Chap. 01

478 60 118
                                    

🌻🌿 P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ O ꜰ L ᴏ ᴠ ᴇ 🌻🌿

Eᑭ01

" අනේ මොකක්ද ග'ගා..... යමුකෝ අනේ... ඔයා ආවොත් විතරක් ග්‍රැනී මට යන්න දෙන්නම් කිව්වා....අනේ ග'ගා යමුකෝ..." චාන් සිටියේ තම නැගණියගේ කන් කෙඳිරීම නොඇසුණු ලෙසින් පිළිතුරු පත්‍ර කිහිපයක් ළකුණු කරමිනි. ඒ බව දුටු ජියා ලී සොහොයුරාගෙ කමිස අතෙහි එල්ලෙමින් දණ ගසාගත්තාය. එවර නම් චාන්ගේ අවධානය ජියා ලී වෙත යොමු විය.

" අනේ ග'ගා ඔයා හොඳයිනේ... මගේ සුදු ග'ගානේහ්... එක්සෑම් එකේ මගේ මාර්ක්ස්නුත් හොඳයිනේ ග'ගා..... ප්ලීස් ග'ගා... " නැගණියගේ ඉල්ලීම අසාධාරණ නොවුණු නිසාත් , තමාවද රැගෙන යන්නේ නම් එහි වරදක් නොවන නිසාත් චාන් තමාගෙ කාර්‍යය පසුවට කල් තැබුවේය.

" කීයටද යන්න ඕනි ? "

" ඔය ඇත්තටමද ග'ගා ? අහ් හරි හරි ඉතින් ඔරවන්න ඕන නෑහ් , තුනට රේස් එක පටන් ගන්නෙ , අපි දෙකහමාරට මෙහෙන් යමු " ජියා ලී එසේ කියමින් චාන්ගේ ගෙලේ එල්ලී කම්මුලකට හාදුවක් තැබුවාය. එය ගණන් නොගන්නා ලෙස සිටියද තම සහෝදරයා තමාට කෙතරම් ආදරය කරන්නේද යන්න ජියා ලී හොඳින්ම දැන සිටියාය.

සතුටින් නටමින් කාමරයට දිවයන ජියා ලී දෙස චාන් බලා සිටියේ සෙනෙහස පිරුණු දෑස් වලින්.
.
.
.
.
.
ශියෝ චාන් තිස් එක් හැවිරිදි චීනයේ ප්‍රසිද්ධම විශ්ව විද්‍යාලයක රසායන විද්‍යා කතිකාචාර්‍ය්වරයෙක්. තරමක් සීතල ගතිගුණ හිමි ඔහු ශිෂ්‍යයන් ඉදිරියේදි නම් කොහොමත් ඉතාමත් දැඩි , තද ගතිගුණ හිමි ගුරුවරයෙක් වුණා. කෙසේ නමුත් මව හා පියා නොමැති සිය විසි හැවිරිදි නැගණියට නම් ඔහු මහත් සෙනෙහසක් පෑවේ ඒ හිස්තැන ඇයට නොදැනෙන්නට තරම්. දැනුත් මේ ඔහු ඈ සමඟ යන්නේ පොරොන්දුවක් ඉෂ්ට කරන්න , ඇගේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල සිතුවාටත් වඩා ඉහලින් තිබීම නිසා.

" ග'ගා ඇත්තටම ඔයා මෝටර් රේසින්ග් ගැන උනන්දු නැත්ද ? "

" දැන් ඔයා උනන්දුද ? "

" නැත්නම්..."

" තනිකර බොරුවක්නේ... ඔයා ඔය උනන්දු අර ස්පෝර්ට්ස් ක්ලබ් එකේ මෝටර් රේසින්ග් ටීම් එකේ කොල්ලො ගැනනේ... "

⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯                                    ᴄᴏᴍᴘʟᴇᴛᴇWhere stories live. Discover now