👠 Seandrella 👠

283 91 25
                                    


..

..

..






..කුමරුනි ඔබ සුවෙන්ද...








  කුලුන උඩින් වැටුනු පාර ඔලුවත් එක්ක කැරකිලා වගේ ගිය පාර ඇග දිගේම ගිය හිරියක් එක්ක එකපාරටම මං මොකක් හරි තැනක හිටගෙන හිටියා..කලින් පාර වගේ වැටුණේ නැති උනත් හිට ගත්තු පාර බැලන්ස් නැති උනු මං අතට අහු උනු දේකට බර උනා...ඒක හැබැයි තව කෙනෙක්ගේ අතක් වගේ ..මං බර වෙලා තිබ්බෙ තවත් මිනිහෙක්ට වගේ...ඒත් ඒ කෙනා කන ගාව ඉදන් කුමරුනි කියලා කියද්දි මං ගැස්සිලා වගේ ඔලුව ඉස්සුවා...මං අල්ලන් හිටියේ කොන්ඩෙ දිගට වවලා පෝනි ටේල් එකක් වගේ දාගෙන බර ඇදුම් වගයක් පටලන් හිටිය කෙනෙක්ව..ඒ මිනිහා නිකම් විකට ඇදුම් කාරයෙක් වෙද්දි වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරිව මං වට පිට බැලුවා...හැම තැන්ම පාට පාට තිර රෙදි දාලා...වීදුරු පහන්වලින් අගලෙන් අගලට දිලිසෙනවා...පුදුම ලස්සනයි ..මේක සුර ලෝකයක් වගේ..නෑ නෑ මේක රජ මාලිගාවක්..කලින් වගේ පාලුවට ගිය එකක් නම් නෙවේ..රත්තරන් ඇගේ පටලන් හැමතැනම යන මිනිස්සු ඉන්න තැනක්..ඒ අස්සෙන් සෙබලුත් කඩු අතේ තියාගෙන ගල් පිලිම වගේ ළඟින් යන හැම එකා දිහාම සැකෙන් බලනවා...මගෙ වටෙත් එයාලා ගොඩක් ඉන්නවා..ඒ හින්දම මං ආපහු පාත් වෙලා මගෙම දිහා බැලුවා..හරිනේ මං මේපාරත් කුමාරයෙක් වෙලා..කලින් වගේ නෙවේ මේ පාර නම් එක එක හැඩේ දම්වැල් වගේ ආභරණ මගෙ ඇගේ ගහලා......

..මේ කොහෙද..

  මං මගෙ ළඟ ඉන්න මිනිහගෙන් ඇහුවා...ඒකා ටිකක් මට බයයිත් වගේ..

..කුමරුනි මේ නෘත්‍ය ශාලාවයි...

..මොක..

..ඔබේ වදන් කුමරුනි..කරුනාකර යහපත් වදන් භාවිත කරන්න..නැතහොත් එය ඔබේ චරිතයට සිදු කරන කැලලක් විය හැකියි...

..හුත්ත තමයි...

..කුමරුනි...කරුනාකර ..

..ආ හා...මං ඒක බලාගන්නම්කෝ.දැන් මට කියනවා මේ පැත්තේ සුදු උස කන්නාඩි දාපු කොල්ලෙක්ව එහෙම දැක්කද කියලා..

..කිමෙක්ද..

..ආ..යිශ්..කොහොමද මේ රජ බාශාව කතා කරන්නේ ම්ම්...උබද ඔබද...ඔබ නේ..ම්ම්..ඔබ දැකලද වෙල්ලෙයි නිරම් උස, සන්ග්ලාස් වැලදගත්ත ගැටිස්සෙක්...

📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )Dove le storie prendono vita. Scoprilo ora