part 15 💏🥀

2.1K 238 124
                                    

  එදා දවසේ සිද්ද උන කිසි දෙයක් හෝබා සෙමීගෙන් අහන්න ගියේ නැ.. අඩුම සෙමීට ඒ ගැන කිසි දෙයක් කියන්න ඉඩක් දුන්නෙත් නෑ.. ඒ ගැන කතා කරන්න හදන හැම වෙලාවකම හෝබි සෙමීව මඟෑරියා..

ටේත් එදා හෝබි කිව්ව දේවල්වලින් පස්සේ ටික ටික සෙමීගෙන් ඈත් වෙන්න ගත්තා..  කොල්ලට සෙමීට මූන දෙන්න බෑ..  සෙමීව දකින වාරයක් වාරයක් ගානේ එයාට මතක් උනේ හෝබගේ වචන.. තේහ්‍යුන් කොච්චර සෙමීට ආදරය කලත් එයාගේ වරඳකාරි හැඟීම හිතින් අත් ඇර ගන්න තේහ්‍යුන්ට බැරි වුනා.. 

සෙමීටත් නොදැනීම සෙමිගේ හිත දැන්  තේහ්‍යුන්ව හොයන්න පටන් අරන්.. වෙනදට බලෙන් හරි එයාව බලන්න එන ටේ දැන් සති කිහිපයක ඉදන් එයාව බලන්නවත් ආවේ නෑ.. තේහ්‍යුන්ගේ කටහඬක්වත් සෙමී මේ සති ගානට ඇහුවේ නෑ..  වෙනදට එපා කියද්දී දෙන හාදු...තේහ්‍යුන්ගේ ඒ පපුවේ උනුසුම.. ඒ ආදරණීය වචන අද සෙමීට ගොඩක් මඟහැරිලා.. වෙනදට ටේ එක්ක ඉන්න bentch එකේ අද සෙමී තනියම.. සෙමීට දැනුනේ ලොකු තනි කමක්.. දුකක්.. පාලුවක්... ටේගේ දුරස්වීමම තමා සෙමීට එයා තේහ්‍යුන්ට ආදරෙයි කියලා හැගෙව්වේ..

ඇත්ත.. දෙයක් අපි ලඟ තියෙනවට වඩා ඒ දෙය නැති උනාම දැනෙන  දුක... පාලුව... තනිකම වැඩී.. ආදරය ඇති වෙන්නේ දැනෙන්නේ හැගෙන්නේ කොයි වෙලාවද කියලා අපිට කියන්න බෑ..  සෙමීටත් එහෙමයි... සෙමී එයාගේ ආදරේ තේරුම් ගනිද්දී තේහ්‍යුන් ටිකක් දුර ගිහින්...

අදත් කෙල්ල හිටියේ park එකේ.. වෙනදා වගේම.. වෙනදා තැනම.. වෙනදා විදියටම.. ඒත් අද තනියම..



Semi pov:

තේහ්‍යුන්ශි... මාව ඇහෙනවද.... ඔයා ඇයි මට මෙහෙම කරන්නේ.. වෙනදට ඔයාගේ වදෙන් මට බේරෙන්න බෑ... ඒත් දැන්.. මන් ඉන්නවද නැද්ද කියලවත් ඔයා දන්නවද දන්නෑ.. මට පාලුයි තේහ්‍යුන්ශි... වෙනදට ඔයයි මායි මෙතන.. ඒත් දැන් මම තනි වෙලා..  වෙනදට මම කොහේ ගියත් ඔයා එනවා..  ඒත් දැන්.. එක්කෝ රීසා එක්ක නැත්තම් ජිමින් සර් එක්ක... නැත්තම් ඔප්පා එක්ක..😞 ඔප්පත් මගෙන් මොනවාහරි හංගනවා තේහ්‍යුන්ශි..  ඇයි හැමෝම මටම මෙහෙම කරන්නේ.. මම අන්ධ නිසාද.. මම අසරණ නිසාද... 

මගේ ඇස් පෙනවනම් මම ඔයාව හොයන් එනවා තේහ්‍යුන්ශි ... ඇවිල්ලා අහන්නම් ඇයි දැන් මාව බලන්න එන්නේ නැත්තේ කියලා.. අහන්නම් ඇයි දැන් මාව ඉස්සර වගේ තුරුල් කර ගන්නේ නැත්තේ කියලා.. ඔයාමයි  මෙතනදි කිව්වේ  කවදාවත් මාව දාලා  යන්නෑ කියලා... ඒත්.. ඔයා මාව දාලා ගිහින්ද තේහ්‍යුන්ශි... එච්චර ඉක්මනට... මාව එපා උනාද..

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now