්චරයි.. මට එයාව ඕනේ!!! //අතිශය දරුණු විය හැකි බැවින් කැමති අය පමණක් කියවන්න!! ?Don't Copy My Works‼️ ‼️Read on your own Risk‼️⚠️️