DESTINY ᥫ᭡ᶜʰᵃᵖᵗᵉʳ 9

151 35 2
                                    

      ජෙයිනු ජිමින් එක්ක පිටත් වෙලා ආවෙ ජිමින්ගෙ අලුත්ම ගෙදරට... දැන් මේක ජිමින් ජෙයිනු පටන්ගන්න හදන අලුත්ම ලෝකෙ පලවෙනි පියවර... කාර් එකෙ එද්දි ජිමින් එක්ක එක වචනයක් හෝ ජෙයිනු කතා කරේ නෑ.... දෙන්නටම මේ දේවල් අලුත්..... ඒනිසාමදො.. දෙන්නටම කිසිම දෙයක් කතා කරන්න නැත්තෙ....??

"සර්...."

කාර් එක ගෙදරට ඇවිත් නවත්තනකන් ජිමින් දන්නෑ... ලොකු කල්පනාවක හිටිය ජිමින් ගැස්සුනෙ driver ගෙ කටහඩට... වටපිට බලනකොට ජිමින්ගෙ ගෙදරට ඇවිත්... ජිමින් දෙතුන් පාරක් මෙහෙ ආවට.. ජිමින්‍ට අද ඉදන් ජීවත් වෙන්න වෙන්නෙ.. ජෙයිනු එක්ක මේ ලොකුම ලොකු ගෙදර.... ඒත් එක්කමයි ජෙයිනු දිහා බැලුවෙ.. බලද්දි ටිකක් රෑවුන නිසා කෙල්ලට නින්ද ගිහින්... ජිමින්ගෙ උරහිසෙ හේත්තු වෙලා නිදාගෙන ඉන්න කෙල්ලව ඇහැරවන්න හිතුනෙ නෑ.. ඒත්....

"ජේනු...."

"..............ම්ම්..."

පලවෙනි පාරට ජෙයිනුගෙ නමින් කතා කරේ ජිමින්ට අමුත්තක් වගෙ දැනුනත්.. කෙල්ල හෙමින් ඇස් ඇරලා නැගිට්ටම කාර් එකෙ දොරත් ඇරන් එලියට බැස්සා.... ජෙයිනුට නින්ද ගිහින් තිබිලා තියෙන්නෙ කියලා තේරුණෙ දැන්.. driver door එක open කරලා දුන්නම ලොකුම ලොකු frock එකත් උස්සගෙන එලියට බැස්සා....

ලොකුම ලොකු ගෙදරක්.. රෑ වෙලා තිබ්බත් ඉක්මනට හිත ඇදිලා යන තරම් ලස්සනයි... ජිමින් ගේ පැත්තට යනවා දැක්ක නිසා ජෙයිනු ගවුමත් ටිකක් උස්සගෙන ජිමින් පස්සෙන් එන්න ගත්තා.... දොරත් ඇරන් ජිමින් හුරු පුරුදුම පරිදි ඇතුලට ආවෙ කෝට් එකෙ buttons එකත් ගලවලා දාන ගමන්.... ජෙයිනු ඇතුලට ඇවිත් මොකුත් දන්නෙ නැති නිසා කැරකි කැරකි ඉද්දි ජිමින්ගෙ කටහඩට ගැස්සුනෙ...

"ඔයාගෙ ලගේජ් ඔතනින් උඩට ගියාම හම්බෙන පලවෙනි කාමරේ ඇති.... උඩට යන්න..."

"ම්ම්...."

ජිමින් ෆ්‍රිජ් එකෙන් අලුත්ම beer bottle එකක් කඩලා අර glass එකකුත් ගන්න ගමන් වටපිට බල බල ඉන්න ජෙයිනුට කිව්වම කෙල්ල ජිමින් කියපු දෙ පිළිඅරන් උඩට එන්න ආවෙ.. ජිමින් beer බොන්න හදන දිහා බලාගෙනමයි.... ජෙයිනු උඩ කාමරේ ලගට ඇවිත් room එකෙ දොර ඇරිය ගමන් කෙල්ලගෙ ඇස් උඩ ගියේ..... ලොකුම ලොකු master bedroom එක මෙච්චර ලස්සනට සරසලා තියෙනවා දැකලා... ටික වෙලාවක් එතනම ඉදන් හෙමින් හෙමින් ඇතුලට ඇවිත් මහන්සි නිසා සෝෆා එකෙන් ඉදගෙන... මුලු කාමරේ දිහාම බලන් හිටියෙ.....

DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now