මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
මගේ ඇස් වලට ආයෙමත් කදුළු ඉනුව. ඒත් එක්කම මම ගැස්සිල ගියෙ පිටිපස්සෙන් ආපු අත් දෙකක් මගෙ කරවට එතුන නිසා.
*************************************
"දුව......මොකද ඔය කරන්නේ. ......ඔය ළමයගෙ කර අතාරින්න. "
"අයියෝ ......අම්ම. මම විහිලුවක් නෙ කළේ....ඉන්කො මම මාව මේ මල්ලිට ඉන්ටඩියුස් කරනකන් ....මම නෙතූෂා ඉදුවරී සේනානායක. මම campus last year student කෙනෙක්. ම් තව කීවොත් මම ඉතින් කටකාරයි. මට යාලුවෝ රොත්තක්ම ඉන්නව .උනුත් ඉතින් මන් වගේම තමයි.."
එහෙම කියල සුරේන් අංකල්ගේ දුව මං දිහාට අත දික් කරා. ඇත්ත තමයි .ඔහේ කියවගෙන කියවගෙන ගිය සුරේන් අංකල්ගේ දුව කටකාරයි කියල මට හිතුන. අතට අත දෙනගමන් මම මං ගැන එයාට කිව්වා.
" ම්.....මම අනුහස් දේශාන් වික්රමසිංහ. දැනට නම් කැම්පස් යන්න බලාගෙන ඉන්නවා. "
එතනින් එහාට දෙයක් මට කියන්න තියෙනවද.. අම්මත් නැති අප්පච්චිත් නැති මම මගේ ගැන මොනා කියන්නද? කියලා මට හිතුනා. පුංචි කාලෙ ඉදල මට යාලුවෝ හිටියෙ නෑ. යාලුවෝ මට කැමති නැතිව නෙමේ. මම යාලුවො ඇති කර ගන්න කැමති නැතිනිසා. ඒත් මම පෙනුම වගේ අහිංසක චරිතයක් නෙමේ. ආච්චි අම්මනම් කියන්නේ මම දග මල්ලක් කියල. ඇත්තටම මම ගොඩක් වෙලාවට පාඩුවේ ඉන්න කෙනෙක් ඒත් මොකක් හරි දේකට මාව අවුස්සා ගත්තොත් මම ලේසියෙන් අතඅරින කෙනෙකුත් නෙවෙයි .
"හරි හරි කතාව දැන් ඇති ....පුතා වොෂ් එකක් දාගෙන එන්න . අපි කෑම කමු බඩගිනිත් ඇතිනේ. ඉන්න මම කෑම ලෑස්ති කරන්නම්. එන්න දුව "
මාලිනී ආන්ටි එහෙම කියල ගියත් මම තාමත් හිටියෙ මගෙ කල්පනා ලෝකෙ.
"පුතා. .....තාමත් ඒ ගැනද කල්පනාව . පුතා කල්පනා කර කර දුක්වුනා කියල ගිය අය ආපහු එන්නෙ නෑනෙ නේද .අපිට යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක සැරේ බෑ තමයි . ඒත් ටිකටික සිත හදාගමු .මම පුතා කියපු නිසා ෆැමිලි එකේ කාටවත් මැණිකෙ අම්ම නැති වුණු එක ගැන කීවෙ නෑ."