Lost Job

1K 158 24
                                    

අදත් උදේම සූරියකාන්ත මලක් වගේ ඇහැරුනු ජිමින් එහෙම්ම ගියේ එයාගෙ දවසේ අමාරුම රාජකාරිය වෙන එයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ව ඇහැරවන රාජකාරිය කරන්නයි....

🐥 ටේ මැණිකේ ඇහැරෙන්නකො....

🐯 හ්ම්ම්....ම්ම්හ්.....

🐥 ඇහැරෙනෝකො බම්....

🐯 හ්ම්ම්....

🐥 (හොඳින් හුස්මක් පහත දාලා) ටේ අන්තිම වතාවට හොඳින් කියන්නේ...ඇහැරෙනවද නැද්ද

🐯 ම්හුක්....

🐥 හරි එච්චරයි එහෙනම්.....

එහෙම කියපු ජිමින් වෙනද කරන වැඩේම කරන්න හැදුවෙ නැත්තන් මේ කල්පෙට ටේව ඇහැරවන්න බැරි නිසා....

එහෙම්ම කුස්සියට ගියපු ජිමින් ටිකක් ලොකු ජොග්ගුවකට පුරව ගත්තෙ වතුර ටිකක්....
ඒකත් අරන් ආයි රූම් එකට ආපු ජිමින්,ආයි එකම පාරක් ටේට කතා කලේ ඇහැරෙයිද බලන්න....

🐥 ඇහැරෙනෝකො ඕයි

🐯 ම්ම්හ්-

හුෂ්ෂ්🌊

🐯ඈහ්හ්හ්-

හුෂ්ෂ්🌊

ඉතුරු වතුර ටිකත් එහෙම්ම ටේගෙ ඔලුවට හලපු ජිමින්,

🐥 ගුඩ් මෝනිම් සුදූ....දැන් ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න

එහෙම කියල ඉක්මනට එතනින් මාරු උනේ ටේගෙන් ගුටියක් හම්බෙන්න කලිනුයි

🐯 ආයිශ් මේ තාරා පැටියා අදත් කෑව මයෙ නින්ද....

කොහොමින් කොහොම හරි ඇඟේ හිරි ඇරලා තෙමුනු ශර්ට් එක ගලෝල අතට අරගෙන ඇඳෙන් බැහැල ටවල් එකත් කරේ දාන් වොශ් රූම් එකට රිංගගත්තෙ ඉක්මනට ලෑස්ති වෙන්න.....මොකද එහෙම නැත්තන් ආයි ජිමින්ගෙ වතුර ජොග්ගු පහරකට ලක් වෙන්න සිද්ද වෙන්න බැරි කමක් නැති නිසා....

ටේ වොශ් දාල ලෑස්ති වෙලා එනකොට ජිමින් කුස්සියට වෙලා බිත්තර දෙකක් බදින ගමන් හිටියෙ....ඊට එහා පැත්තෙ ප්ලේට් එහෙක ටෝස්ට් කරපු පාන් පෙති කිහිපෙකුත් තිබ්බෙ අදත් ජිමින් හදන්නෙ එයාගෙ ස්පෙශල් එග් සැන්ඩ්විච් එක කියල ටේට තේරුම් කරවලා.....ස්පෙශල් උනාට මොකෝ ටේට ජිමින්ගෙ මේ එග් සැන්ඩ්විච් එක  හැමදාම කාල අන්තෙටම එපා වෙලා උනත් කියන්න ගියේ නැත්තෙ පාන් පෙත්තකින්ම ගුටි කන්න වෙයි කියල බයට....ජිමින්ට හොඳට කෑම හදන්න පුලුවන් උනාට එයා හැමදාම උදේට කලබලේට හදන්නෙ ඔය සැන්ඩ්විච් එකම තමා...

𝗛𝗶𝘀 𝗕𝗮𝗯𝘆𝘀𝗶𝘁𝘁𝗲𝗿 | 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊Where stories live. Discover now