මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
නෙතීෂ් උඹල දෙන්නටම මෙහෙම ඉන්න තියෙන්නෙ. ...... බැරිනම් මම යනව තනියෙන් ....... "
" හරි හරි යමන් ....... "
මෙච්චර වෙලා පස්සත් උඩ දාගෙන අගේට නිදාඋන්න සතීෂයා යමු කිය කියා අරෑගෙ ඇගේ එල්ලෙද්දි මම බලාන අරෑ හොදම විදියට අරකට රවනව.... .. ..... මාත් එක්ක කොහේ යන්න කතා කරත් දෙපාරක් නොහිතපු ඌ අද දහඅතේ කල්පනා කෙරැව වෙනකොට උන්ට බැරිනම් මම තනියෙන් යනව කියල කීව පාර මට තනියෙන් යන්න දෙන්න බැරිකමටම ඌ හා කියල කීව.....
****************"
නුවරඅහසම කලු කරල...... ...... සෙංකඩගල හේදෙන්නම වැස්සක් කඩාහැලෙන්න ඔන්න මෙන්න කියල තිබුන වෙනකොට ෂටර් එක වහල දාපු මම ආයෙම ඉස්සරහ බලා ගත්ත. .... ...... සීතල වැහිහිරියත් එක්ක නෙතීෂ්ගෙ පොඩි බඩ්ඩ උගෙ පපුව අස්සෙ හැංගි හැංගි උණුසුම හෙව්වා වෙනකොට මං බලාගෙන ඌ ඌට පුළුවන් තරමින් ඒ අත්තදෙකට ඌව ගුලිකරගත්ත...... ඒ බැදීම් හරි ආදරණීයයි. ....... මට ලෝභයි....... කටින් කවදාවත් කාටවත් නොකීවට වැහිපොදක සීතලට උණුසුම් පපුවකට ගුලි වෙන්න මමත් ආසකරා...... ඒ මුලු හිතින්ම එක පපුවකට විතරයි.............. .......
...කවුරැ කොහොම කිව්ව උනත් ආදරේදි අපි ලෝභයි...... උන් දෙන්නා දිහා බැලුවම ඒක මට හොඳට තේරැන. ...... ....... සැරින් සැරේ රිදවන මතකයන් එක්ක මම මගේම පාලුකපා ගත්ත වෙනකොට අහසටත් උස්සන් ඉන්න බැරිකමටම ද කොහෙද අහසත් අඩන්න ගත්ත......" අනූ....ඒ බන් තදේටම වැස්සනෙ. .... හෙට මාලිගාවේ උදේ තේවාවට යමන්. ........ දැන් කොහෙහරි හොටෙල් එකක් බලපන් නවතින්න. ....... "
අන්තිමේට හොටෙල් දෙකතුනකම අයිතිකාරයෙක්වුන මට සිද්ධ වුනේ හොටෙල් එකක් හොයන්න වෙනකොට අවසානෙ අපි ලගම තිබුන හොටෙල් එකක රෑම් දෙකක් ගත්ත. ....... මට එකයි උන් දෙන්නට එකයි.... ........ වැස්ස උනත් මම ජනෙල් පියන් ඇරිය..... මට ඕන උනා ඒ සීතල විදින්න. ....... මැරැණු මගෙ හදවතට පණ දෙන්න බැරි උනත් වැස්සට පුළුවන් උණා මගෙ කදුළු හෝදල දාන්න . ........