🌹 Drunken beauty 🌹

284 90 31
                                    

..

..

..






...ම් ඒක අමුතුයි...

  මං මටම කියාගත්තේ කී වෙනි පාරටද කියලා මන්වත් දන්නෙ නෑ...මොකද මං දැන් මෙතන ඉන්නෙ පැයකට ලන් උනු කාලෙක ඉදන්...මේ තැන වගේම මගෙ හිතට දැනෙන්නෙත් අමුත්තක්...මං ඉස්සරහා තිබුනේ ලොකුම ලොකු හරියට ජැක්ගේ මායා කව්පි වැල වගේ කොලපාට වැලක්..මේක නම් අහසට ගිහින් තිබුනේ නෑ හැබැයි ඒ වෙනුවට පොලොව දිගේම ගිහින් බූත කැලයක් වගේ රවුමට රවුමට ඒ වැල ගිහින් තිබ්බා...ඒක අස්සෙන් මනුස්සයෙක්ට රිංගලා යන්න වගේ ඉඩකුත් තිබ්බා...මං මේ දැන් යන ගමන් ඉන්නෙත් ඒ ඉඩේම තමා..මේක වංකගිරියක් වගේ කියලත් හිතෙනවා...ලොකුම ලොකු හැම අතටම කැරකුනු වැලක්...ඒ උනාට ඒකේ ජැක්ගේ කව්පි වැල වගේ කව්පි කොල නම් තිබ්බෙ නෑ..කව්පි ඇට ගන්න කරලක්වත් තිබුනේ නෑ...සැක් එහෙම උනා නම් මං තිබ්බා මායා කව්පි වැලක් මවන් අහස උසට ගිහින් කුරුමිට්ටන්ගේ ලෝකේ හොයාගන්න...එහෙ නේද අර හිම හිමාරි ඉන්නවා කියන්නේ...එතකොට රත්තරන් බිත්තර දාන කිකිලි..ඒකි ඉන්නෙ පොළොවේ යට වෙන්න ඇති..ඒ..ත් ඉතින් කවුදෝ මන්දා යෝදයන්ගේ ලෝකයක් ගැනත් කිව්වනේ...පූස් ද බූට් නේද එහෙට යන්නේ...සැක්..මේ කතා සේරම එක වගේ..හැම පැත්තෙන්ම පැටලෙනවා..මේ පාරවල් වගේම...

.ම්ම්..

මං හුස්මක් ඇදන් ඉනට අත් දෙක තියාගත්තා..මේ හැම වැලකම තියෙන්නෙ බෙල්ල හිල් වෙලා යන තරම් කටු...ඒත් මං ඉස්සරහට තියන අඩියක් පාසා ඒ කටු හොයාගන්නවත් බැරි වෙන්න මගෙ මූන සයිස් ලොකු රෝස මල් පිපෙනවා...හිතාගන්න බෑ..ඒ වගේම ඒවා නාහේ පිපිරිලා යන තරම් සුවදයි....යන්න ඕනේ නැති උනත් ඒවා කියන්නෙ මට යන්න කියලමයි...පාර හොයාගන්න බැරිව මං වෙන පැත්තකට හැරුනොත් එහෙ තියෙන කටු තවත් උල් වෙනවා...පිටිපස්සට හැරිලා ආව පාරෙම දුවන්නත් බෑ දැනටමත් රෝස මල් පාර වහගෙන ..මය යනවා යන්න තියෙන්නෙ ඉස්සරහට විතරයි. අලුතෙන් පිපෙන හැම රතු රෝස මලක්ම කියන්නෙ මට නවතින්නෙ නැතුව යන්න කියලමයි....කරන්න දෙයක් නැති තැන මන් රෝස මල් අතෙන් එහාට කරන ගමන් රවුම් රවුම් ගැහුනු වැල අස්සෙන් පරිස්සමට ඇවිදන් ගියා....ම්ම්..කව්පි වැල්වල රෝස මල් පිපෙනවද අනේ..මාර පිස්සුවක්නේ මේක..එක්කො කව්පි වැලට රෝස අත්තක් බට් කරලා...එහෙමත් නැත්නම් මේක ඇත්තටම යෝද රෝස වැලක්...හුහ්...රතු රෝස..නෑ මං කියන්නේ RED ROSs ..හිකිස්..සුවද සබන් ඇග ගාලා හායි හායි තමා....ඒක බලලා  නම් මට රතු රෝසත් එක්ක එපා වෙලා ඉන්නේ...මේ තඩි මල් එක්ක මට තවත් ඒක එපා උනා...

📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )Dove le storie prendono vita. Scoprilo ora