..
..
..
..ආවු...හ්...ආ..වුහ්...
මොනා උනාද කියන්න දන්නෙ නෑ පොල්ලකිම් ගැහුවා වගේ හැමදේම එකපාරටම වෙනකොට ඒ දැක්කේ හීනයක් කියලා හිතන් මං බර උනු ඔලුවත් අල්ලන් නැගිට්ටා...මං කොහෙ හරි තනකොල ගොඩක් උඩ වැටිලා ඉන්නවා කියන එක තේරුනත් ඒක ගනන් නොගෙන මං දෙපැත්තට විසිවෙන ගමන් නැගිට්ටා...ආහ්....ඔලුව ...හ්....ඒක රිදෙනවා..මේක හීනයක් කියලා මට අදහා ගන්න බැරි තරමට ඔලුව රිදෙනවා...අත් දෙකෙන්ම ඔලුව බදන් මං බර උනු ඇස් පිහාටු අරින්න හැදුවා..ගල් ගෙඩියක් ඔලුව උඩ තියෙනවා කියලා දැනෙනවත් එක්ක මං පුදුම අමාරුවකින් ඇස් දෙක ඇරගත්තා...ගෝඨා මදිවට රනිල් කියන්න වගේ ඇස් දෙකත් එක්ක දැවිල්ල අල්ලන්න ගත්තේ පේන දේ පවා බොද වෙලා පේන ගමන්...වේගෙන් ඇහිපිය ගහද්දි මටත් නොදැනී හෙමින් හෙමින් ඔලුවෙ වේදනාව අඩුවෙල යද්දි තාමත් ඉතුරු වෙලා තිබ්බ කැරකෙනවා වගේ ගතියත් එක්ක මං තුන් හතර පාරක් තද කරලා වහන් ආයෙම ඇස් ඇරියා...ඒ..ත් එක්කම මගෙ ඇස්වලට අහු උනු දෙ එක්ක මගෙ ඔලුව වටේ තෙල් නැවු කැරකෙන්න අරන් මගෙ කටත් එක්ක ඇරුනා....
...වෝ...හ්..හීනයක්ද මන්දා ඔයා පියවි ඇසට මා දැකපූ.....ඌඌඌ කිව්වලු..මේ කොහෙද මේ....
ඇත්තටම මං ඉස්සරහා තිබ්බෙ අදහාගන්න බැරි දෙයක්...තනි කොල පාට තැනිතලාවක් මැදින් ගල්පර අතරින් පෙන බුබුලු දාන ගමන් නිල්ම නිල් පාට ගංගාවක් ගංගාවක් ගලාගෙජ ගියා...සුදු පාට වලාකුළු පිරිලා තිබ්බ ලා නිල් පාට අහසේ චායාව එක්ක ගගේ නිල් පාටත් නියමෙට ගැලපුනා...අහසෙන් සුදු පාට වලාකුළු පිරිලා තිබ්බා හා සමානව ගගේත් කිරි සුදු පාටට පෙන බුබුලු ඇති වෙවී නැති උනා....ඒ වතුර ගලන් යන හෝ හෝ සද්දෙත් එක්ක වටේට තිබ්බ නිහඩකම හරි ලස්සන විදිහට බිදිලා යද්දි මට හිතුනෙම ඒක දැහැනක් වගේ කියලා...ලා කොල පාට තනකොල යායේ කෙලවරකට වෙන්න හිස් තැනක් හොයාගන්න බැරි වෙන්න ඩේසි මල් යායක් තියෙද්දි හමාගෙන ආව හුලගත් එක්ක තනකොල එක්ක තරගෙට වගේ ඒවා දෙපැත්තට වැනුනා.....මල් සුවදෙන් පිරිලා ගිය හුලගෙන් මගෙ කොන්ඩේ පවා උඩට විසිරිලා ගිහින් ඇග කිලි පොලාගෙන යන හැටි දැනෙද්දි මේ දේ විස්වාස කරගන්න බැරිව මං මාවම කොනිත්ත ගත්තා..
YOU ARE READING
📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )
Fantasy..එකෝමත් එක කාලේක නිදි කුමාරිව ශාපෙන් බේරගන්න ආව යීබෝ කියලා කුමාරයක් හිටියලු..ඒ උනාට එයා කලේ නිදි කුමාරිව අතෑරලා දාලා රපුන්සල්ගේ කොන්ඩෙ එල්ලිලා සින්ඩරෙල්ලා පස්සෙන් ගිය එකලු.... ..ම්හුක්...Cinderella නෙවේ අනේ .. ඒ Seandrella...