මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
මේ මනුස්සයාට පිස්සු වත්ද . මම මේ මිනිහව දැක්කෙත් දැන්මයි. ඒ විගහට මට උගෙ නමත් කියල ඉවරයි මොනාවුනත් මූ එන පොට හොද නෑ. මගෙ හිත කීවෙම මෙතනින් ඉක්මනටම යන්න කියල වෙනකොට මම ඒ රසෝද් කියල කීව මනුස්සයාට කිසිම වචනයක් නොකිය හ්ම්ම්. ...... කියල එතනින් යන්න හැදුව. ඒත් එක්කම කවුරුහරි මගෙ අතින් අල්ල ගත්ත. හැරැණු ගමන් හොද පාරක් දෙන්න හිතාන තද කරල මම දකුණු අත මිටි මොලවගත්ත.........
*************************************
ඒත් එක්කම මට හිතුනෙ මම දැන් ඉන්නෙ ෂොපින් මෝල් එකේ නේද කියලා මෙතන ප්රශ්නයක් ඇති කරගන්න හොද නැති නිසා මම මුලින්ම ඌට හොදින් කීව." තමුසෙට පිස්සු ද ඕයි . ..... මේ අහනව මම තමුසෙට හොද හිතින් කියන්නෙ........ මගෙ අත අතඇරියෙ නැත්තන් මට සිද්ධ වෙනවා අතඇරවන්ඩ ....."
මම එහෙම කීව විතරයි මගෙ අත අල්ලන් හිටපු මනුස්සයාගෙ මූණට හොද පාරක් වැදුන. පාරෙ සැරටම මගෙ අත ඌට අතඇරැන වගේම ඌ බිමට වැටුන. බැල්කනි හොරා. ...... මගෙ අත අල්ලන් හිටපු මනුස්සයාට ගහල තියෙන්නෙ එයා වෙනකොට පේන්නවත් නොහිටපු මිනිස්සු එකා දෙන්නා ඇවිත් අපේ වටේට එකතු වෙලා හරියට නිකං මැජික් ෂෝ එකක් පෙන්නනව වගේ.
" තමුසෙල දෙන්නටම මම මේ කියන්නේ අනුන්ගෙ දේවල් වලට අතතියන්න ගිහාම ඔහොම තමා වෙන්නෙ, ඒක මතක තියාගනිල්ල . "
උන් දෙන්නටම ඇගිල්ලකුත් දික්කරන ගමන් එයා එහෙම කියල මාවත් ඇදගෙනනම ෂොප් එකෙන් එලියට ආව . මෙච්චර දවසක් නොදැක්ක විදිහට ඒ ඇස් තරහින් පුපුරනව දැක්කම මමත් ගැස්සුන. ඇයි ඒ එයාට මොකද මෙච්චර කේන්තියක්. ඒ මිනිහ මගෙ අතින් ඇල්ලුවා විතරයිනෙ . නැත්තන් මිනිහ පරන තරහකාරයෙක්ද දන්නෑ. ඒවගේම මම කීයටවත් හිතුවෙ නෑ
බැල්කනි හොරාට ෆයිට් පුළුවන් කියල.
එහෙම ලේසියෙන් කෙනෙක්ට බෑ නිකන්ම ගහගන්න ඒකට හොද ප්රැක්ටිස් එකක් ඕන . පුහුණු නැති කෙනෙක් ඒ වගේ පහරක් ගැහුවොත් සමහර වෙලාවට ඇගිලි වල අස්ථි බිදෙන්නත් පලුවන්. මේ වෙනකන්ම මම මොකුත් නොකිය හිටියෙ තවමත් කේන්තියෙන් ඇති කියල හිතල .