මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
කවදාවත් හිතල නොකෙරැව වැරැද්දක් නිසා මම හිතුවෙ නෑ අපි තුන්දෙනාගෙම ජීවිත මේ විදියට වෙනස් වෙයි කියලා. ....... එදා හොදටම වැස්ස දවසක් ..... දයේ හොදටම එදා බීල හිටියෙ.... හොද සිහියක් නැති හින්දා වගේම ආපහු ගෙදර යැව්වත් රානි ගෙදර නැති හින්දා මම මගේ ගෙදර දයේට නවතින්න දෙන්න හිතුවා. ....... ඒත් මගේ තුන් හිතකවත් පවුලක් කඩාඉහිරවන්න තිබුනෙ නෑ. ......... දයේ හදිසියේම එයා නිදාගෙ උන්න කාමරෙන් නැගිටල මිදුලෙ බෙන්ච් එක උඩට වෙලා ඉන්නව දැක්ක...... මමත් එලියට බැහැල ගියේ දයෙත් එක්ක ටිකක් කතා කරන්න හිතාන . ............ ඒ වුනත්. ..........
*************************************
ඒ වුනත් මම යද්දී දයේගෙ ඇස් වල කදුළු ඇවිත් තිබුන. ........ ....... එයා මාත් එක්ක කතා කරා...... එයාට තව දරැවෙක් හදන්න ඕන උනත් රාණිට තියෙන අසනීපෙ නිසා ඒක කරන්න බෑ කීව.... ඒත් රාණිට මේ ගැන දයේ කියල තිබුනෙ නෑ......... අන්තිමේට දයේට වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් තියෙනව කියල හිතල රාණි දයේත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් යන්න ගිහින්. ........ දයේ මේ හැම විස්තරයක්ම කියල මාව බදාගෙන ඇඩුවා. ......... ඒත් හිතුවෙවත් නැති විදියට එතෙන්ට ආව රාණි අපි දෙන්න දිහා බැලුවෙ වැරදි කෝණෙකින්....... එයා හිතුවෙ එයාගෙ හොදම යාලුවා උන මම එයාගෙ මිනිහව උදුර ගත්ත කියල...... මම දයේගෙ හොර ගෑනි කියල .......මටවත් දයේටවත් මොනවත්ම කියන්න නොදී එක එක ඒව කියල රාණි කෑ හැහුව........... ඒ අවසාන වතාවට මම රාණි ජීවතුන් අතර ඉන්නවා දැක්ක දවස.......... ඊලග දවස උදේ අපිට ආරංචි උනේ රාණි මැරිලා කියල...... එයා සූසයිඩ් කරගෙන තිබුන. .......... ටික කාලෙකට පස්සේ දයේගෙ දරැවට අම්ම කෙනෙක්ගෙ ආදරේ ඕන නිසා එයා ආයෙමත් මැරි කරා. ...... ඒ මාව.......ඒ කසාදෙ නිසාම මට මන් ගැනම තිබුන වරදකාරී හැගීම නැති උනා .......මුලින් මේ කසාදෙ සිද්ධ වුනේ දරැව වෙනුවෙන් විතරක් උනත් පස්සේ දයේ මට වගේම මම එයාටත් ආදරේ කරා..... ඊටපස්සේ අපෙ කැදැල්ලට පුංචි පුතෙක් ආව ...... ඒ අජිත්. ...... ඒ මගෙම දරැව උනත් රාණිගෙ දරැවට වෙනසක් නොවෙන්න මම වග බලාගත්ත...... ඒ වුනත් තාමත් මාව පිළිනොගත්ත රානිගෙ දරැව උන සුදේව පුතා එන්න එන්නම අකීකරු උනා.......