...
..
...
..කෝ බලනවා මේක...
මගෙ ඇස් ඉස්සරහින් පොත් කන්දක් ගොඩ ගැහිලා තියෙද්දි මූනත් ඇද කරන් මං සීන් දිහා බැලුවා...ඒකට ගානක් නෑ...මුලු ලයිබ්‍රියම කියවලා තියෙනවා වගේ පොත් පෙරල පෙරල මොනවදෝ හොයනවා...ඒ මදිවට මටත් කියවන්න දෙන්න හදනවා...ශිශ්‍යත්වේ කියලා අච්චු පොතක් දිහාවත් බලපු නැති මට මේ විදිහට කියවන්න දීලා බලපෑම් කරන එක ඇත්තටම නින්දිතයි...
...මොනාද මූන දිහා බලන් ඉන්නෙ ලමයෝ...ඕක කියවන්න..
..බෑ..මං කියලා තියෙනවා නේද මට ළමයා කියන්න එපා කියලා..මං කාගෙවත් ලමයෙක් නෙවේ..
..ඒ උනාට ඔයා පොඩීනේ තාම මගෙ චූටි කොල්ලෝ...
..අනේ මේ...උඩ පනින්න තියාගන්න එපා අවුරුදු ගානක් වැඩිමල් උනා කියලා හරිද...ඔහේ දැන් උඩ පැන්නට ඕන වෙලාවෙදි උඩ පනින්නෙ මන්නේ....
...දඩස්....
..ආවුහ්..ගහන්නේ..
..ගහන්නෙද..කියන කැත කතාවලට...තාම මොලේ පෑදිලා නෑ....මං මේ නැහීගෙන හදන්නෙ මේ කොල්ලව එක්සෑම් පාස් කරවන්න..ඒකටවත් උනන්දුවක් නෑ..එක්කො කන බනේ නැත්නම් ගේම් එකේ....මෙහෙම කිව්වට වැඩක් නෑ දවසක තේරෙන්නම ඕන ඉගෙන ගන්න එක කොයිතරම් වටිනවද කියන එක....
කනක් රතු කරගත්ත සීන් ලැජ්ජාව වහගන්නම එක දිගට කියවද්දි මං ඇහුනේ නෑ වගේ කම්මුලේ අතක් ගහන් පතරන්ග ජාතකේ වගේ ලොකු පොත් ටික උඩින් පල්ලෙන් පෙරලලා දැම්මා...
..හාපෝ..මේවා කියවද්දි කම්මැලීනේ..
..ඔයාට මොනාද කම්මැලි නැත්තේ යීබෝ..ආ..හ්..පෝ..නෑ..නෑ..කියන්න ඕන නෑ..මූන හදන් ඉන්න විදිහෙන් මං ඒක දන්නවා....
..ඉතින් කියන්නම්කෝ..
..නෑ ඕන නෑ...මං දන්නවනේ වලත්තයගේ හැටි....
..හුහ්..මං තමා ඉන්න එකම වලත්තයා...අර වික්‍රමසිංහ රජ්ජුරුවන්ටත් ගෑනු කීයක් හිටියද...ඌනේ අමු වලත්තයා....වල්කම් කරන්න ආවේ නෑ කියලා කිසාගෝතමීව බෙල්ලෙ ගලක් ගැට ගහලා සේනානායක සමුද්‍රේ ගිල්ලුවත් එක්ක..අන්තිමට එයාගේ බබෙක්ව වංගෙඩියේ දාලා කෙටුවනේ ඒතරහට....ඒකා තමා ඉන්න ලොකුම වලත්තයා....මොනා උනත් මාව තාම මෙව්වා මෙව්වා වෙනවා මද්දුම බංඩාර " මම රාජ කුමාරයෙක් නෙවේ ගමේ කොල්ලේක් " කියලා අර අලුගෝසුවා ඉස්සරහා කිව්ව හැටි මතක් වෙලා....වික්‍රමසින්හයා වලත්තකම් කලේ නැත්තම් .....
CZYTASZ
📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )
Fantasy..එකෝමත් එක කාලේක නිදි කුමාරිව ශාපෙන් බේරගන්න ආව යීබෝ කියලා කුමාරයක් හිටියලු..ඒ උනාට එයා කලේ නිදි කුමාරිව අතෑරලා දාලා රපුන්සල්ගේ කොන්ඩෙ එල්ලිලා සින්ඩරෙල්ලා පස්සෙන් ගිය එකලු.... ..ම්හුක්...Cinderella නෙවේ අනේ .. ඒ Seandrella...