part 14 🥀💏

1.8K 250 116
                                    

  ඔය විදියට සති දෙකක් ගෙවිලා ගියේ කාටත් නොදැනී... ජිමින්ගෙයි රීසගෙයි ආදරේ වගේම තේහ්‍යුන්ගේ ඒක පාර්ශ්වික ආදරෙත් ලස්සනට ගලාගෙන ගියා.. එදා සිද්ධියෙන් පස්සේ ටේ කොයිම වෙලාවකවත් සෙමීව තනි කලේ නෑ... ඒ සති දෙක ඇතුලෙත් ටේගෙන් සෙමීට හම්බවුන උනුසුම් හාදුවලනම් නැවතුමක් තිබ්බේ නෑ.. සෙමී කොච්චර එපා කිව්වත් ටේ එයාගේ වැඩේ නවත්තන්නේ නැති නිසා සෙමීත් දැන් ඒ වගේ හාදුවලට හුරු වෙලයි හිටියේ..  ටේට කොච්චර සෙමීව ඔන කලත් තමන්ගේ හැඟීම් අමාරුවෙන් හරි පාලනය කර ගත්තේ හැඟීම් වලට වඩා ආදරේට මුල් තැන දෙමින්.. මොකද ටේට ඕන උනේ නෑ වචනෙකින්වත් එයාගේ ආදරේට රිද්දන්න..  ටේ ඒ තරමටම සෙමීට ආදරේ කරනවා..

අදත් වෙනදා වගේම දවසක්... ටේයි සෙමී හිටියේ park එකේ... එයාලගේ පුරුදු තැන  වාඩි වෙලා... ටේ ආසම කරන වැඩේ තමා සෙමී දිහා බලාගෙන එයාගෙ රූපේ රසවිඳින  එක...  සෙමීව එයාටම අයිති කර ගන්න ටේ නොඉවසිල්ලෙන් හිටියත් සෙමීට තියෙන ආදරේ නිසාම එයා ඉවසන්න පුරුදු උනා...

"තේහ්‍යුන්ශි..."

"ම්ම්..."

"ඔයාට සින්දු කියන්න පුලුවන්ද..."

"මේ මට ... හහ්.. පිස්සුද.. කවුද කිව්වේ...😂"

"ජිමින් සර් කිව්වේ... තේහ්‍යුන්ශිට ලස්සනට සින්දු කියන්න පුලුවන්ලු... ඒත් ඔයා සින්දු කියන්නේ කලාතුරකින්ලු  ... "

"ලස්සනද නැද්ද කියලනම් දන්නෑ... ඒත් ඉතින් හිතුනොත් කියනවා... ඒ උනාට ජිමිනා තරම් professional  නෑ මම..."

"දැනුත් කියන්න පුලුවන්ද සින්දුවක්..."

"මොකක් .. 🙄"

"ඔව් මන් වෙනුවෙන්... ඒත් තේහ්‍යුන්ශිට බැරිනම් කමක් නෑ..."

සෙමී තේහ්‍යුන්ගෙන් දෙයක් ඉල්ලපු පලවෙනි වතාව.. ඒකත් අහිංසක ඉල්ලීමක්... ඒ එයා වෙනුවෙන් සින්දුවක් කියන්න කියලා... කොල්ලට සතුටු නෑ කිව්වොත් ඒක බොරුවක්... ඒක නිසා ටේ සෙමී වෙනුවෙන් ගායනා කරන්න හිතුවා...

"Full lyrics නම් මතක නෑ... ඒත් මන් ආසම කෑල්ලක් කියන්නම් ම්ම් ..."

I remember the day
Even wrote down the date, that I fell for you (mmhm)
And now it's crossed out in red
But I still can't forget if I wanted to
And it drives me insane
Think I'm hearing your name, everywhere I go
But it's all in my head
It's just all in my head

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now