< 20 - Final Chapter >

2.1K 327 84
                                    

8 months later


Tae : ආශ්... මට පිස්සු වගේ ජිමිනා... ඇයි එයාට එකපාරටම අමාරු උනේ තාම කාලෙත් හරි නෑනෙ..

Jimin : ඩොක්ටර්ස්ලා බය වෙන්න එපා කිව්වනේ ටේ... අපි තව ටික වෙලාවක් මෙහෙම බලාගෙන ඉමු ටේ... සූජින්ට ප්‍රශ්නයක් නැති වේවි..








• ටේ, ජිමින් වගේම ටේගෙයි සූජින්ගෙයි ඔම්මලත් බලාගෙන හිටියේ සූජින්ගෙ ඔපරේශන් එක ඉවර වෙනකම්. සූජින්ට බබාලට නෝමල් විදිහට උපත දෙන්න බැරි උනේ කෙල්ලගෙ ඇග ටිකක් දුර්වල වෙලා තිබ්බ නිසාත් එහෙම තියෙද්දි ට්වින්ස්ලට උපත දෙන්න ලොකු මහන්සියක් වෙන්න අමාරු නිසා..

ඔව් ඔයාලා හිතුවා හරි.. ටේටයි සූජින්ටයි හම්බෙන්න හිටියේ ට්වින්ස්ලා.. සූජින් වගේම ලස්සන හුරුබුහුටි මූනක් තියෙන චූටි ගෑනු ලමයෙකුයි ටේ වගේම ටිකක් දඩබ්බර මූනක් තියෙන පුංචි පිරිමි ලමයෙකුයි..

ටේ දැනටමත් ගෙදර රූම්ස් දෙකක් බබාලා දෙන්නා වෙනුවෙන් වෙන් කරලා ඒවා එයා හිතපු විදිහටම හදලා තිබුනේ.

ඒ වගේම ටේ එයාගෙ අප්පාගෙ කම්පැනි එකත් බාරගෙන තිබුනා ඒ වෙද්දි...

විනාඩි ගානක් යනවත් එක්කම ඩොක්ට කෙනෙක් එයාලා ගාවට ආවෙ ඔපරේශන් එක ඉවරයි බබාලා දෙන්නත් එක්ක ඔම්මා හොදින් කියලා කියන ගමන්....

ඊළඟට හැමෝම ගියේ සූජින්ව අරගෙන ගිය රූම් එකට... එයාලා ඇතුලට යද්දිත් සූජින්ට තාම සිහිය ඇවිත් නෑ... එතන එහා පැත්තේ පුංචි තොටිල්ලවල් දෙකක චූටි බබාලා දෙන්නෙක් හිටියේ ටේගෙ ඇස් වලට එක දිගට කඳුළු එද්දි...

ජිමින් ටේගෙ පිටට පොඩි තට්ටුවක් දැම්මේ කොල්ලව සනසන්න වගේ...





Tae : එයාලා ගොඩාක් ලස්සනයි ඔම්මා.. එයාලා හරි හුරතල්.... මම එයාලට හොද අප්පා කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම... මගේ පැටව් දෙන්නා...




• ටේට බබාලව වඩාගන්න තියා අල්ලන්නත් බයයි මොකක් හරි වෙයි කියලා.. ඒක නිසා සූජින් නැගිටිනකල්ම එයා එහෙමම සූජින් දිහා බලාගෙන කෙල්ලගෙ අතකිනුත් අල්ලගෙන හිටියේ අනිත් හැමෝම ටේවයි සූජින්වයි බබාලා එක්ක රූම් එකේ තනිකරලා ටිකක් එලියට යද්දි..













Dark Romance |18+|| KTH✅Dove le storie prendono vita. Scoprilo ora