Tae : යාහ්.. ඔයාට මොකද උනේ සූජිනා??
• ඒත් එක්කම වචනයක්වත් නොකියා සූජින් කලේ ටේගෙ රූම් එකේ තිබුනු බාතෲම් එකට කටත් වහගෙන දුවපු එක.. කෙලින්ම දුවලා ගිහින් කොමඩ් එකට වමනෙ කරන්න ගත්තෙ ටේත් වේගෙන් එතෙන්ට දුවගෙන ඇවිත් කෙල්ලගෙ පිටට තට්ටු දාන ගමන් සූජින්ට උදව් කරද්දි..
ටික වෙලාවකට පස්සෙ සූජින් කටත් හෝදගෙන ආයෙමත් ටේගෙ රූම් එකට ආවෙ ටේත් බය වෙලා වගේ කෙල්ලගෙ පස්සෙන් ඇවිදගෙන එද්දි.
Tae : ඔයාට මොකද උනේ සූජිනා??
Sujin : ආ... මේ... කාපු කෑමක අවුලක් ටේ... උදෙත් වමනෙ ගියා..
Tae : ඉන්න මං ගාව බෙහෙත් තිබුනා.. අරගෙන එන්නම්
Sujin : ආනී.. ආනී... මේක නිකන්ම අඩු වෙයි
Tae : බෙහෙත් නොබී කොහොමද ලෙඩක් අඩු වෙන්නෙ පිස්සු කෙල්ලේ?? ඉන්නවා ඔහොම මම බෙහෙත් ටික අරගෙන එනකම්..
• ටේ රූම් එකෙන් එලියට ගිහින් ආයෙ ආවෙ බෙහෙත් පෙත්තකුත් අතේ තියාගෙන. අනිත් අතේ තිබ්බ වතුර වීදුරුව කෙල්ලට බලෙන්ම දුන්නම සූජින් ඒවා අප්පිරියාවෙන් බීලා දැම්මෙ වෙන කරන්න දෙයක් නොතිබුණු නිසා.
Tae : ඔච්චර අප්පිරියද ඔයාට බෙහෙත්?
Sujin : හ්ම්ම්... ඈ.... තිත්තයි..
Tae : ම්ම්.. මේක කන්න එතකොට හරි යයි...
• ටේ අහක බලාගෙන වගේ කෙල්ලගෙ පැත්තට දිග් කරේ ස්ටෝබෙරි ටොෆී එකක්.. සූජින් ඒක අරගෙන එකපාරින් කටේ දාගත්තම ටේ කලේ අහක බලාගෙනම ඇහැ කොනෙන් කෙල්ල දිහා බලපු එක. මොකද ටේට සූජින්ගෙ මූන දිහා කෙලින් බලන්න බෑ.. ඒකට හේතුව කොල්ලගෙ මූන ස්ටෝබෙරි ගෙඩි වලටත් වඩා රතු වෙලා වගේ තිබුන නිසා.
ආයෙමත් දෙන්නා වැඩ කරන්න පටන් ගත්තෙ සූජින්ගෙ බල කිරීම නිසාම ටේ ගනන් ඔක්කොම සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරද්දි. අන්තිමට රෑ වෙනකම් වැඩ කරන්න වෙයි කියලා ආපු සූජින්ට හවස 5 වෙද්දි ඔක්කොම ටික ඉවර කරන්න පුලුවන් උනා..
YOU ARE READING
Dark Romance |18+|| KTH✅
Fanfictionඒක ආදරක්ද?? නැත්තම් රාගයක් විතරද?? මට එයා ගාවින් දැනෙන්නෙ මොකද්ද?? මොකක් උනත් මං දන්නෙ මෙච්චරයි.. මට එයාව ඕනේ!!! //අතිශය දරුණු විය හැකි බැවින් කැමති අය පමණක් කියවන්න!! ?Don't Copy My Works‼️ ‼️Read on your own Risk‼️⚠️️