Time pass.....
ඊයේ ජිමින්ගෙ birthday party එක ඉවර වෙලා නිදාගන්න එනකොට ගොඩක් රෑ වෙලා... ජීවූ නූනයි ඔම්මලයි හැමෝම ආයෙම යන දිහා දුකින් බලන් ඉන්න ජේනුට උණුසුම් back hug එකක් ජිමින් දුන්නා.... ජේනුගෙ ඉනවටේ එතිලා තිබුණු ජිමින්ගෙ අත අල්ලගෙන ඉදලා ජිමින්ගෙ පැත්තට හැරිලා බෙල්ලවටෙන් අත දාලා එල්ලුනාම ජිමින් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදියේ...
"ජේනී........."
"ම්ම්..........."
"මොකද......"
"ඇයි....."
"අහ්... නෑනෑ... සීතලයි.. කෝ එන්නකො අපි doors වහමු... දැන් ආයේ කවුරුත් එන්නෑනෙ.. නිදාගන්න යමු ...."
ජේනුගෙ දිලිසෙන ඇස් දිහා බලන් ඉද්දි ඒ ඇස් වලින් ජිමින්ට ගොඩක් දේවල් කිව්වා... ජේනු තාම ජිමින්ට ආදරේ කියලා කිව්වා විතරයි.... ජේනුගෙ ලස්සන ඇස් දිහා බලන් ටිකක් වෙලා ඉදලා ජේනුගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ගියේ doors වහලා කර්ට්න්ස් වහන්න.....
"සීතලයි ජේනී.. ඔයාට මොනාහරි බොන්නෝනද.."
"බොන්න....?"
"අහ්.. නෑනෑ.. මං ඇහුවෙ.. Coffee මොනාහරි වගෙ දෙයක්..."
"ආ.. මේ... ම්ම්.. ඕනේ.. ඒත් කවුද හදන්නෙ..."
ජේනී සෝෆා එක උඩ කකුල් දෙක තියාන කකුල් දෙක උඩ නිකටත් තියන් හුරතල් විදිහට හිනාවෙලා ජිමින් දිහා බැලුවම ජිමින්ට හයියෙන් හිනා ගියා... ජේනිට හිනාවෙනවා දැක්ක ජිමින්ට ඔරවන්න මූණ හදනකොටම ජිමින් නැගිටලා ඇවිත් කෙල්ලගෙ කම්මුල් දෙක මිරිකලා ලගට ආවා...
"මං කිව්වෙ නෑනේ ඔයාට හදන්න කියලා...??.. ම්ම්.. යන්.. අද මං coffee හදලා දෙන්නම්.."
"ඇත්තටම..."
"ඔව්.. යන්ද.. ආර්‍යාවනී......."
"ඉහි.... හිනාගස්සන්නෙපා... ආහ්හ්.... ජිමින්....."
හිනාවෙවි ඉදපු කෙල්ලව හරහට සෝෆා එකෙ ඉද්දිම උස්සගත්තම කෙල්ලට කෑගස්සුනා. ජිමින්ගෙ බෙල්ල වටේ අත යවලා තදින් අල්ලගත්තා... ජිමින් හිනාවෙලා ජේනිව උස්සන් ඇවිත් ටේබල් එක උඩින් වාඩි කරා...
ESTÁS LEYENDO
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
Fanfic"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3