🌻🌿 P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ O ꜰ L ᴏ ᴠ ᴇ 🌻🌿
Eᑭ04
" ග'ගා.... ග'ගා.... යීබෝ ග'ගා දින්නා.... එයා තමා පළවෙනියා.... "
දුරකතනයෙන් ජියා ලී ගෙ වදන් වලට චාන්ගෙ මුවේ ඇඳුණේ හිනාවක්. කාලාන්තරේකට කලින් චාන්ම හංගලා දාපු හිනාවක්, නෑ හේතුවක් නැති හින්දා හැංගිලා ගිය හිනාවක්.ඒ හිනාවෙන්ම චාන් ආපන ශාලාවේ ගුරුවරුන්ට වෙන් වුණු කොටසෙන් එළියට ආවෙ කාර්‍යාලයට යන්න හිතාගෙන. මොකද ඒ වෙද්දිත් චාන්ගෙ ඉස්සරහ හිටිය ගුරුවරු කිහිප දෙනෙක්ම චාන් දිහා බලන් හිටියේ කන්න වගේ. ඔව් ඉතින් , මෙච්චර කල් චාන්ට මෙහෙම හිනාවෙන්න පුලුවන් කියලා ඒ කවුරුත් දැනගෙන හිටියේ නැහැනේ.
.
.
.
.
.
වෙනත් විශ්ව විද්‍යාලයක පැවැත්වුනු තරඟය බලන්න ලොකු ඕනකමක් තිබුණත් මෙච්චර කලක් ඩාන්සින් ගැන මෙලෝ හසරක උනන්දුවක් තිබ්බෙ නැති තමන්ට ඒකට පොඩි ඉඩක්වත් නෑ කියලා
චාන්ට තේරුණා.ඉතින් චාන් යීබෝට සුබ පතලා , එයා වෙනුවට නංගිව යැව්වා.
කොහොමත් යීබෝ ඒකල අංශයෙන් නම් අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියන එක චාන් දැනගෙන හිටියා. 'එතනට එන අනෙක් ශිෂ්‍යයොත් ලේසිපහසු තරඟකරුවො නොවුණත් යීබෝ කියන්නේ නටන්නම ඉපදුණු කොල්ලෙක්නේ ' චාන් හිතුවේ එහෙමයි.චාන් හිතපු විදියටම ඒකල අංශයේ ජයග්‍රහණය යීබෝට ලැබෙද්දී කණ්ඩායම් අංශයේ ජයග්‍රහණය ලැබුණෙත් එයාලටමයි. නර්තන කණ්ඩායමේ යීබෝ නොහිටියත් , ඒ කණ්ඩායමේ පුහුණුවීම් කිරීම් වලට යීබෝ සෑහෙන්න මහන්සි වුණා. කොහොමත් යීබෝ කියන්නේ තමන් කැමති දේ වෙනුවෙන් උපරිමේටම කැපවීමෙන් වැඩ කරන කෙනෙක් කියලා චාන් මේ සති ගාණට තේරුම් ගත්තා. මෙහෙන් නර්තන තරඟෙට පුහුණුවීම් කරන ගමන් වසර අවසානෙ එන ආසියා මාර්ග ධාවන ශූරතාවය ( Asia Road Racing Championship ) වෙනුවෙනුත් පුහුණුවීම් කරන්නත් යීබෝ වෙලාව හොයාගත්තා.
කොච්චර නහරකාරයෙක් වුනත් 'සීනියර් වන්ග්' ව විශ්ව විද්‍යාලයෙන් අයින් නොකරන්න හේතුව ඒ කාලෙ තේරුණේ නැති වුණත් චාන්ට මේ වෙද්දි නම් තේරිලයි තිබුණේ.කවුද දෙයියනේහ් මේ වගේ මැණිකකට පයින් ගහන්නේ.....
ඒ වගේම චාන්ට ඇත්තටම පුදුම හිතුණා මේ තරම් කල් ගිහිල්ලත් එයා එක සැරයක්වත් යීබෝව දැකලා නොතිබුණු එක ගැන. ඊටත් එයා සීනියර් වන්ග් ගැන ගොඩක් කටකතා අහල තියෙද්දී පවා.
එක්කො මේ කොල්ලා මාව දැක්කම ගොලු වෙනවා වගේ ඉස්සර මාව මඟෑරියද දන්නෙ නෑ.... චාන්ට එහෙමත් නොහිතුණාම නෙවෙයි. ඒත් ඒක එහෙම වෙන්නෙ කොහොමද.... ඇයි යීබෝ තමන්ව මඟාරින්නේ.... ???
YOU ARE READING
⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯ ᴄᴏᴍᴘʟᴇᴛᴇ
Fanfiction✿♡ Love is a painting that cannot be painted on paper ..... ♡✿ "ඇත්තටම මං එයාට ආදරෙයිද...? ඒ මගේ ශිෂ්‍යයෙක් , මං එයාගෙ ගුරුවරයෙක්.... මේක සදාචාර සම්පන්න නැහැ... ඒත් ආදරේ ඇතිවෙන්නෙ නීතිරීති , සම්ප්‍රදායන්ට කොටු වෙලා නෙවෙයිනේ... ඒත්... ඒත්... තියෙන...