ජේනු ගිහින් නැවතුන පපු තුරුලට එකපාරටම හිර උනෙ ඒකෙනා ජේනුව එකපාරටම තදින් හග් කරගත්තු නිසා. ඒත් ඉක්මනට පපුවට ගහලා ජේනු එතනින් අයින් වෙන්න ලොකු වෙහෙසක් දරන්න ගත්තා...
"අතාරින්න මාව.... යාහ්හ්... යන්න දීපම් මට....."
"ජේනී ජේනී... බබා.. මොකද මේ.. ශ්ශ්ශ්ශ්.. කූල් කූල් මේ මම... ජිමින්....."
"ම්ම්හ්..... ජිමින්....."
ජේනු ව ඇදිලා ආයෙ පස්සට ඇවිත් එයා නැවතුණු පපු තුරුල ජිමින්ගෙ කියලා ජේනුට දැනුනෙ නැ. ඒත් ජිමින්ගෙ කටහඩ ඇහුනම ඉක්මනට මූණ දිහා බැලුවම දැක්කෙ ඒ ඉන්නෙ ජිමින් කියලා..
"ඔයා.. ඔයා කොහොමද ආවෙ මෙතන්ට..."
"මාව දාලා දුවන් ආවෙ ඔයානෙ... මොකද මට ගැහුවෙ ආහ්හ්... රිදෙනවා..."
පපුවත් අල්ලන් ජිමින් බොරු වේදනාවක් මූණෙ රදවගෙන හිනාවුනත් ජේනු ඉන්නෙ ලොකු බයකින්.. සැරින් සැරෙ වටපිටත් ජිමින් දිහත් මාරුවෙන් මාරුවට බලන්න ගත්තෙ දැන් ටිකකට කලින් එයා ඉස්සරහට ආපු කෙනා මෙච්චර ඉක්මනට කොහෙටද ගියෙ කියලා දැක්කෙ නැති නිසා.. ජේනුගෙ කම්මුල් දෙකෙන් අල්ලම් කෙල්ලගෙ ඇස් දිහා බලන් ඉදලා හිනා වෙලා සූටි සොෆ්ට් කිස් එකක් කෙල්ලගෙ තොල් වල තිබ්බා.
කෙල්ලගෙන් ඈත් උන ජිමින් එක දනක් බිම නවාගෙන කෙල්ල ඉදගෙන ජිමින් අතේ තිබ්බ එයාගෙ අප්පා දුන්න ring එක ඉස්සරහට දික් කරා... පුදුමෙන් හා බයෙන් බලන් ඉන්න ජේනිගෙ අතක් අරගෙන කෙල්ලගෙ ඇගිල්ලකට ring එක දාලා සූටි කිස් එකක් දීලා අතින් අල්ලගෙන එහෙමම හිටියා...
"මොකද ඔහොම බලන්නෙ... මං ඔයාව දැන් නෙවෙ marry කරෙ.. දැන් මාසෙකට කලින්.. ම්ම්.. Happy 1st Month wedding annuasary my lovely & Cute wife ජේනී....."
"අහ් මොකක්.. ඇත්තටම..? ඔයාට මේවත් මතකද..."
"ම්ම්... ආහ්.. ඇත්තටම මේකයි.. අදට නෙවෙ මාසයක් වෙන්නෙ.. හරිනම් හෙටට... ඔයාව යාළු කරගන්න හේතුවක් නැතුව ඉද්දි තමා මේක මතක් උනේ... "
"අහ්හ්.. යනවා යන්න මෝඩයා... මාව විහිලුවකට ගත්තද..."
"අහ්හ්.. ආහ්හ්.. මගෙ කොණ්ඩෙ.. ආයිශ්.. අදින්න එපා රිදෙනවා..."
YOU ARE READING
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
Fanfiction"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3