Chap.09

80 8 2
                                    

🌻🌿 P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ O ꜰ L ᴏ ᴠ ᴇ 🌻🌿

Eᑭ09

හිතට සැහැල්ලුවක් නොවූවත් දැන් දින කිහිපයක සිටම පැය දෙකතුනකට සීමා වුණු නින්ද හින්දා යීබෝ හිතුවට වඩා ඉක්මනින් නින්ද ගියා. පැය පහක හයක නින්දකින් පස්සෙ නැඟිටිද්දි තමන්ගෙ මනසට වගේම ඇඟටත් සහනයක් දැනුණ නිසා යීබෝ ඇඳෙන් නැඟිටින්න ගියේ රෑට කන්න මොනවහරි ඇණවුම් කරන්න හිතාගෙන. ඒත් ඇඳට ඉස්සරහ තියෙන සුවපහසු අසුනේ ඉඳන් තමන්ගේ දිහා එක එල්ලයේම බලා ඉන්න චාන්ගෙ ඇස් දැක්කම යීබෝව ආයෙම ඇඳට තල්ලු වුණා.

" ච්..චාන්ගාහ්..." යීබෝ අවිශ්වාසයෙන් වගේ කෙඳිරුවේ චාන් මේ වෙලාවෙ තමන්ගේ නිවසේ තමන්ගේ කාමරේ ඉන්නෙ කොහොමද කියලා කල්පනා කරමින්.
ඒ කල්පනාව තේරුණා වගේ චාන් කට කොණකින් හිනාවක් දාන ගමන් සාක්කුවකින් ගත්තේ යතුරක්. ඒ හදිසියකදි උවමනා වුනොත් කියලා ශුවාන් ළඟ තියපු යතුර කියලා යීබෝට අඳුරගන්න බැරිකමක් වුණේ නෑ.

"ඉතින් චූටි මහත්තයා පහුගිය දවස් වලටත් හරියන්නම නිදාගත්තා නේද..?" නිවුණු කටහඬින් එහෙම අහපු චාන් යතුර ළඟම තිබුණු ටීපෝ එකට අතාරින ගමන් ඇඳ ළඟට ආවා.

වීරයා වගේ චාන්ගෙ ගෙදරින් හිතුවක්කාරකමට ආවට දැන් චාන්ගෙ තියුණු ඇස් ඉස්සරහ යීබෝට දැණුනේ නොසන්සුන් බවක්. කේන්ති ගියාම චාන් සෑහෙන දරුණු බව යීබෝ කොහොමත් දන්නවා. ඉතින් කොයිකටත් සූදානමින් යීබෝ ඇඳෙන් නැඟිට්ටත් චාන් ආපහු එයාව ඇඳටම තල්ලු කරලා දැම්මා.

" චාන්ගා ඔයාහ් මොනව....ද කරන්න හදන්නේ ...?" ඇඳට වැටුණු සැණින් නැඟිටින්න හැදුවත් ඒකට ඉඩක් නොතියා චාන් ආයෙමත් යීබෝව ඇඳටම තල්ලු කලා.

"කාගෙන් අහලද ගෙදරින් ආවේ..?" චාන් එහෙම ඇහුවේ යීබෝගේ මූණ ළඟටම නැවිලා. ඒ ඇස්වල තිබුණු කේන්තිය හින්දමද මන්දා යීබෝ වචනයක්වත් පිට කරගන්න බැරි තරමට හිර වෙලා. "යීබෝ..
මං දැන් ඇහුවේ ප්‍රශ්නයක්... කාගෙන් අහලද ගෙදරින් ආවේ..? කාට කියලද එහෙන් ආවේ ආහ්..?"

" කාගෙන්වත් ඇහුවෙත් නෑ.. කාටවත් කිව්වෙත් නෑ..." නිහඬ බව අස්සෙ සැඟවිලා තියෙන කෝපය ගැන දන්නවා වුනත් යීබෝගෙ හිතුවක්කාරකම ඒ කේන්තියට තියෙන බයට වඩා වැඩි වුණා. ඒ උත්තර වල තිබුණු හිතුවක්කාරකම හින්දටත් වඩා චාන්ගෙ කේන්තිය වැඩි කළේ යීබෝ තවමත් එයා කරන දේවල් වල බරපතල බව තේරුම් නොගන්න එක.
ඒ කේන්තිය එක්කම චාන් යීබෝගෙ නිකටෙන් අල්ලලා තමන්ගෙ පැත්තට එයාව හරවගෙන කට දෙපැත්තෙන් තද කරලා ඇල්ලුවේ රිදෙන්නමයි.

⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯                                    ᴄᴏᴍᴘʟᴇᴛᴇWhere stories live. Discover now