..
..
..
...සී...න්...
මගෙ කටින් නිකන්ම කියවුනා...මේ පාරත් එයා මං ළඟ නෑ....මං හුස්මක් ඇදන් වාඩිවෙලා හිටිය තනගොල්ලෙන් නැගිට්ටා...මේ පාර මොකක්ද ..මේකත් මං මුලින්ම දැක්ක තැන වගේ..ලොකු කැලෑවක්...හැමතැනම මල් පිරුනු ලා කොල පාට තන නිල්ලක් විහිදිලා ගිය තැනක්...ඒක නිකම් කොහෙට හරි පාරක් වගේ..ගස් මැදින් ඇවිදලා ගිය හින්දම හැදුනු අඩි පාරක් වගේ එකක් වැටිලා..උඩු විනයක් වගේ බැඳුණු අතු අස්සෙන් ඉර එලිය වැටිලා පොලොව දිලිසෙනවා...ඒ ඉර එළියෙන් පාට උනු ලැවැන්ඩර් මල් වටේ පාට පාට සමනලයෝ කැරකෙනවා...කලින් වගේ බය වෙන්න තරම් දෙයක් පේන්න නැති කොට මං ඉස්සරහට ඇවිදන් ගියා..අන්තුරක් තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ..ඒත්මට නවතින්න බෑ..මං සීන්ව හොයන් යන්න ඕන..කලින් වගේම එයත් මේ කොහෙ හරි ඇති..කරන්න තියෙන්නෙ මේ පාරවත් කලින් වගේ නැතුව කතාව හරියට ගලන් යන්න දෙන එක....
මං ඔලුව පාත් කරලා මගෙම දිහා බැලුවා..මේ පාර කුමාර ඇදුමක් නම් නෙවේ ...ඒ උනාට සාමාන්‍ය ඇදුමක්..රජ කාලෙ අය අදිනවා වගේ හම්වලින් හදපු එකක්...මගෙ කරේ සයිඩ් බෑග් එකකුත් තිබුනා. ඒකට අත දාලා බැලුවාම මං දැක්කේ කාගේ හරි ඔටුන්නක් තියෙනවා කියන එක ..මැණික් අල්ලපු ගෑනු ලමයෙක්ට හරි යන විදිහේ ඔටුන්නක්...ඒක ලස්සනයි ..ඕන කෙනෙක්ගෙ හිත යනවා....ඉර එලියත් එක්ක දිස්නේ දෙනවා..ඒ හින්දම මං ඒක බෑග් එක ඇතුලට දාගත්තා...තවත් පරක්කු වෙන්න බැරිකමට මං අඩිය ඉක්මන් කරලා ඇවිදන් ගියා...
මට සීන්ව මතක් උනා...කොල්ල වෙලාවකට අමුතු කතා කියනවා තමා..ඒත් එයා ලස්සනයි ..ලස්සනයි කියන්නේ අනේ මන්ද ඒක නිකම් අමුතුයි නේ..එක්පාරටම මට එයාගේ තොල් මතක් උනා..ඒවා ගොඩක් සිනිදුයි..අතාරින්න හිතෙන්නෙ නැති තරමටම..ඒ වගේම එයා ළඟින් එන සුවද..මොන දේ කරලවත් ඒ සුවද නැතිවෙලා ගියේ නෑ..පපුව අස්සෙ හිරකරන් ඉන්න හිතෙන තරමට එයා සුවදයිනේ...මට ආයෙම පාරක් එයාට හාද්දක් දෙන්න හිතුනා..නිදාගත්ත කුමාරිකාවකට දෙනවට වඩා ඇස් ඇරන් මන් එක්ක ඉන්න එයාට ඒක දෙන්න මගෙ හිත කෑ ගැහුවා....කැමැතී උනොත් මං ඒකව බිම පෙරලන් හරි ඉබලා ඉබලා මරනවා...ඒත් ඉතින් ඒක කරන්නත් මං ඒ පිස්සු කොල්ලව හොයාගන්න ඕනනෙ...මේ පාර මොනා වෙලාද දන්නෙ නෑ...
أنت تقرأ
📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )
خيال (فانتازيا)..එකෝමත් එක කාලේක නිදි කුමාරිව ශාපෙන් බේරගන්න ආව යීබෝ කියලා කුමාරයක් හිටියලු..ඒ උනාට එයා කලේ නිදි කුමාරිව අතෑරලා දාලා රපුන්සල්ගේ කොන්ඩෙ එල්ලිලා සින්ඩරෙල්ලා පස්සෙන් ගිය එකලු.... ..ම්හුක්...Cinderella නෙවේ අනේ .. ඒ Seandrella...