🌻🌿 P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ O ꜰ L ᴏ ᴠ ᴇ 🌻🌿
Eᑭ08
චාන්ගේ වචන වලට යීබෝ විතරක් නෙවෙයි යැන්ග්හාඕ පවා ගැස්සුණා.
උවමනාවෙන් චාන්ගෙ ඇස් දිහා බලපු යැන්ග්ගේ ඇස් වලට පෙණුනේ එදා උපැස් යුවල අස්සෙන් වුනත් දිළිසුණු ඇස් අද ලා රතු පාට වෙලා විඩාවට , වේදනාවට පත් වෙලා කියලා. තමන්ගේ සහෝදරයාගෙ හිතුවක්කාරකම් හින්දා චාන් ඉන්නේ වේදනාවෙන් කියලා යැන්ග්හාඕට තේරුණා."චාන්..."
"කියන්න ග'ගා..."
"ඒත් දිදී කිව්වෙ ඔයාගෙ ගෙදර ඉන්න ඕන කියලනේ චාන්.."
"ආහ් එහෙමද..? එහෙනම් ග්රැනීට කියන්න වෙයි..." චාන් කිව්වේ දුරකතනය අතට ගන්න ගමන්.
"මං ග්රැනීට කිව්වා ග'ගා..." ජියා ලී එහෙම කියද්දී චාන් ඇගේ දිහා බලපු බැල්මට ජියා ලී ට ඉබේටම බිම බැලුණා.
"යැන්ග් ග'ගා ඔයා යමින් ගමන් යීබෝව එහෙට දාගෙන යන්න.." චාන් කීවේ මෙතෙක් නොවූ කලබලයක් මවාගෙන අත් ඔරලෝසුව දෙස බලමින් ය.
"ඇයි චාන් කොහේද යන්නේ?"
"සිද්දිය දැනගත්තු ගමන් පිස්සෙක් වගේ එලියට බැස්සෙ ග'ගා.. මට මතක විදියට ඔෆිස් එක ලොක් කලෙත් නෑ. මට එච්චර වගකීම් විරහිත වෙන්න බෑනෙ ග'ගා , අන්තිමේට මට මගේ රස්සාවත් නැතුව යයි... අනික මං මෙතනට අදාළත් නෑ , වැදගත් වෙන්නෙත් නෑනෙ ග'ගා..."
චාන් වේදනාත්මක හිනාවකින් කියද්දී යැන්ග්හාඕගෙ මූණ වෙනස් වුණේ සැණෙකින්.හිතුවටත් වඩා චාන් හිත රිද්දගෙන කියලා තේරෙද්දි එයා ඉක්මනින්ම චාන්ගෙ අතකින් අල්ල ගත්තා."චාන්... මෙයාලා මේ බයවෙලා ඔයා බනියි කියලා... දැනුත් මේ වෙව්ල වෙව්ල හිටියේ"
"හ්ම්ම්... මං මේ සිද්දිය දැනගත්තම කොච්චර බය වෙයිද කියල එක්කෙනෙක්ටවත් මතක් වෙලා නෑ වගේ නේද ග'ගා... පිස්සෙක් වගේ කාර් එක අරං ආවත් ඉන්න හොස්පිටල් එකවත් දන්නෙ නෑ කියලා මතක් වුණාම මට දැනුන අසරණකම... මං කෝල් පිට කෝල් කරද්දි එක කෝල් එකක්වත් ආන්ස්වර් නොකරම මං කොච්චර බය වෙයිද කියලවත් මෙයාලට මතක් වෙලා නැහැනේ ග'ගා... ඉතින් ඇයි තවත් මං මෙතන ඉන්න
ඕන...? " චාන් එහෙම අහද්දී යැන්ග් ළඟත් පිළිතුරක් තිබුණේ නැති තැන චාන් දොර දිහාවට හැරුණේ යන්න හිතාගෙන.
YOU ARE READING
⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯ ᴄᴏᴍᴘʟᴇᴛᴇ
Fanfiction✿♡ Love is a painting that cannot be painted on paper ..... ♡✿ "ඇත්තටම මං එයාට ආදරෙයිද...? ඒ මගේ ශිෂ්යයෙක් , මං එයාගෙ ගුරුවරයෙක්.... මේක සදාචාර සම්පන්න නැහැ... ඒත් ආදරේ ඇතිවෙන්නෙ නීතිරීති , සම්ප්රදායන්ට කොටු වෙලා නෙවෙයිනේ... ඒත්... ඒත්... තියෙන...