ජෙයිනු මේ කොරියාවට ආපහු යන්නෙ නම් ජෙයිනු දන්න තරමින් පලවෙනි පාරට.. මොකද ජෙයිනුගෙ අම්මා කොරියානුවෙක් උනත් අම්මා නම් කියලා තියෙන්නෙ ජෙයිනු ඉපදුන දවසෙ ඉදන් ඉන්නෙ US වල කියලා.... ජෙයිනුව ජේහොප් එක්ක ආයෙ කොරියාවට එක්කන් යන්න ඕන කරන හැම දෙයක්ම ජේහොප් ලෑස්ති කරා... ජෙයිනුට මේ වෙනකොට කොරියාවෙ කවුරුත් ම නෑ.. දැන් US වලත් නෑ.. ඒනිසා ජේහොප් කල්පනා කරේ ජේහොප් ගෙ පවුලෙම කෙනෙක් විදිහට ජෙයිනුව තියාගන... ජේ හොප් ඔලුවත් කස කස ජෙයිනුගෙ පාස්පෝට්ස් ටිකට්ස් ඔක්කොම අරගෙන උදේම ආවෙ ජෙයිනුව බලන්න...
"ජේනී....."
කෙල්ල තමන්ට හුරු පුරුදු නමක් උනත් ජේහොප් ගේ කටහඩට ආයෙ ගැස්සිලා හැරිලා බැලුවෙ කෙල්ල බර කල්පනාවක හිටිය නිසා... ජේහොප් ලෑස්ති වෙලා ඉන්න කෙල්ල ලගට ඇවිත් නහය ටිකක් මිරිකුවා...
"මොනාද හිතන්නේ..."
"ම්ම්.. මොකුත් නෑ.. හ්යුන්.. ඉස්සෙල්ලා මට මොකක් කියලද කතා කරේ..."
"ජේනී.... ඒක හොදද... කියුට් ඒක.... "
"හුම්.. ඒක ලස්සනයි.. හ්යුන්.. ඔයාට මාව කරදරයක් නෙ.."
"ආයෙ එහෙම ඔය කතාව කිව්වොත් ටොක්කක් අනිනවා හයියෙන් හරිද... ඔයාගෙ ඔන්නි ඇති ඔයා එනකන් බලාගෙන..."
"ඔන්නි....."
"ඔව්.. මට නූනා කෙනෙක් ඉන්නවා.. ඉතින් එයා දැන් ඔයාගෙත් ඔන්නි තමා.. එයා නම් ඔයාව බලන්න ගොඩක් හදිස්සියෙන් ඉන්නෙ..."
"එහෙමද...."
"හුම්.. කෝ ඔක්කොම ලෑස්ති නේද.. අපි තව ටිකකින් එයාපෝට් එකෙ ඉන්න ඕනෙ.. ඒනිසා යමු..."
එයාපෝට් එකට යන්න ඕනෙ නිසා ජේහොප් කෙල්ලගෙ ලෑස්ති කරලා තිබ්බ ලගේජ් ටික එලියට දුන්නෙ කාර් එකෙන් දාන්න... කෙල්ලට ටිකක් වෙලා ගේ ඇතුලෙ ඉන්න දීලා ජේහොප් කෙල්ලව එක්කන් එනකොට ජෙයිනු මූණත් එල්ලගෙන ආවෙ...
හැමෝම එයාපෝට් එකට පිටත් වෙලා ටික වෙලාවක් උනත් ජෙයිනු එක වචනයක් කතා කරේ නෑ.. ශටර් එකෙන් බිල්ඩින්ස් දිහා බලන් එන කෙල්ලගෙ අතකින් තදින් අල්ලගත්තෙ මින් පස්සෙ ජෙයිනුගෙ හැමදේකටම ලගින් ඉන්නවා කියලා කියන්න වගේ... නිශ්ශබ්ද පැය එකහමාරකින් විතර පස්සෙ එයාපෝට් එකට ආවා... ලගේජ් ඔක්කොම ගාඩ්ස්ලට දීලා යවලා.. ජෙයිනුගෙ පාස්පොට් එකයි ටිකට් එකයි ජෙයිනු අතට දුන්නා...
VOUS LISEZ
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
Fanfiction"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3