chapter 37

566 117 9
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ආපහු ඇතුලට යන්න යද්දි තමා මම දැක්කේ ගේ දිහා බලන් උන්න කා එකක් වේගෙන් හරවන් යන්න ගියා. ..... ඒ කා එක ...... ඔව් .....මේ ඒකම තමා....... සැකයක් නෑ......... පාරෙ දිගේ වැටිල තිබුනු ලයිට් එලියෙන් පෙනුන කා එක නොපෙනීම යන්න ගියා ...... මම අද බුක් ෂොප් එකෙන් එලියට එද්දී මාව හප්පන්න හැදුව කා එක....... එතකොට ඒක අහම්බයක් නෙමේ....... ඒ කා එක මාව ඇක්සිඩන්ට් කරන්නම ආව එකක් ...... මේ හැමදේම දැන් ගොඩක් දුර දිග ගිහින් කියල තේරැනේ උන් මාව හොයාගෙන මෙහාටම ඇවිත් නිසා. .......


"දෙයියනේ උන් මෙතන කියන්නෙ...... මම ඉන්නේ සුරේන් අංකල්ගේ ගෙදර කියල උන් දන්නව කියන එක නේද. ..... ....... දැන් මගේ විතරක් නෙමේ එයාලගෙ ජීවිතෙත් අනතුරේ.... මම නිසා....... "

*************************************

මගෙ හිත ගොඩක් කලබලයි මේ වෙලාවේ ..... ... ... මොනා කරන්නද කියලා හිත හිතා උන්න වේලේ මට මතක් උනේ වික්‍රම අංකල්ව වෙනකොට මම කෝල් එකක් ගන්න හැදුව විතරයි කාමරේ දොරට කවුරුහරි තට්ටු කරනවා මට ඇහුන .......... ..... පෝන් එකත් මේසෙ උඩින් තියල මම ගිහින් දොර ඇරියා .............

"සුදු මැණික. ...... ඔයා නිදාගෙනද හිටියෙ........ "

" නෑ...ම...ම...... නිදාගන්න යන්න හැදුවෙ. ...... ඔයා ඇයි මේ වෙලාවේ. ..... "

" මම අදට විතරක් ඔයාගෙ රෑම් එකේ ඉන්නද...... මගෙ හිතට කොහෙවත් නැති බයක් දැනෙනනව...... ඉන්න ද..... මැණික. .... "

මගෙ කාමෙර් නවතින්න ඔයාට තරම් අයිතියක් මගෙ හිතින් මන් කාටවත් දීල නෑ ......... ඒත් මේ වෙලාවේ මට බයයි ඔයා මගෙ ලගින් ඉන්නවට. ......... ලගින් නෙමේ පුලුවන් තරම් මට නොපෙනන තරම් දුරකින් ඉන්න තරමටම මගෙ හිතට සැනසීමයි.......

"උඹ එපා කීවත් මම ඉන්නවා මැණික. ... ..... මගෙ හිතට දැනෙන බයත් එක්ක තනි වෙන්න මට ඕන නෑ..... මම සොෆාවෙ ඉන්නම් ...... ඔයා ඇදට යන්න. ..... "

" ඕන නෑ.....මට එහාපැත්තෙන් නිදාගන්න. ......."

මට එහාපැත්තෙන් ඇලවුන එයා හරියට මම වගේම ඔහේ සිවිලිම දිහා බලන් උන්න . ......... අතෝරක් නැති ප්‍රශ්න කන්දක් මගේ හිතේ දුවන වෙලේ එයා මොනව හිතනව ඇත්ද කියලත් මට හිතුන. ......

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now