මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
ඒක කීවෙ මට නොවුනත් මමත් ඒවගේම නේද. මුලින්ම මගෙ අම්මයි අප්පච්චියි ඊට පස්සේ මගෙ ආච්චි අම්ම. මේ හැමෝම නැතිවුනේ මගෙ වරදින් ද . මගෙ අවාසනාවකට ද. ඒ ප්රශ්න මගෙ හිතට වද දෙද්දී කදුළු ඔහේ කඩාගෙන වැටුන. මට ඕන වුනේ අඩන්න ඇති වෙන්න අඩන්න. එතනින් දුවල යන්න ගිය මම එක සැරේට කාගෙද ඇගේ ගිහින් හැප්පුන ........
*************************************
" ආ..හ් . ආව් ..... ඇස් දෙක උඩ තියාගෙන ද යන්නෙ ඕයි ........ "
මගෙ ඇගේ හැප්පිල තිබුනෙ මම හිතපුවත් නැති කෙනෙක් වෙනකොට ඒ දිහා බලන්නවත් මට හිතුන් නෑ. ඒතරම්ම එයා හයියෙන් කෑ ගැහුවා. මම එහෙමම මගේ රෑම් එකට යන්න හැදුව උනත් මගෙ අත බැල්කනි හොරාගෙ අතේ හිරවුනෙ මම හිතුවෙවත් නැති වෙලාවක. ඒ පැත්ත නොබලාම මම එයාට උත්තර බැන්ද.
" සොරි........මම හිතල.....හැප්පුනෙ නෑ"
එහෙම කියපු මම එතනින් දුවල ආවෙ මම හිරකරගෙන හිටපු කදුළු කාටවත් පේන්න ඕන නැති නිසා. එහෙමම බාත්රෑම් එකේ දොර වහගත්ත මම පැය බාගයක් විතර ඇති වෙන්න ඇඩුවා. ඊයෙ රෑටවත් හරියට කෑම කෑවෙ නැති නිසා ද මන්දා මට දැනුනෙ ලොකු බඩගින්නක් . ඒ නිසාම කෑම කන්න හිතාන පහලට යන්න මම දොර ඇරියා උනත් දොරලග හිටගෙන උන්නු කෙනා දැකල මම ගල් ගැහුන. හිතුවෙවත් නැති වෙලාවක මගේ කටින් පැන්න වචනෙ නිසා මට මං ගැනම දැනුනෙ ලැජ්ජාවටක්. ඊටත් වඩා මට ඒක අපහසුවක් උනා.
" බැ.....ල්කනි හොරා. ......."
" මොකා............."
එයා එහෙම ඇහුවෙ මම කිව්වේ මොකද්ද කියල හිතාගන්න බැරිව වගේ කටත් ඇද කරගෙන .
" නෑ ......මේ ...... මේ......මම ඒක කිවුවෙ හිතල නෙමේ ......... "
" තමුන් ඇත්තටම ඉන්නෙ මොන ලෝකෙද ආ..... හැමතිස්සෙම මොනා හරි කරල හිතල නෙමේ කියනව..... එතකොට මට ගැහුවෙත් මගෙ ඇගේ හැප්පුනෙවත් , මට නම් හදල තියෙන්නෙ වත් හිතල නෙමේ ද.... ඒ ඔක්කොම ඉබේම උනාද ...... ඒ ඔක්කොමත් හරි මට දැන් කියනවා මොකටද තමුන් ඇඩුවෙ...? "