මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා සම්බන්ධ කර නොගන්න.
මෙච්චර දවසක් මට ඒ දේ මතක් වුනේම නෑ එකඅතකින් මගෙ ජීවිතේ ඒ දේවල් වලට වඩා මතකෙ රැදුනෙ අහිමි වීම් විතරමයි. අනික අවුරුදු හයක පුන්චි එකෙක් වුණු මට කොහොම තේරුම් යන්නද ඔය වගේ දෙයක් . අතේ තිබ්බ පොටෝ එක ඇල්බම් එකට ඔබපු මම ආයෙමත් ඒක තිබුන විදිහටම තිබ්බ. මෙතනට එද්දි නොතිබුණු වතුර තිහබහක් මට ආව නිසා මම කිචන් එකට යන්න ගියේ වතුර ටිකක් බොන්න හිතාන . ඒත් කිචන් එකෙන් ඇහුනු දෙයක් නිසා මට උන් හිටි තැනුත් අමතක වුනා. ............
*************************************
" මමී........ මමී........ ඇත්තටම අර පොටෝ එකේ ඉන්න පොඩි එකා කව්ද ?"
"පුතා මම ඔයාට කී සැරයක් කියල තියේද මමී මමී ගාන්නැතුව අම්මා කියල කතා කරන්න කියලා. "
"මොක කිව්වත් ඉතින් ආදරේ අඩුවෙන් නෑනේ...... හරි හරි .. මගෙ සුදු අම්මි පැටියෝ .......දැන් මම අහපු ප්රශ්නෙට උත්තරේ දෙන්නකෝ.... හොද බබා වගේ..."
පුන්චි එකෙක් වගේ අම්ම බදාගෙන හුරතල් වෙන බැල්කනි හොරාව දැක්කම මට දුක හිතුනා. මට එහෙම හුරතල් වෙන්න කවුද ඉන්නෙ දැන්.
"දැන් ඕක අහන්නෙ ඇයි පුතා එකසැරේම. ඕක වෙද්දී ඔයත් පුංචියි ඒ ලමයත් පුංචියි. "
"ඒත් ..... මට දැනගන්න ඕන ..... අනේ අම්ම කියන්නකෝ. ...."
"ඒ ලමය තාත්තගෙ හොද යාලුවෙක්ගෙ පුතෙක්. ... අජිත් වික්රමසිංහ . පුතා අහල තියෙනවද ?"
"නමනම් මට හුරුයි . ඒ ලමය මට වඩා අවුරුදු දෙක තුනකට බාලයි නේද. ඒත් ෂුවර් නෑ. ආ......."
මාලිනී ආන්ටි මන් ගැනනම් බැල්කනි හොරාට කියන්න එපා කියල හිතුවත් මොන කරුමෙකටද මන්ද ඒක එහෙම වුනේ නෑ.
" පුතා. ... ඇයි අනේ ..... ඒ පොටෝ එකේ ඉන්නෙ චූටි පුතානෙ. "
" මොන ...... චූටි .. ... පුතා. ..... අම්ම දැන් මට කියන්න හදන්නේ ඒ පොටෝ එකේ ඉන්නෙ අර අඩන බේබි කියලද .?"
මේ මනුස්සයාට නම්.... ආයෙත් මට අඩන බේබි ලු . පිස්සු ද මන්දා, ලැජ්ජාවක් නැ . එක එක ඒව කිය කියා මම බැල්කනි හොරාට හිතින් බනින්න ගත්තා. දොරට එහාපැත්තෙ හිටපු මම හීමීට බැල්කනි හොරා දිහා බැලුවෙ කේන්තියෙන් දැන් පුපුර පුපුර ඇති කියල හිතල. ඒත් මන් දැක්කෙ හිතපුවත් නැති දෙයක් වුනු නිසා මම පුදුම උනා. ඒ හිනාව වගේම නිතරම රවන ඒ ඇස් දෙකත් හරි අමුතු වෙලා. මොකද්දෝ මන්ද මහ අමුතු පෙනුමක් හරියට මම දැක්කේ එයා ඒකට සතුටු වෙනවා වගේ . නෑ නෑ එහෙම වෙන්න බෑනෙ එයා මොකට ඒවගේ දේකට සතුටු වෙනවද . මමත් කොල්ලෙක් එයත් කොල්ලෙක් . ඔන්න කෙල්ලෙක්නම් තව කමක් නෑ . ඇත්තටම ආදරය කියන අකුරැ හතරට ගැහැණු පිරිමි භේදයක් තියෙනවද. මම මොනා හිතනවද මන්ද මට පිස්සු ද කොහෙද . එකඅතකට ජීවිතේ මෙච්චර කාලෙකට වුනු දේවල් එක්ක මට පිස්සු හැදුන්නැතිව පුදුමයි . ඒත් එහෙමවත් උනානම් සැනසීමෙ ඉන්න තිබුන. ආපහු මම එන්න හැරෙද්දි මාලිනී ආන්ටි තව මොනාදෝ කියන්න ගත්තා. ඒ මගෙ අම්මයි අප්පච්චියි ගැන.මාලිනී ආන්ටිගෙ කතාවත් එක්ක මෙච්චර වෙලා එයාගෙ මූනෙ ඇදිලා තිබුණු ඒ අමුතු හිනාව මැකිල ගියා.