❄️Yibo white❄️

342 102 30
                                    




..


..




..





  මං සීන්ව කලුම කලු පාට හා ගුල ඇතුලට තල්ලු කලා...ඒකත් කෑ ගහගෙනම ඇතුලට වැටෙද්දි මට මතක මං බඩ අල්ලගෙන හිනා උනා කියන එක විතරයි...එකපාරටම මගෙ ඇස් දෙකම නිලන්කාර වෙලා යන්න නිල් පාට එලියක් මතු වෙනකොට මං ඇස් පියාගත්තා වගේම මාව කොහෙටදෝ මන්දා ඇදිලා ගිහින් කොතනක හරි වැදුනා...මං හිතන්නෙ කල පවු පල දෙනවා කියන්නද කොහෙදො මාව උඩක ඉදන් තල්ලු කලා වගේ මොකක් හරි උඩට වැටුනා...මට කෑ ගහන්නවත් ඉඩක් නැතුව මාව වැටිලා තිබුනත් මං ඉන්නෙ කොහෙද කියන එක දැක්ක ගමන් මට ඊටත් වඩා කෑ ගැහුනා.....

..ආ...හ්හ්හ්හ්...

..කට වහනවා ඕයි..හරි නම් මමයි මෙ වෙද්දි කෑ ගහන්න ඕන ඔහේ මාව දෙපාරක්ම යට කරන් හිටිය එකට...

  ඕහ්..හරිනේ..මං හිටියේ සීන්ව යට කරගෙන.. උඩක ඉදන් වැටුනු නිසා මුනින් අතට වැටිලා ඉද්දි මං ආයෙම සීන්ගේ කොන්ද බදාගෙන වැටිලා හිටියා..හුස්ම හිර වෙලා වගේ ඒකා කතා කලෙත් අමාරුවෙන් වෙද්දි මං පුළුවන් තරම් ඉක්මනටම ඒකගෙන් අයින් උනා..මේකට දැන්ම මැරෙන්න දෙන්න බෑ..මැරෙනවා නම් මාව මෙතනින් එලියට අරන් ගියාම තමා...

..මං තමුසෙට...

  අතෑරිය ගමන් ඒකා මාවත් පෙරලන් මගෙ ඇග උඩට ඇවිත් මගෙ කොලර් එකෙන් අල්ල ගත්තා..සීන්ගේ ඇස්වලට දාපු කන්නාඩි දෙකත් ඇද වෙලා..කොන්ඩෙත් පිස්සෙක් වගේ..ඊටත් වඩා කේන්තියට රතු උනු මූන දැක්කම අර කලින් නැට්ට ගිනි අරන් දිවුව හාවට වඩා හපන් මේකා...

..ඒ පාර මොකද ඕයි..

..තමුසෙ ඇයි මාව තල්ලු කලේ...

..ආදරේටනේ සුදූ..

..මොකක් කිව්වා...

..ඔහේ මාව මේ වගේ පොතක් ඇතුලට ගෙනත් දාලා මනෝ ලෝකෙක හිර කරපු ආදරේට තමා තල්ලු කලේ...

..උබට මම..

..ඔව් ඉතින් මට...

..ආ..හ්හ්..මං ඕනකමින් කරපු දෙයක් නෙවේනේ..මේ උනු දේ අපි දෙන්නගෙම වැරැද්දක් තියෙනවා...ඒක නිසා මට වැරැද්ද පටවන එක නවත්තනවා..

📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )Donde viven las historias. Descúbrelo ahora